සූරසේන යන නම ඇසූ පමණින් මේ රටේ කලාව සංස්කෘතිය ගැන ඉතිහාසයක් දන්නා බොහෝ දෙනෙකුට එක පැහැර මතකයට එන නළුවෙකුගේ නමක් තිබේ. ඒ වූ කලි  ශ්‍රියන්ත මෙන්ඩිස් ය. ඊට හේතුව ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය ලෙස සලකන “පළඟු මැණිකේ” හි ශ්‍රියන්ත රංගනයෙන් දායක වූ “සූරසේන” නැමති සුප්‍රකට ප්‍රහසනාත්මක චරිතයයි…

මේ වන විට අපේ සමාජ දේශපාලන සංස්කෘතික කරළියේ ඒ අතීත සූරසේන පරදවන්නට සමත් අලුත් සූරසේන කෙනෙක් පැමිණ සිටින බව ඔබ දන්නවාද….

දැන් ඒ පරණ සූරසේන කැලේය. පැමිණ ඇත්තේ අලුතින් වැඩ පෙන්නන අලුත් සූරසේනගේ කාලයයි…

පරණ සූරසේන මේ රටේ නාට්‍ය කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ පට්ට පොරකි දක්ෂ නළුවෙකි. මේ අලුත් සූරසේන අපේ රටේ සමාජ දේශපාලන අධිකරණ සංස්කෘතික කරළියේ පට්ට පොරක් නොවූවත් දක්ෂ ප්‍රහසන නළුවෙකි. අප ඔබට මේ දැන් කියන්නට යන්නේ පට්ට පොරක් නොවූ ඒ දක්ෂ නළුවා දේශපාලන පක්ෂ පාතිකම් හා බලය යොදාගෙන මේ රටේ පට්ට පොරක් වීමට අරඹා ඇති  මෙහෙයුම ගැන එක්තරා හෙළිදරව්වක් කරන්නටය…

ප්‍රීති පද්මන් සූරසේනගේ අගවිනිසුරු සිහිනය……

අප මේ කතා කරන පට්ට පොරක් නොවූ දක්ෂ නළුවා අන් කවරෙකු වත් නොව, ෆ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනයි  

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වත්මන් අගවිනිසුරු මෘදු ප්‍රනාන්දු මහත්මිය මෙම මස 27 වනදායින් පසු (2025 ජූලි 27) සිය ⁣සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව සිටියි. ප්‍රීති පද්මන් සූරසේනගේ මෙහෙයුම වී ඇත්තේ මෘදු  ප්‍රනාන්දුගෙන් හිස්වන අගවිනිසුරු පුටුවේ  සූදානම් වෙමින් ඒ සඳහා අවශ්‍ය සමාජ දේශපාලන සංස්කෘතික පසුබිම සකස් කර ගැනීමයි.

අනාගත සිහින හිතේ තබාගෙන ප්‍රීති පද්මන් සූරසේන කල් තියා සැලසුම් කර තම ඉලක්කය සඳහා සූදානම් වන්නට පටන් ගත්තේ අද ඊයේ සිට නෙවෙයි. ඒ සඳහා ඔහු කාලයක පටන් සැලසුම් සකස් කළේය. ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව මේ රටේ බලය ලබාගන්නට අන්තර්ජාතික බලවේගවල උදව් උපකාර ඇතිව සූදානම් වූයේ කවදා පටන්ද, ප්‍රීති පද්මන් සූරසේනගේ අගවිනිසුරු සිහිනයේ ද ආරම්භය ද එයයි.

පට්ට පොරක් නොවූ මේ දක්ෂ නළුවා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මූලික උපාධිධාරියෙකි. 1985 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සම්බන්ධ වෙන ඔහු 1989 දී නීතිඥයෙකු ලෙස නීති ක්ෂේත්‍රයට පැමිණ මුලින්ම නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය.

රාජපක්ෂවරු සෙවනේ විශ්වාසවන්තයෙකු ලෙස…

එවකට පැවති ආණ්ඩුවලට සම්බන්ධ වෙමින් රාජපක්ෂවරු සෙවනේ විශ්වාසවන්තයෙකු ලෙස  කටයුතු කළ අප කතා නායකයා 2007 දී මහාධිකරණ විනිසුරු වරයකු ලෙස විනිසුරු ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙයි. 2015 ආණ්ඩු පෙරළියේදී රාජපක්ෂ වරුන්ගෙන් ඈත් වී පුලතිසි පුරයේ නායකයෙකුට පක්ෂපාතීත්වය දක්වන අපේ මේ දක්ෂයා 2016 දී ශ්‍රී ලංකා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු හැටියට පත්වීම ලබයි.

 සිරිසේන ආණ්ඩුවේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රබල චරිතයක් බවට පත් වෙමින් ඔවුන්ගේ දේශපාලන කඳවුරට වුවමනා එපා කම් ඉටු කරන මේ අපේ දක්ෂයා ඒ සඳහා ලබන ප්‍රති උපකාරයක් ලෙස 2019  මාර්තු 09 වැනිදා  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස උසස් වීම් ලබන්නේ ජනාධිපතිවරයාගේ ආශිර්වාදය හා පිහිටාරක්ෂාව මත තමන්ට වඩා නීති ක්ෂේත්‍රයේ  ප්‍රවීණත්වයෙන් වැඩි විනිසුරුවරු කීප දෙනෙක්ම පහසුවෙන් පසුකරගෙනය.

ශ්‍රේෂ්ඨාධිකරණය නැමැති අපේ රටේ නීති ක්ෂේත්‍රයේ උපරි ව්‍යූහයට පා තැබුවේ මෛත්‍රී පාල සිරිසේන නමැති හිනිපෙත්ත මතින් වුවත් මේ දක්ෂ නළුවා අද වන විට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශ්වාසය හා ආදරය වඩාත්ම දිනාගත්  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා බව අපි කියන්නේ වගකීමකින් යුතුවය. 

2019 ජනවාරි 09 ශ්‍රේෂ්ඨාධිකරණයට පිවිසෙන අපේ කතා නායකයා අද වන විට විනිසුරුවරයෙකු ලෙස අවුරුදු 06 කුත් දින 173 ප්‍රවීණතාවක් ලබා සිටියි. වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුවරුන් 16 දෙනාගෙන් වාත්මන් ආණ්ඩුවට හිතකරම හා අවශ්‍යම පුද්ගලයා පුද්ගලයා වී ඇත්තේ ප්‍රීති පද්මන් සූරසේන නිසා බොහෝ දුරට මෘදුගෙන් හිස්වන පුටුව බාරගන්නට මේ රටේ 49 වැනි අගවිනිසුරවරයා වන්නේ අප කතානායකවරයායි.

 කලින් කලට පලින් පලේ ….

 කලින් කලට පලින් පලේ යන අප භාෂා සංස්කෘතික යෙදුමට නව අර්ථකථනයක් දෙන මේ අපේ දක්ෂ නළුවා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාවේ බලවේගය සමඟ අත්වැල් බැද ගත්තේ පහුගිය අරගල සමයේ  රට හා රටේ ආර්ථිකය අර්බුදයට පැමිණි අවස්ථාවේ බව තතු දත්තෝ පවසයි. 

 එම කාලය තුළ ඇතැම් විට  පැවති රජයන්ට විරුද්ධව පවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනප්‍රියතීන්දු ඉස්මතු වූයේ මාලිමාවේ වුවමනා එපා කම් ඉටු කළා ප්‍රීති පද්මන්ලාගේ මැදිහත්වීම නිසාය. එය එසේ යැයි පවසන්නේ අප නොවේ. ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුම් හා අවබෝධයන් සහිත නීතිවේදීන්ය.

 පහුගිය කාලය මුළුල්ලේම ආණ්ඩුවට හා ඔවුන්ගේ බලවේගයට වාසිදායකයින් රේෂ්ඨාධිකරණ තීන්දු ගණනාවක් පසුපස සිටියේ මේ පුද්ගලයා යන බව අද වන විට සැකයක් නැත. එබැවින් ඔහුගේ අනාගත පත්වීම නිසැකය තීන්දුය. 

බලවත් අවිස්වාසයක් හා සැකයක්….

එහෙත් මේ රටේ මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, රටට ජාතියට ආගමට හා සංස්කෘතියට ආදරය කරන දේශප්‍රේමි බලවේග, කාදිනල් තුමා ඇතුළු කතෝලික බලවේග, රටේ අධිකරණ හා පරිපාලන ක්ෂේත්‍රය මේ රටේ යුක්තියට නීතියට ගරු කරන සාමාන්‍ය ජනතාව අද මේ පත්කිරීම ගැන දක්වන්නේ බලවත් අවිස්වාසයක් හා සැකයකි. 

මහා සංඝයායණන් වහන්සේලා ඒ සැකය හා අවිශ්වාසය ඇයිදැයි හේතු පහදා දෙති. අග විනිසුරු පදවිය බදු පූජනීය උත්තරීතර පදවියක් මෙවන් පක්ෂක්ග්‍රාහී කලින් කලට තම මතය වෙනස් කරන විශ්වාස කළ නොහැකි හරි හමන් ආගමක් දහමක් නැති පුද්ගලයකුට භාරදීමෙන් රටේ නීතිය පවත්වාගෙන යාම හා යුක්තිය පසිබලීමේ ක්‍රියාන්විතය කවර අනතුරකට ලක් වේදැයි උන්වහන්සේලා හේතු කියති…. 

ප්‍රීති පද්මන් “බෝන් අගේන්” බැතිමතෙක් 

ප්‍රීති පද්මන් සූරසේන අතීතයේ බෞද්ධ උරුමයක් සහිත පවුලක උපත ලබා කටයුතු කළ නීතිවේදියෙකු බව නොදන්නා කෙනෙකු නැති තරම්ය. එහෙත් පසුකාලීනව ඔහු ප්‍රසිද්ධියේම තම ආගමික මතය පමණක් නොව ආගමික විශ්වාසයද වෙනස් කළේය. 

ඔහු “බෝන් අගේන්” නමැති ඇමරිකානු ආගමික නිකායක සාමාජිකයෙකු වූයේය. බෝන් අගේන් ආගම හා එහි බාවිතාව ගැන අප වෙනමම කතා කළ යුතුය. මන්ද එහි භාවිතාව හා ඉගැන්වීම් බෞද්ධාගමට හා බෞද්ධ සංස්කෘතියට පමණක් නොව, කතෝලික ක්‍රිස්තියානි ආගමික නිකායන්වල ඉගැන්වීම් හා ක්‍රියා පිළිවෙත් වලටද වඩා වෙනස් වූ  ගති සොබා ඇති බව පැහැදිලිය.

එබැවින් ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ පමණක් නොව, හාදිනල් තුමා ප්‍රමුඛ කතෝලික ප්‍රජාව පවා මේ බෝන් අගයෙන් ආගමේ බලපෑම රටට අහිතකර බව පිළිගත යුතුය.

බෝන් අගයෙන් ආගම හා එහි පැතිරීම සිදුවන්නේ හොර රහසේ බව පිළිගත යුතුය. ප්‍රීති පද්මන් සූරසේන නම් අප කතා නායකයා හෙවත් නළුවා බෝර්න් අගෙන් ආගම අදහන්නේ හොර රහසේය. තතු දත් ආරංචි මාර්ග වලට අනුව ඔහු දේව මෙහෙයන්ට හා පුද සත්කාරවලට සහභාගි වන්නේ දොත්තර ලලිත් මෙන්ඩිස් නම් පුද්ගලයෙකුට අයත් වනාතමුල්ල ප්‍රදේශයේ පවතින පල්ලියකටය. 

“බෝන් අගේන්” වූ කලී මේ දිනවල අපේ රටට තවත් අලුත් ආගමික නිකායක් නොව. ආගමික උමතුවකි. ආගමික වසංගතයකි. ආගමික නස් පැත්තියකි. ආගමික සුනාමියකි. අපි මේ පිළිබඳ වඩාත් සැලකිලිපත් වෙමින් මේ පිළිබඳ හැදෑරිය යුතු යැයි යෝජනා කරමු….

එවන් ආගමික උන්මත්තක නිකායක නිත්‍ය සාමාජිකයෙක් බහුතරයක් බෞද්ධයින් ජීවත්වන කතෝලික හින්දු හා ඉස්ලාම් බැතිමතුන් සහයෝගයෙන් වෙසෙන රටක නීතිය හා යුක්තිය පසිඳලන යාන්ත්‍රණයේ අගවිනිසුරු ධූරන්දරයෙන් පිදුම් දිය යුතුද…

68 ලක්ෂයක් නොව,  මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් පමණ වන ජනතාව රට කරවන නායකකාරකාදීන්ගෙන් වහ වහා නැගිය යුතු ප්‍රශ්නය මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts