කොළඹ වරාය නගරය (Port City) යනු ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස් කරන ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට අපට මවා පෙන්වා ඇත. එහෙත් මේ දැවැන්ත ව්‍යාපෘතියේ තිරය පිටුපස සිදුවන්නේ කුමක්ද? කොළඹ වරාය නගර ආර්ථික කොමිසම (CPCEC) ඇතුළේ මේ දිනවල ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර නීති රීති නොව, ‘ලොක්කන්ගේ’ පෞද්ගලික අවශ්‍යතා සහ හිතවත්කම් මත පදනම් වූ තක්කඩි පාලනයක් බව මේ වන විට රහසක් නොවේ.

මෙම අත්තනෝමතික පාලනයේ අලුත්ම සහ බරපතළම හෙළිදරව්ව වාර්තා වන්නේ කොමිසමේ ඉහළම පුටු දෙකක් සම්බන්ධයෙනි.

එකවර කැඳවූ තනතුරු දෙකින් එකක් හිතාමතාම හැංගුවේ ඇයි?

කොමිසමේ ‘වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ’ සහ ‘නීති අධ්‍යක්ෂ’ යන ප්‍රධාන තනතුරු දෙකම එකවර පුරප්පාඩු වූයේය. ඒ සඳහා කොමිසම විසින් එකවර අයදුම්පත් ද කැදවීය. එහෙත් පුදුමයකට මෙන් ඉන් පුරවනු ලැබුවේ වාණිජ අධ්‍යක්ෂ තනතුර පමණි. වසර දෙකකට ආසන්න කාලයක් අතිශය තීරණාත්මක නීති අධ්‍යක්ෂ තනතුර පුරප්පාඩුව තබා ගනිමින්, එම දැවැන්ත රාජකාරිය ද ‘වාණිජ අධ්‍යක්ෂවරිය’ ලෙස අලුතින් පත්ව ආ සුකුමල නිලධාරිනියගේ කරමත පැටවීමට බලධාරීන් කටයුතු කර ඇත. මේ විහිළුවේ සුලමුල සොයා යන විට හමුවන සත්‍යය ඉතා කටුකය.

සුදුසුකම් නැති රාධිකාට ලොතරැයියක් ඇදුණේ කොහොමද?

ඇය ලස්සනය. සෙක්සීය. එහෙත් වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂවරිය ලෙස පත්කර ඇති රදිකා ඔබේසේකර යනු, කොමිසම විසින්ම එම තනතුර සඳහා ඉල්ලා සිටි මූලික සුදුසුකම් හෝ සපුරා නැති තැනැත්තියකි. අදාළ තනතුර සඳහා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) හෝ ඊට සමාන සුදුසුකම් සමග වාණිජ අංශයේ ඉහළ කළමනාකාරීත්ව පළපුරුද්දක් අනිවාර්ය කර තිබුණි. ඊට අමතරව අඟර දඟර පෑමටද ඇය සුදුසුකම් සපුරාගෙන තිබුණි. ඇය සතුව ඇත්තේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LLB) උපාධියක් සහ අලෙවිකරණය පිළිබඳ (CIM) ඩිප්ලෝමාව හර්ෂ අබේසුන්දරට ඉහටත් උඩින් ය. වෙළෙඳපොළ ඉලක්ක කරගත් දැවැන්ත වාණිජ මෙහෙයුම් පිළිබඳ කිසිදු ප්‍රායෝගික පළපුරුද්දක් නැති ඇයව මේ තනතුරට රිංගවා ගත්තේ කෙසේද යන්න බොහොමයක් දෙනාට ප්‍රහේලිකාවක් වූයේ ඒ ගැන ඇති උවමනාව නොදන්නා නිසාය.

අනෙක් අතට, ඇය මේ වන විට කිසිදු නීත්‍යානුකූල පදනමකින් තොරව ආවරණය කරමින් සිටින ‘නීති අධ්‍යක්ෂ’ කාර්යභාරය දෙස බැලූ විට තත්ත්වය ඊටත් වඩා ඛේදජනකය. නීති අධ්‍යක්ෂවරයාට වාණිජ නීතිය, දේපළ නීතිය, බේරුම්කරණය වැනි අංශවල දශකයකට වැඩි ජ්‍යෙෂ්ඨ නීතිමය පළපුරුද්දක් තිබිය යුතු බව කොමිසමම නියම කර ඇත. රාධිකා ඔබේසේකර නීතිඥවරියක වුවද, ඇගේ වෘත්තීය ජීවිතය ගෙවී ඇත්තේ පරිපාලන සහ විධායක නිලධාරිනියක ලෙස බව මාධ්‍ය වලද පළව තිබුණි. එහෙත් ඔවුන් නොදන්නා ඇත්ත හැකියාව ඊට වඩා වැඩිය. වෙනස්ය. උණුසුම්ය.

සභාපති හර්ෂගේ ‘විශේෂ’ වුවමනාව ඇත්නම් සුදුසුකම් සපුරා නැති අයෙකුට මෙලෙස ආයතනයේ ප්‍රබලම තනතුරු දෙකක්ම එකවර පිරිනැමීමටද හැකිය. ඒවා සිදුවන්නේ එසේය. එහෙත් මේ කාගේ ආණ්ඩුවද යන්න රාධිකාලාට වගේම හර්ෂලාටත් දැන් අමතක වෙලාය. වරාය නගරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඉතා පැහැදිලිව තහවුරු කරන්නේ, මේ සියල්ලම වත්මන් සභාපතිවරයාගේ (හර්ෂ අබේසුන්දර) ‘විශේෂ සැලකිල්ල’ සහ ‘පුද්ගලික වුවමනාව’ ප්‍රසිද්ධ රහසකි.

සභාපතිවරයාගේ පුද්ගලික සබඳතා කුමක් වුවත් අපට එයින් කම්නැත. එහෙත් අදාළ පුරප්පාඩුවට නිසි සුදුසුකම් සහිතව ඉල්ලුම් කළ බොහෝ දක්ෂයින් එළියේ රස්තියාදු වෙද්දී, ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය දේපළ සහ තනතුරු තමන්ගේ පුද්ගලික “ත්‍යාග” ලෙස ප්‍රදානය කිරීමට මොවුන්ට ඇති අයිතිය කුමක්ද? දූෂණයට සහ අක්‍රමිකතාවලට එරෙහිව දැඩිව ක්‍රියා කරන බව කියන වත්මන් රජයෙන් අප අසන්නේ මෙයයි.

වරාය නගරය යනු තනි පුද්ගලයින්ගේ ආදර අන්දර වලට තෑගි බෝග බෙදන පෞද්ගලික බූදලයක් වී හමාරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts