මේ ලියුම්කරුට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව යනු අලුතින් හැදෑරිය යුතු තැන් නොවේ.
ශ්‍රී ලංකාව ‘කුළුණු’ තුනක් උඩ රඳා පවතින්නේ නම්, ඒ මේ ආයතන ත්‍රිත්වය යි. මේ ආයතන ත්‍රිත්වයේ බලධාරීහු රටට උපයා දිය යුතු බදු මුදල් නිසි ලෙස උපයා නොදී, එම බදු මුදල් පැහැර හරින්නෝ සමග ජාවාරම් කරන්නේ නම්, රටට අබසරණ ය.
මීට වසර විස්සකට ඉහත කාලයේ පටන් ඉහත ආයතන ත්‍රිත්වය ගැන මේ ලියුම්කරු ඇස ගසාගෙන සිටියේ ඇයි ? ඒවායේ ඇතැම් බලධාරීන්ගේ මහා පරිමාණ වංචනික කටයුතු, බදු ගෙවිය යුත්තෝ රුපියල් කෝටි ගණනින් එම බදු පැහැර හැරීම් දිගින් දිගටම අනාවරණය කළේ, රටේ ආර්ථිකයේ ඉදිරි ගමනට මේ ආයතන ත්‍රිත්වය තරම් ප්රමුඛ තවත් ආයතන පද්ධතියක් නොමැති නිසා ය. එකී බදු වංචා ගැන අල්ලස් කොමිසමට නොයෙක්වර පැමිණිලි කළේ ද ඒ නිසාම ය.
අද හෙළිදරව් කරන මහා පරිමාණ බදු පැහැර හැරීම ගැන පහත විස්තර කරන අයුරින් වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුට දැනුම් දී තිබියදීත් ඔහු එකී කටයුත්තට දැඩිව මැදිහත් වෙනවා වෙනුවට ඔහුට ඇති අධික වැඩ රාජකාරි නිසා හෝ එය සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පවරා නැවත ඒ ගැන නොසොයා සිටීම ද, කණගාටුවට කරුණකි.
අද කතාවේ ප්‍රථම හෙළිදරව්ව එස්. එල්. දේශය යූටියුබ් නාලිකාවේ දර්ශන හදුන්ගොඩ විසිනි..!
අද මේ සටහනින් කියා සිටින්නේ ද ශ්‍රී ලංකා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තක්කඩි ලොක්කෝ, ලොක්කියෝ කිහිප දෙනෙකුගේ වරමින් ප්‍රබල ‘කැසිනෝ’ ව්‍යාපාරයක් විසින් රටට අහිමි කරන රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක බදු මුදල් ප්‍රමාණයක් ගැන ය. අදාළ ‘කැසිනෝ’ ව්‍යාපාරයේ නම “කැසිනෝ මරීනා ය” ව්‍යාපාරයේ හිමිකරු ප්‍රකෝටිපති “රවි විජේරත්න” නමැත්තා ය.
මේ ‘කැසිනෝ’ ව්‍යාපාරයෙන් මසකට රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක බදු මුදල් නොගෙවා පැහැර හරින බවට හෙළිදරව් කළේ , යම් තොරතුරු සපයන්නකු සම්මුඛ සාකච්ඡාවකට බදුන් කරමිනි. එකී තොරතුරු සපයන්නා සියලු සාක්ෂි සහිතව සිය අනාවරණය සිදු කරනු ලැබ ඇත.
ඔහු ඉදිරිපත් කරන ගණන් හිලව්වලට අනුව එක් මාසයකට පමණක් රටට අහිමි කරන බදු මුදල රුපියල් කෝටි දහතුන් කෝටි පනස් ලක්ෂයකි. (135.000.000) එය මාස දොළහෙන් වැඩිකර බලන්න.
වංචාව සිදුකරන්නේ වර්ෂ 2023 අංක 11 දරන ඔට්ටු ඇල්ලීම සහ බද (සංශෝධන) පනත උල්ලංඝනය කරමිනි….!
ඉහත බදු සංශෝධන පනත අනුව 2023 අප්‍රේල් මස 01 දින සිට හෝ ඉන්පසුව ආරම්භවන කාල සීමාව තුළ දී එම සූදු ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ස්ථානයට ඇතුළුවන ශ්‍රී ලාංකික පුරවැසියකුවන යම් තැනැත්තෙකු ගෙන් එක්සත් ජනපද ඩොලර් 50 ක් හෝ එයට සමානව පරිවර්තනය කළ හැකි වෙනත් ව්‍යවහාර මුදලක් හෝ ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදලින් ‘කැසිනෝ’ ඇතුළුවීමේ බද්ද අය කරනු ලැබිය යුතු ය. එම මුළු මුදලම කිසිදු අඩු කිරීමකින් තොරව සෘජුවම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුම ය. එම මුදල කිසිසේත්ම කැසිනෝ ශාලාවට අයිති නැත.
මෙතැන් සිට අප තොරතුරු කරු හෙළිදරව් කරන මසකට රුපියල් දහතුන් කෝටියකට වැඩි මුදලක් අහිමි කරන ක්‍රියාවලිය සිදුවන්නේ මේසේ ය…!
වසර විස්සකට ආසන්න කාලයක් ‘කැසිනෝ: ක්‍රීඩාවේ යෙදී ඇති බව කියන තොරතුරුකරු ප්‍රකාශ කරන අයුරින් ඉහත බදු පනත අනුව ‘මරිනා කැසිනෝ’ ශාලාවට එන ශ්‍රී ලාංකිකයන් ගෙන් අය කරන ඩොලර් 50 කට සමානව රුපියල් 15,000 මුදල සහ ඒ සදහා දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා විසින් එම ආයතන වෙත ලබාදී ඇති රිසිට් පත්‍රය නිකුත් නොකරේ.
