HUMAN IMMUNOGLOBULIN මුල් පැමිණිල්ල

මෙයා ගැන හොයලා බැලුවම නීතිපති දෙපාර්තමේන්තුවේ එකේ අයටත් පේන්න බැරි චරිතයක් ලු. අද වෙනකන් වැදගත් නඩුවක් හරියට කරගන්න බැරි වෙලා තියනවා. නීතිපති එකේ අය කියන්නේ මේ නඩුවෙත් මෙයා තමන්ගේ ප්‍රතිරූපේ හදාගෙන ප්‍රමෝශන් එකක් බලාපොරොත්තුවෙන් තමයි කෙහෙලියව ගාවගෙන තියෙන්නේ කියලා. අපි හොයලා බැලුවම මේ නඩුවේ පලවෙනි පැමිණිලිකරු කෙහෙලිය ලු. කෙහෙලියගේ උපදේශක කෙනෙක් යවලා තමයි මේ නඩුවට පදනම් වුන මුල් පැමිණිල්ල කරලා තියෙන්නේ. හැබැයි ඊට මාස 04කට පස්සේ කෙහෙලියව ඇරෙස්ට් කරන්නේ ලක්මිණිගේ උවමනාවකටලු. CID එකේ සම්පූර්ණ විරුද්ධත්වය තියෙද්දි තමයි මේක වෙලා තියෙන්නේ කියලා තමයි නීතිපති එකේ ඉහල නිලධාරියෙක් කියන්නේ. මොකද මේකේ කෙහෙලිය අටවෙනි විත්තිකරු වුනාට මේක යන්නේ කෙහෙලියගේ නඩුව කියලනේ. නැත්තම් මේකට කවුරුත් publicity එකක් දෙන්නේ නෑ නේ.

හැබැයි ඉතිං දැන් නඩුව මාස 11ක් තිස්සේ අහන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණයක. මහේස්ත්‍රාත් උසාවියේ තිබුනා වගේ නෙමෙයි. එතන කෑගහලා බොරු කියපු ලක්මිණි, මාධ්‍ය ට ප්‍රධාන නිළියකගේ භූමිකාව නිරූපණය කල ලක්මිණි දැන් ඉතින් high court ඇවිල්ල මහාධිකරණේ සාක්ෂි මෙහෙයවනකොට හැමතැනම වගේ නාගන අනාගන කියලා තමයි ආරංචිය.

Meeting Minute සෙල්ලම

ඔන්න දැන් පහුගිය සති දෙකේ බොරු ගොතන්න ගිහින්, ලක්මිණි නඩුව ව්නාශ කරගන කියලයි ආරංචිය. සාක්කියට කැඳවලා තියනවා මීටින් මිනිට් හදපු අමාත්‍යාංශේ වැඩකරපු ගෑනු ලමයෙක්. මින්දුලි ජයමාන්න. ඒකත් ලක්මිණිටම තකට තක. ලක්මිණි වගේම සට සට ගාලා හොදට ගිරවි වගේ බොරු විදිනවා. එයා හදපු මීටින් මිනිට් දෙකක් ගැන ලක්මිණි එයාගෙන් ප්‍රශ්න අහලා තියනවා ඒ මිනිට් දෙක පෙන්නලා. එකක් 2022.09.05 අනික 2022.10.10. මේ මින්දුලිත් ලක්මිණි එකක් කතා කරගෙන ඇවිල්ලා හොඳට බොරු ඇදබාලා දිනය වෙලාව මීටින් තිබ්බ තැන හොදට ලහි ලහියේ confirm කරනවා. එකින් එක හොදට තහවුරු කරනවා.

ඊට පස්සේ ඉතිං හරස් ප්‍රශ්න එනවානේ. එකෙදි ඉතිං ඔය කෙහෙලියගේ ලෝයර් නයන්ත කියලා හාදයෙක්. මිනිහත් තැනයි වේලාවයි, මුලසුන හිටියේ කවුද කියලයි හොඳට තහවුරු කරගන්නවා කියලා. මින්දුලිත් හුරතල් වෙවි උත්තර දෙනවා. minute එකේ තියන ඒවා full ෂුවර් පිට තහවුරු කරනවා. අනේ අපොයි ඔන්න එතකොට නයන්ත කියන හාදයා පෙන්නනවා ඔය 2022.09.05 කියන දවසේ කෙහෙලිය ඉදලා තියෙන්නේ රට. ඔහු ඒ සතියම භූතානයේ. ඒකත් මිනිහා ට්‍රිප් ගිහින් නෙමෙයි. රාජකාරි වැඩකට ලෝක සෞඛ්‍ය සංවිධානේ රැස්වීමකට සහභාගිවෙලා ඉදලා තියෙන්නේ. මිනිහා ඒ සතියටම ලංකාවේ ඉදලාවත් නෑ.

අනිත් මීටිම තිබ්බ 2022.10.10 බැලුවම ඒකත් එහෙමලු. ඒ මීටිම තිබුනා කියලා තියන වෙලාවේ කෙහෙලිය ඉදලා තියෙන්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපේ කර්මාන්තශාලාවක opening එකකට ගිහින්. මරු වැඩේ කියන්නේ ජනාධිපති රනිල් එකේ chief guest ලු. කෙහෙලිය guest of honor ලු. දැන් මොකද කරන්නේ. මුන්ගේ බොරු අතේ මාට්ටු වෙලා. පස්සේ ඉතිං ලක්මිණි අඩලා වැලපිලා කෑගහලා මේකට object කරලාලු උසාවියේ. Alibi Notice දුන්නේ නෑ කියලා.

කෙහෙලියගේ ලෝයර් උත්තර විදියට alibi කියන්නේ මොකද්ද කියලා උගන්නලා දුන්නාලු හොදම එකෙන්. Alibi දෙන්න ඕන අපරාදමය වරදක් සිදුවන අවස්ථාවක එතැන නොහිටියොත් විතරයි කියලා. ඉතිං ස්වාමිනි අපරාදමය වරදක් - මේ තිබ්බා කියලා ගොතපු නමුත් ඇත්තටම නොහිටපු මීටිමක වෙලා තියනවානම් ඔය මීටිමේ හිටියා කියලා කියන ලොකු නම් ලැයිස්තුවක් ඔය මීටින් මිනිට් එකට මේ සාක්කි කාරියම දාලා තියනවානේ. එහෙනම් මේ meeting එකේ නම් තියන හැමෝම මෙතන විත්ති කූඩුවේ ඉන්න ඕන. ලැයිස්තුව බැලුවම එතන සවුඛ්‍ය සේවා අධයක්ෂ ජෙනරාල් වරයා එහෙමත් ඉන්නවා. එයා තමයි අමාත්‍යාංශේ operations head. එහෙනම් විත්ති කූඩුවේ එයත් අනිවාරෙන්ම ඉන්න ඕන. ඒත් එයා විත්ති කූඩුවේ නෑ. අනිත් එක ඒ මිනිට් එක අනුව අපරාදයක් අනාවරණය වෙනවා නම් මාස 11 නඩුව ඇහුවේ අපරාදේ, ඕක දාලා මේ ඔක්කොම වැරදිකාරයෝ කරන්න තිබුනානේ.

කොහොම හරි ලක්මිනි එදා ගත්තාලු order එකක් මෙකට alibi notice දෙන්න ඕන කියලා. අපිත් නීතිය ගැන පොඩ්ඩක් විතර දන්න ජනාධිපති නීතිඥවරු විනිසුරුවරු කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා.

ලක්මිනිගේ නීතිය කියන විදිහට alibi notice දෙන්න නම් අවුරුදු 2ක කාලයකට අදිචෝදනා කාලය ගොනු කරල indictment දැම්මොත් ඒ කාලෙ බාත් රූම් එකට ගියපු කාලෙත් alibi විදිහට දෙන්න වෙනව. තව judge කෙනෙක් කිව්වෙ – මේක මේ පෞද්ගලික පාර්ටියකට ගිය එකක් නෙමෙයි නෙ. මේක රාජකාරීමය කාරණා දෙකක් ගැන නේ කතා කරන්නෙ. එතකොට independent witnessesලා ගෙනල්ලා උසාවියට ඒක තහවුරු කරන්න පුලුවන් නෙ කියල. කෙහෙලිය රට හිටියානම් පාස්පොට් එකයි immigration department එකයි ගෙනල්ල උසවියට කරුනු අනාවරනය කරන්න පුලුවන් නෙ. කටුනායක factory opening එකට ගියා නම් ඒකත් independently තහවුරු කරගන්න පුලුවන් නෙ කියල. අපිත් දැන් බලාගෙන ඉන්නෙ අධිකරනය මේ ගැන කොහොම ක්‍රියාකරයිද කියල.

ඊට පස්සෙ ඉතින් මේ බොරු කිව්ව මින්දුලි ජයමාන්නට වර්තමානයේ අමාත්යන්ශයෙන් කරන inquiry එකක් යනවාලු. ඒක මොකද්ද ඇහුවම ඒකට හරියට උත්තරයක් දෙන්නෙ නැති ලු. දැන් ඉතින් ගැනිගේ බොරු meetng minute අත් කෝට් නේ. හොයල බැලුවම මින්දුලි ගෙ දැන් කෙරෙන internal inquiry එක තියෙන්නෙ බොරු (අසත්ය ප්‍රකශ කිරීම්) ගැන. බලාගන යනකොට මෙ මින්දුලි බොරු කීම සහ බොරු ලේඛන සැදීමේ හපනෙක් වගෙ තමයි පේන්නෙ. ලක්මිනි මේ ගේන සාක්කි කාරයො නිසා ප්‍රියන්ත ලියනගෙ ඇතුලු අනිත් විනිසුරුවරුන් දෙදෙනත් අපහසු තාවයට පත් වෙන වගක් තමයි පෙන්නෙ.

ඊට පස්සේ තවත් මරු වැඩක් වෙලා. පැමිනිල්ලෙන් ඔය චූදිතයො ඔක්කොලාගෙම phone record අරන් නෙ. ඒව නඩුවට ගොනුත් කරලලු නෙ. Dialog එකේ සාක්කි කාරය ආවම එයාගෙන් සාක්කි මෙහෙයවනකොට අම්මටසිරි ලු. අර phone record වල ඉන්න තැන කුලුන වදිනවා නේ. ඔය කියන දවස් දෙකේ කෙහෙලියගෙ එක වැදිලා තියෙන්නෙ අර කියන විදිහට රට හිටපු දවසෙ Cell Data Not Available කියලා (ඇයි ඉතින් ලංකාවේ කුලුනකට අහුවෙන්න බැහැ නේ. මිනිහාගේ එදා වදින්න ඇත්තෙ භුතනයෙ කුලුනක නේ අනිත් ඔය කියන (10/10/2022) දවසේ කෙහෙලියගෙ phone record වල වැදිල තියෙන්නෙ කටුනායක FTZ (Free Trade Zone).

දැන් මොකද කරන්නෙ. අයියො මේ ලක්මිනි. තමන්ගෙ promotion වලට සහ තමන්ගෙ නම news වලට දාගෙන publicity ගන්න මේ සෙල්ලන් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක නේද. කෙහෙලිය කාරය මොකක් හරි වරදක් කරලා තියනවා නම් පොරට දඩුවම් කරන්න ඕන. හැබැයි ඉතින් වරදක් නොකර මිනිහෙකුට දඩුවම් කිරීම ලොකු ගැටලුවක් නේ. හැබැයි ඉතින් නීතිපති එක මේ ආකරයෙන් හැසිරුනත් අධිකරනය මේ ආකාරයෙන් හැසිරෙනෙනැති වෙයි කියන එක තමයි මිනිස්සු බලාගෙන ඉන්නෙ. බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියල. ඔය ලක්මිනි නීතිපති එකේ කෙලින පිස්සු ටිකකුත් අපිට ආරන්ච්චි. ඊලග ලිපිය ඒ පිලිබදව බලමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts