සෞඛ්‍ය ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරපු අර ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ බෙහෙත් වංචාවේ නඩුව පසුගිය 22 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණය ඉස්සරහා ඇහුණා. පත්තරවල, ටීවී නිවුස්වල හැමෝම දැක්කේ උඩින් පීනපු නීති කතා ටික විතරයි. හැබැයි එදා උදේ 10 ඉඳන් හවස 4.30 වෙනකම් උසාවි කාමරය ඇතුළේ සිද්ධ වුණු, හැමෝම හංගන්න හදන තිරය පිටුපස රහස් ටිකක් අපේ ‘ඉන්සයිඩර්ස්ලා’ (Insiders) හරහා අපිට වාර්තා වුණා.
නිල නඩු වාර්තාවල ලියවෙන්නේ නැති, හැබැයි නීතිය සහ යුක්තිය සලිත කරපු ඒ බෝම්බ වගේ කතා ටික මෙන්න.
සීන් එක 01:
“මම මුකුත් දන්නේ නෑ, අනෙක් අය කිව්ව නිසා අත්සන් කළා” – EOI සභාපතිනිය ෂොක් එකක් දෙයි!
නඩුවේ මුලින්ම සාක්ෂි කූඩුවට ආවේ EOI (උනන්දුව ප්‍රකාශ කිරීමේ) කමිටුවේ සභාපතිනිය විදිහට හිටපු දෙනවත්ත මහත්මිය. එයා සාක්ෂි දෙන්න ගත්ත ගමන් මුළු උසාවියම හොල්මන් වුණා. මොකද එයා කියනවා එයා සභාපතිනිය වුණාට මේ ගනුදෙනුව ගැන කිසිම දෙයක් දන්නේ නැතිලු!
කාගේ ලණුවක්ද?:
එයා කියන විදිහට 09 වැනි සහ 10 වැනි චූදිතයෝ (සමන් රත්නායක ඇතුළු සෙට් එක) තමයි කියල තියෙන්නේ “මේක අඩුම කාලෙකින්, අඩුම මිලකට ඉක්මනට කරමු” කියලා. ඒ අය කියපු හින්දා මෙයා හැම ලේඛනයකටම අත්සන් තෑග්ග දීලා.
විරාජ් වීරසූරියගෙන් තද ප්‍රශ්න:
මේ වෙලාවේ විරාජ් වීරසූරිය මහතා නීතිමය ලයින් එකෙන් සුපිරි ප්‍රශ්නයක් ඇහුවා. “ඔබතුමිය රජයේ උසස් නිලධාරියෙක් විදිහට මෙච්චර ලොකු දෙයක් කරද්දී අඩුම තරමේ සටහනක් (Note) වත් තීන්දුවක් වත් ලියලා තිබ්බේ නැද්ද?” කියලා.
ලැබුණු උත්තරේ:
දෙනවත්ත මහත්මිය දීපු උත්තරෙන් නීතිඥයොත් හිනා වුණා. එයා කියනවා “නෑ එහෙම හිතුණේ නෑ… විශ්වාසය උඩයි වැඩේ කළේ” කියලා!
අපේ නිරීක්ෂණය:
බිලියන ගණන් මහජන මුදල් සහ මිනිස් ජීවිත සෙල්ලමකට යන රාජ්‍ය ප්‍රසම්පාදනයකදී "විශ්වාසය" මත අත්සන් ගහන්න සභාපති පුටු මොකටද? නිකන් ගිහින් ඉඳගෙන ඉන්න එකද සභාපති රෝල් එක? එදා මේ නඩුව අහන්න චමල් සංජීවත් ඇවිත් හිටියා.
සීන් එක 02:
“පැරසිටමෝල්වලටත් අතුරු ආබාධ තියෙනවා” – විශේෂඥ වෛද්‍යවරයා සහ 2019 ඒඩ්ස් කතාව!
ඊළඟට ආවේ විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහත්මයා. එයා කලින් තාක්ෂණික කමිටුවලත් (Tech Committee) හිටපු, මේ ඖෂධය ගැන හොඳටම දන්න කෙනෙක්. එයා මුලින්ම බෙහෙත බේරන්න වගේ කතාවක් දැම්මා: “ඕනෑම ඖෂධයක සංකූලතා තියෙන්න පුළුවන්, පැරසිටමෝල් පෙත්තටත් තියෙනවා” කියලා.
හැබැයි 10 වැනි චූදිතයාගේ නීතිඥ ප්‍රියන්ත නාවන්න මහතා හරස් ප්‍රශ්න අහන්න ගත්තම තමයි පරණ කුණු කන්දල් එළියට ආවේ:
2019 හොල්මන:
නීතිඥයා ඇහුවා 2019 වසරේ ‘රිලයන්ස් ලයිෆ් සයන්ස්’ ආයතනයෙන් ගෙනාපු හියුමන් ඉමියුනොග්ලොබියුලින් නිසා ලංකාවේ ඒඩ්ස් (HIV) රෝගීන් 64ක් වාර්තා වුණා මතකද කියලා. දොස්තර මහත්තයා ඒක “ඔව් මතකයි” කියලා පිළිගත්තා.
ඇඟ කිලිපොලා යන ඇත්ත:
2019-2020 කාලේ මේ බෙහෙත ගහලා ලංකාවේ ලෙඩ්ඩු මැරුණා කියලා දන්නේ නැහැ කිව්වට, මෙන්න මෙතනයි ගේම තියෙන්නේ — ඔය කියන සිද්ධි දෙකම වෙච්ච කාලේ ඒ බෙහෙත් ලංකාවට Approve කරපු ටෙක් කමිටිවල මේ දොස්තර මහත්මයාත් ඉඳලා තියෙනවා!
මේ සාක්ෂි ඉවර කරගන්න ඕන හින්දා උදේ 10 ඉඳන් හවස 4.30 වෙනකම්ම නඩුව ඇදුණා.
සීන් එක 03:
“EOI කිව්වට නම විතරයි වෙනස්, රනිල්ගේ අත්සනින්මයි ආවේ” – මුදල් අමාත්‍යාංශ නියෝජිතයා හැමදේම වගකීම ගනී!
ඊළඟට සාක්ෂි කූඩුවට ආවේ HSCPC එකේ මුදල් අමාත්‍යාංශ නියෝජිත අතුල කුමාර මහත්මයා. පැමිණිල්ල වෙනුවෙන් ප්‍රශ්න කරපු ලක්මිණී ගිරහාගම මෙනෙවිය “EOI ක්‍රමවේදය වැරදියි, නීති විරෝධීයි” කියලා මෙයාට තද කරන්න හැදුවා. හැබැයි අතුල කුමාර ඒක ලස්සනට කැපුවා.
කෝවිඩ් සීන් එකම තමයි:
මෙයා කියනවා EOI කිව්වට මේකේ නම විතරයි වෙනස්, ක්‍රමේ එකමයි කියලා. කොවිඩ් කාලේ හදිසි ප්‍රසම්පාදන කළෙත් මෙයාමලු. මේ කමිටු දෙකම පත් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නෙවෙයි, එවකට මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අත්සනින් ආපු එකම ගයිඩ්ලයින් එකකින් මුදල් අමාත්‍යාංශයෙන්මලු.
ක්ලීන් සර්ටිෆිකට්:
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණනයෙනුයි, හදිසි වැටලීම් අංශයෙනුයි කරපු විනය පරීක්ෂණ දෙකෙන්ම මෙයාව නිදොස් කොට නිදහස් කරලා තියෙන නිසා මෙයා කියන්නේ කමිටුවේ තුන්දෙනාම මේකේ වගකීම ගන්නවා, කිසිම වැරැද්දක් වෙලා නැහැ කියලා.
ජාත්‍යන්තර ප්‍රමිතීන් උල්ලංඝනය වෙලා රජයට හානි වුණේ නැද්ද කියලා විරාජ් වීරසූරිය අහපු ප්‍රශ්නයට මෙයා කිව්වේ, “ඒ වෙලාවේ රටේ තිබ්බ බෙහෙත් හිඟය හින්දා උපරිම දේ කළා, ඒකයි අපි නිදොස් වුණේ” කියලා.
හැමෝම හංගන ලොකුම කුමන්ත්‍රණය: පැමිණිල්ලේ සාක්කුවේ තිබුණු තීන්දුව සහ උසාවියේ ‘ඩීල්’ එක!
දැන් තමයි හොඳම හරිය. මේ මුළු නඩු විභාගය පුරාම දකින්න ලැබුණු බරපතළම අසාධාරණය සිද්ධ වුණේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවන ලක්මිණී ගිරහාගම හරහායි.
තීන්දුව ලියාගෙන ඇවිත්ද?
නීතියේ හැටියට සාක්ෂි විමසන්න ඕනේ අපක්ෂපාතීව ඇත්ත හොයන්න. හැබැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරහාගම හැසිරුණේ නඩුවේ තීන්දුව කලින්ම තමන්ගේ සාක්කුවේ දාගෙන, ඒ තීන්දුවට ගැලපෙන විදිහට සාක්ෂිකරුවන්ව බලහත්කාරයෙන් නමන්න හදන ස්වභාවයකින්. මේක විත්ති පාර්ශ්වයට කරපු මාරම අසාධාරණයක් වගේම නෛතික මූලධර්ම සම්පූර්ණයෙන්ම බල්ලට දැමීමක්!
විනිසුරුවරුන්ගේ විරෝධතා වාර්තාවෙන් හැලුණු හැටි!
මේ ලක්මිණීගේ ප්‍රශ්න කිරීම් රටාවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පවා සෑහෙන අවස්ථාවල දැඩි ලෙස විරුද්ධ වුණා. විත්ති පාර්ශ්වයේ නීතිඥ ප්‍රියන්ත ලියනගේ මහත්තයා නැගිටලා දිගින් දිගටම ‘Objections’ (විරෝධතා) දැම්මා.
හැබැයි මෙන්න වුණු ජිල්මාට් එක:
ජජ්ලා කියනවා “ඕවා ලියාගන්න එපා” කියලා! විරෝධතාව ආවම ඒකට උත්තරයක් දීලා, ඒ කිසිම විරෝධතාවක් නඩු වාර්තාවට (Record) ඇතුළත් නොකර ඉන්න උසාවිය ඇතුළේ වගබලා ගත්තා!
අවසාන නෛතික බෝම්බය:
නඩු විභාගයකදී විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් දමන නිල විරෝධතා නඩු වාර්තාවට ඇතුළත් නොකරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ පස්සේ දවසක විත්ති පාර්ශ්වයට තමන්ගේ අයිතිය වෙනුවෙන් ඉහළ අධිකරණයකට (Appeal) යන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම අහුරා දැමීමයි!
නඩු වාර්තා ලස්සනට පිරිසිදුව තියාගෙන, තිරය පිටුපසින් නීතිය තමන්ට ඕන විදිහට නවන ඖෂධ මාෆියාවේ මේ ඇතුළු පැත්ත ගැන මීට වඩා සමාජය ඇස් ඇරලා බලන්න ඕනේ නේද?