අපි කවුරුත් දන්න විදිහට මහින්ද සමයවර්ධන කියන්නේ 2020 දෙසැම්බර් 01 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පත්වීමකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස වැඩ භාරගත් ප්‍රකට නීතිවේදියෙක්. 1988 වසරේදී අධිකරණ සේවයට එක්වුණු ඔහු ප්‍රාථමික, මහේස්ත්‍රාත්, දිසා සහ මහාධිකරණ යන සියලුම අධිකරණවල විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරලා තියෙනවා. අපරාධ, වාණිජ හා සිවිල් අභියාචනා කියන අංශ තුනේම මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරල තියෙන සමයවර්ධන තුමා, 2018 අප්‍රේල් 23 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතින් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත් පත්වුණා.
මේක තමයි හැමෝම දන්න එතුමාගේ නිල ‘පැටිකිරිය’. හැබැයි අද අපි කියන්න යන්නේ ඒ සුදෝ සුදු පැටිකිරිය ගැන නෙවෙයි; තිරයෙන් පිටුපස තියෙන ඔහුගේ ‘රියල්’ පැටිකිරිය ගැනයි.
කතා අංක 01: මනූෂගේ දික්කසාදය සහ ‘විනිසුරු’ ඇමතුම
මහින්ද සමයවර්ධන තුමා දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන සමයේ, ප්‍රකට දේශපාලනඥයෙකු වන මනූෂ නානායක්කාරගේ ආන්දෝලනාත්මක දික්කසාද නඩුව විභාගයට ගැනෙනවා. එදා අධිකරණයේදී මනූෂ නානයක්කාර වෙනුවෙන් පෙනී සිටියේ වෙන කවුරුත් නෙවෙයි, ජනාධිපති නීතීඥ අලි සබ්‍රි.
කාලයත් සමඟ නඩුවේ ගමන් මඟ මනූෂට දැඩි සේ අවාසිදායක තත්ත්වයකට හැරෙමින් තිබුණා. මේ තත්ත්වය හමුවේ කලබලයට පත් වූ මනූෂ, මහින්ද රාජපක්ෂ එවක ජනාධිපති හරහා එවකට සිටි ප්‍රබලයෙකු වූ මොහාන් පීරිස්ගේ මාර්ගයෙන් යම් ‘සහයක්’ ලබා ගැනීමට උත්සාහ කරල තියෙනවා.
ඔන්න ඉතිං මේ තිරය පිටුපස සිදුවීම් ජාලය ගැන ඉව වැටුණු, නඩුව විභාග කළ එවක දිසා විනිසුරු මහින්ද සමයවර්ධන, එක්තරා ‘අනපේක්ෂිත’ පියවරක් ගන්නවා. ඔහු බැලුවා නඩුවකුයි බඩුවකුයි දෙකම බැලන්ස් කරගන්න. ඒ තමයි මනූෂගේ බිරිඳට සෘජුවම දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ (SMS) යොමු කිරීම. ඔහු ඇයට දැනුම් දෙන්නේ තමන්ගේ නිල නිවසට පැමිණෙන ලෙසයි. එපමණක් නොවෙයි, ඇයට කියල තියෙන්නේ නිල නිවසට ඇවිල්ල තමන්ගේ ‘අරමුණ’ කොටින්ම ‘ආසාව’ ඉෂ්ඨ කලොත්, නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් ඇයට වාසිදායක ලෙස ‘සලකා බැලිය හැකි’ බවට ඔහු ඉඟි කර තිබෙනවා.
මේක කටකතාවක් ම නෙවෙයි. රියල් ආරංචියක්. පසුගිය සතියේ කොළඹ 07 ප්‍රදේශයේ තිබුනු ඉහළ පෙළේ රාත්‍රී භෝජන සංග්‍රහයකදී (Dinner Party), ඉහළ අධිකරණ විනිසුරුවරුන් පිරිසක් අතර මේ ගැන කතාබහක් ඇතිවෙලා තිබුණා. එහිදී ඔවුන් විහිළුවට මෙන් කියල තිබුණේ, එදා විනිසුරුවරයා යැවූ එම ආන්දෝලනාත්මක කෙටි පණිවිඩ (SMS) සියල්ලම අදටත් මනූෂගේ බිරිඳ සතුව සුරක්ෂිතව පවතින බවයි!
පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක වරක් “මනූෂ කොහොමද නඩුවෙන් දින්නේ?” කියලා ප්‍රසිද්ධියේම ඇසූ හැටි ඔබට මතක ඇති. හැබැයි මනූෂගේ කලින් බිරිඳ ඒ නඩුවෙන් ‘පැරදුනේ කොහොමද’ කියලා කවුරුත් කිව්වේ නැහැනේ. ඉතින් අපි ඒ සත්‍යය අද හෙළි කරනවා.
මේ දවස්වල වර්තමාන අගවිනිසුරුවරයාගේ (CJ) සියලුම ඕනෑ එපාකම් සහ ‘සප්ලයි’ නොපිරිහෙළා ඉටුකරන බවට රාවයක් පවතින, මේ ‘බඩුකාර’.. සමාවෙන්න වචනය වැරදුණා, ‘නඩුකාර’ සමයවර්ධනගේ අතීත කෙරුවාවෙන් එකක් පමණයි මේ.
අදට මේ ඇති… තව තියෙනවා. ඒ ඉතිරි අංකත් ඉදිරියේදී මේ විදිහටම හෙළිදරව් කරන්නම්!