මුළු රටක්ම කතාකරපු, අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු මේ ප්‍රමිතියෙන් බාල ඉමියුනොග්ලොබියුලින් බෙහෙත් වංචාව ගැන උසාවියේ යන නඩුව දැන් නඩු විභාගයක් නෙවෙයි, හරියට නාලිකාවල යන මෙගා ටෙලිනාට්‍යයක් වගේ වෙලා. හැබැයි මේ නාට්‍යයේ ප්‍රධාන නිළිය වෙලා තියෙන්නේ විත්තිකරුවෝ නෙවෙයි, පැමිණිල්ල මෙහෙයවන නීතිඥ ලක්මිණී ගිරිහාගම!

පසුගිය සතියේ මහාධිකරණයේ නඩුව පටන් ගත්තු වෙලාවේ ඉඳන්ම උසාවි කාමරේ ඇතුළේ ඇහුණේ නීති තර්ක නෙවෙයි, ලක්මිණීගේ කෑගැසීම් විතරයි. හැබැයි මේ හැසිරීම පිටිපස්සේ තියෙන ඇතුළාන්ත කතාව දැන් නීති ක්ෂේත්‍රයේම ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. ලක්මිණී මේ නඩුව තමන්ට ඕන විදියට නමන්න, අඹරන්න මේ හැටි දතකන්නේ සහ වලිකන්නේ ඇයි කියලා උසාවි සංකීර්ණයේම නීතිඥ පරපුරේ අය දැන් රහසින් නෙවෙයි, එළිපිටම උත්තර දෙන්න පටන් අරන්. කට්ටිය කියන්නේ ලක්මිණී මේ සේරම නාට්‍ය රඟපාන්නේ තමන්ගේ ඊළඟ “ලොකු උසස්වීම” (Promotion එක) කෙසේ හෝ සාක්කුවේ දාගන්න බලාගෙනයි කියලා!

තීන්දුව කලින් ලියාගෙන නඩු අඹරන සෙල්ලම

ඕනෑම නඩුවකදී සාක්ෂි විභාග කරලා නීත්‍යානුකූලවයි තීන්දුවක් ගන්නේ. හැබැයි මේ නඩුවේදී පැමිණිල්ල වැඩ කරන්නේ “තීන්දුව කලින්ම ලියාගෙන”, ඒකට හරියන්න සාක්ෂි බලහත්කාරයෙන් ගළපන්න හදන විදියටයි.

නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් වුණු SPC එකේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (මුදල්) ගෙන් විත්ති පාර්ශවයේ නීතිඥයෝ හරස් ප්‍රශ්න අහද්දී ලක්මිණීගේ පළමු පටලැවිල්ල අතේ මාට්ටු වුණා. මුළු බෝඩ් එකේම අනුමැතිය ඇතුව එන්න ඕන ලේඛනවල තියෙන්නේ සාක්ෂිකාරයාගේ තනි අත්සන විතරයි. මිනිහා උත්තර දෙද්දීම තේරුණා මේවා පස්සේ කාලෙක වංචනිකව හදපු (Forge කරපු) ඒව කියලා. බාල බෙහෙත් විදලා අහිංසක මිනිස්සු තුන්දෙනෙක් මැරුණු එක ගැන ඇත්ත හොයනවා වෙනුවට, තමන්ගේ ප්‍රොමෝෂන් එකට ලකුණු දාගන්න නඩුව වෙන පැත්තකට කරකවන්න හදන හැටි මෙතනදීම ඔප්පු වුණා.

නඩු භාණ්ඩ පටලවලා කරපු හොර වැඩේ

නඩුවේ හොඳම හරිය සිද්ධ වුණේ රජයේ රස පරීක්ෂකවරයා ඉදිරියේ වීඩියෝ දර්ශන පරීක්ෂා කරපු වෙලාවේ. චූදිතයෝ අත්අඩංගුවට ගන්න කලින් නිවෙස්වලින් ගත්තු පෙන්ඩ්‍රයිව් එකේ වීඩියෝ එඩිට් කරලා නැහැ (Not Edited) කියලා රස පරීක්ෂක කිව්වා. හැබැයි මේ ලක්මිණීලා පස්සේ කාලෙක හොයාගත්තා කියන මීටින්වල වීඩියෝ දර්ශන සේරම කපලා, කොටලා හදපු ව්‍යාජ (Edited) ඒවා කියලා රස පරීක්ෂක වාර්තාවෙන්ම සනාථ වුණා.

එඩිට් කරපු ව්‍යාජ වීඩියෝ උසාවිය පිළිගන්නේ නැති හින්දා, ලක්මිණී එතනදී කළේ පට්ට හොර වැඩක්! නඩු භාණ්ඩ අංක දෙක හිතාමතාම පටලවලා, මාරු කරලා උසාවිය නොමඟ යවන්න හැදුවා. කොළ වහලා ගහලා, සාක්ෂි මාරු කරලා, තමන්ට ඕන තීන්දුව ගන්න වලිකාපු මේ සෙල්ලම උසාවියේ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ට වහාම අහු වුණා.

යටිගිරියෙන් කෑගැසීම සහ විනිසුරු දුන්නු චේම්බර් අවවාදය

විත්ති පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත ලියනගේ මේ සාක්ෂි පටලැවිල්ල සහ උසාවිය නොමඟ යැවීමේ කුමන්ත්‍රණය කෙලින්ම මතු කරලා පෙන්වද්දී, ලක්මිණීට මල පැනලා තමන්ගේ වෘත්තීය ගරුත්වය සම්පූර්ණයෙන්ම අමතක කරලා දැම්මා. වෙන කාටවත් කතා කරන්න ඉඩ නොදී, යටිගිරියෙන් කෑගසමින් මුළු උසාවි කාමරයම දෙවනත් කළා. “අපිත් ඒජී ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරලා තියෙනවා, නඩු කරන හැටි දන්නේ අපි” කියලා මාර ලයින් එකක් තමයි දැම්මේ.

මේ වෘත්තීය නොවන බාල හැසිරීම් නිසා නඩුව කරගන්න බැරි තැන, මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ වහාම මැදිහත් වෙලා, “හරි හරි… දැන් නතර කරගන්න, නතර කරගන්න මේක” කියලා ලක්මිණීව සන්සුන් කරන්න හැදුවා. ඒත් බැරිම තැන නඩුව විනාඩි 10කට නතර කරලා සේරම නීතිඥයන්ව තමන්ගේ නිල කාමරයට (Chamber) කැඳෙව්වා. චේම්බර් එක ඇතුළේදී විනිසුරුවරයා ලක්මිණීට සිරාම තියුණු අවවාදයක් දුන්නා කියලයි ආරංචිය. උසාවියේ කෑගහන එක නතර කරලා, තමන් කියන වචන ගැන මීට වඩා පරිස්සම් වෙලා, වෘත්තීය මට්ටමකින් නඩුව කරන්න කියලා විනිසුරුවරයා එතනදී තදින්ම කියා සිටියා.

රස පරීක්ෂකයි CID එකයි හොල්මන් වෙලා

ලක්මිණී තමන්ගේ පෞද්ගලික ප්‍රොමෝෂන් න්‍යාය පත්‍රය වෙනුවෙන් සාක්ෂිකරුවන්ව සහ විමර්ශන නිලධාරීන්ව තමන්ට ඕන විදියට මෙහෙයවන්න (Coach කරන්න) යාම නිසා දැන් රස පරීක්ෂකවරයා වගේම CID නිලධාරීනුත් ඉන්නේ මල පැනලා.

පැය දෙකකින් සාක්ෂි දීලා ගෙදර යන්න ආපු තමන්ට දින තුනක් තිස්සේ උසාවි රීංගන්න වෙලා තියෙන්නේ පැමිණිල්ලේ තියෙන පටලැවිලි හින්දා කියලා ලැබිච්ච විවේකයේදී එළියට ඇවිත් කතාවක් දාන ගමන් රස පරීක්ෂකවරයා CID එකේ අයට කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මුල් කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතිය බිඳවැටීම (System crash) ගැන CID එකට කරපු පැමිණිලි වාර්තා පවා රස පරීක්ෂකවරයාට නොදී සඟවා තබාගෙන තියෙන්නේ සත්‍යය යටගහන්නයි ලු.

අවසාන විග්‍රහයෙන් බැලුවොත්, බාල බෙහෙත් නඩුව කියන්නේ මිනිස් ජීවිත බිලිගත්තු බරපතල අපරාධයක් තමයි. හැබැයි තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය හදාගන්න සහ උසස්වීම් ලබාගන්න මේ වගේ නඩුවක සාක්ෂි අඹරමින්, තමන් ඉලක්ක කරගෙන හිතේ ඉන්න කෙනාව වරදකරු කිරීමේ ෆැන්ටසියෙ ඉඳිමින්, නඩු භාණ්ඩ පටලවමින් උසාවිය ඇතුළේ ලක්මිණී රඟපාන මේ “ගොසිප් නාට්‍යය” දෙස නීති ක්ෂේත්‍රයේ අය වගේම සාමාන්‍ය මහජනතාවත් බලන් ඉන්නේ දැඩි පිළිකුලකිනුයි!

– මල්කා නෙල්ලිගෙදර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts