ලංකාවේ පෞද්ගලික විකාශන ක්ෂේත්රයේ පූර්වගාමියා (මූලාරම්භකයා) ලෙස ශාන් වික්‍රමසිංහයන් දශක ගණනාවක් තිස්සේ ගොඩනැගූ TNL (Telshan Network) නාමය සහ ගෞරවය, අද වන විට ඔහුගේම දියණිය වන ඉෂිනි වික්‍රමසිංහගේ සහ ස්වර්ණවාහිනියෙන් එළියට ඇද දැමූ හිටපු CEO මහේන් පෙරේරාගේ “තුට්ටු දෙකේ” වැඩ නිසා මුළුමනින්ම විනාශ වී යමින් පවතී.
බිලියන 2 සිට මිලියන 700ට වැටුණු ලංසුව – තව අවුරුදු 3කින් TNL කොළ කෑලි විතරයි!
මීට පෙර මාසිකව රුපියල් මිලියන 7.5ක කුලියකට ලබාදී තිබූ TNL සංඛ්‍යාත (Frequencies) මේ වන විට මුළුමනින්ම විකුණා දැමීමට දැඩි උත්සාහයක නිරත වේ.
- TRCSL බලපත්‍රයේ ආයු කාලය අවසන් වීමට ආසන්නයි: විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මගින් වසර 29ක බදු පදනම මත ලබාදුන් සංඛ්‍යාත බලපත්‍රයේ (License) කාලය තව අවුරුදු 3කින් සම්පූර්ණයෙන්ම කල් ඉකුත් (Expired) වේ. එතැනින් පසු TNL නාලිකාව සතුව ඉතිරි වන්නේ කිසිදු වටිනාකමක් නැති “කොළ කෑලි” ටිකක් පමණි.
- ලංසුව පහත වැටීම: මුලින් රුපියල් බිලියන 2කට (මිලියන 2000) ලංසුව තැබුවද, නාලිකාවේ ඇති බංකොලොත් තාක්ෂණික තත්ත්වය සහ බලපත්‍රයේ අවසන් කාලසීමාව හමුවේ එය රුපියල් මිලියන 700 දක්වා කුණු කොල්ලයට පහත වැටී ඇත.
- ගැනුම්කරුවන් නැති තාක්ෂණය: MCR/PCR ඇතුළු තාක්ෂණික මෙවලම් සියල්ලම අතීතයට අයත් පැරණි ඒවා වීමත්, සංඛ්‍යාතවල (Frequency Coverage) විකාශන බලයක් නොමැති වීමත් නිසා මෙය මිලදී ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන තත්ත්වයක් උදාවී තිබේ.
සේවකයන් තවම අයින් කර නැත – අත්සන් ගන්න කළ බලහත්කාරකම
මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ වසර 15කට වැඩි කාලයක් ආයතනය වෙනුවෙන් කැපවූ සේවකයන් වෙනුවෙන් ඉෂිනි වික්‍රමසිංහ සහ මහේන් පෙරේරා දක්වන අමානුෂික සහ අසාධාරණ පිළිවෙතයි.
- තවම කිසිදු සේවකයෙකු ඉවත් කර නොමැත: සේවකයන් කිසිවෙකුත් මෙතෙක් සේවයෙන් ඉවත් කර නැති අතර, පසුගියදා නීතිඥයෙකු ද කැටුව ආයතනයට කඩා වැදුණු මෙම දෙදෙනා බලහත්කාරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිවලට අත්සන් ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇත.
- මාස 3ක හිඟමන: වසර ගණනාවක් ලේ, කඳුළු හෙළූ සේවකයන්ට මාස 3ක වැටුපක් දී බලහත්කාරයෙන් ඉල්ලා අස්කර ගැනීමට දැරූ උත්සාහයට සේවකයන් සියලු දෙනා එකහෙළා විරෝධය පළ කර තිබේ.
ශාන් වික්‍රමසිංහයන් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ තමන්ගේ නම වෙනුවෙන් ගොඩනගාගත් කීර්තිය සහ ගෞරවය, සේවකයන් ඉදිරියේ මෙලෙස විනාශ කර දැමීමට දියණිය ඉෂිනි ක්‍රියා කිරීම කනගාටුදායකය. තමන්ගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින සේවකයන්ගේ අයිතිවාසිකම් පාගා දමමින් සිදුකරන මෙම අසාධාරණ වෙළෙඳාම දෙස Watchdog අපි තවදුරටත් අවධානයෙන් සිටිමු.