ඊට සාපේක්ෂව ඔවුන් විසින් මුද්‍රණය කරන ලද වෙනත් රිසිට් පත්‍රයක් නිකුත් කෙරේ. මේ වූකලී මහා පරිමාණ බදු වංචාවකි.
දිනපතා පැය විසිහතරම විවෘතයි. සෑම මසකම පෝය දින පැය 12 ක් හැර අවම වශයෙන් දිනකට පැමිණෙන පිරිස 300 ක ඉක්මව යි……! ඒ සියලු දෙනා ගෙන් ඉහත රුපියල් 15,000 අයකරනු ලැබේ. දිනක එකතූව කොපමණ ද ?
මෙකී මහා පරිමාණ බදු වංචාව ගැන අප කියන තොරතුරුකරු ද මේ කැසිනෝ ක්‍රීඩාවට යන පුද්ගලයෙකු බැවින් ඔහු මුලින්ම කර ඇත්තේ එම කැසිනෝ ශාලාවේ ඉහළ කළමනාකරුවකු ගෙන් විමසා සිටීම යි. ඔහු මේ තොරතුරුකරුට හරි හමන් පිළිතුරක් නොදුන් බැවින් ඔහු ඊළට 2024/06/26 දින දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුමක් ලබාගෙන කැසිනෝ බදු සම්බන්ධයෙන් රාජකාරී කරන නිලධාරියකු අමතා තිබේ.
ඒ අනුව එම නිලධාරියා හමුවීමට අවශ්‍ය බව දැන්වූ පසු ඊට පසුදා එනම් 2024/06/27 දින එම නිලධාරියා හමුවීමට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ අනුව එදින උදේ 10.00 ට දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ 09 තට්ටුවට ගොස් ඉහත නිලධාරියා හමුවී ඇත. එම නිලධාරියාගේ නම නාලක දිසානායක වේ. එම හමුවේදී ඉහත නිලධාරියා තොරතුරුකරුට ප්‍රකාශකර ඇත්තේ ලංකාවේ තිබෙන ප්‍රධාන කැසිනෝ ශාලා තුනක බදු එකතු කරන්නේ තමන් බවයි. තමන් මේ ගැන සොයා බලන බව තොරතුරුකරුට පොරොන්දුවී දුරකථන අංකයද ඉල්ලා ගොනු පිටත්කර යවා තිබේ.
බදු වංචා ගැන පැමිණලිකරුවන් පාවාදීම…..!
ඉන් පසු 2024/06/28 දින අප තොරතුරුකරු සුපුරුදු පරිදි කැසිනෝ ක්‍රීඩාව සදහා එම මරිනා කැසිනෝ ශාලාවට ගිය පසු ඔහු මුලින්ම රිසිට් පත් නිකුත් නොකිරීම ගැන කරුණු විමසූ කළමකාරවරයා ඔහුට කතාකර ඒ ගැන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ඇයි දැයි විමසා මින්පසු එහි නොඑන ලෙස දැනුම් දී තිබේ. එයින් පැහැදිලි වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නාලක දිසානායක නැමති බදු නිලධාරීයා මේ තොරතුරුකරු ගැන ඔත්තුව සපයා ඇති බව යි.
අප තොරතුරුකරු ඉහත නාලක දිසානායක නැමති නිලධාරියාට ඉන්පසු කිහිප විටක්ම දුරකථනයෙන් තම පැමිණිල්ල ගැන කරුණු විමසූ විට ප්‍රකාශ කර ඇත්තේ “අපි මාසේ අන්තිමේදී විසිට් කළා. එහෙම දෙයක් වෙන්නෙ නෑ. ඔයා එයාල එක්ක හැප්පෙන යන්න එපා” යනුවෙනි.
කොමසාරිස් ජනරාල්වරිය හමුවී තොරතුරු දැනුම් දීම…!
නාලක දිසානායක නැමති නිලධාරියා ගෙන් තම පැමිණිල්ලට කිසිවක් සිදුනොවූ කළ අප තොරතුරුකරු ඊළගට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරියට ඒ ගැන පැමිණිලි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු නැවතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අමතා තම අවශ්‍යතාව දැනුම් දුන් පසු එහි 11 මහලේ නිලධාරිනියක් දුරකථනයට ප්‍රතිචාර දක්වා තිබේ.
ඇයට තම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පළමුව පැමිණිලි කළ නාලක දිසානායක නැමති නිලධාරියා කරන ලද නීච ක්‍රියාව ගැන ද දැනුම් දී ඇත. එම නිලධාරිනියගේ නම තේනබදු නමැත්තියෙකි. ඇය තමන්ගේ ඉල්ලීම “මැඩම්” ට (කොමසාරිස් ජනරාල්) වරියට දැනුම් දෙන බව ප්‍රකාශ කර දුරකථන අංකය ඉල්ලා ගත්තද , නැවත කතාකර නොමැත.
ඉන්පසු ඉහත තේනබදු නමැති නිධාරිනියද අප තොරතුරු කරුගේ ඇමතුම්වලට ප්‍රතිචාර හදක්වා නැත. තමන්ගේ තුන්වැනි උත්සාහයද ව්‍යර්ථවූ කළ කෙසේ හෝ කොමසාරිස් ජනරාල්වරියම හමුවී මේ වංචාව දැනුම් දිය යුතුයැයි තීරණය කර තිබේ. ඒ අනුව අන්තර් ජාලයට ගොස් කොමසාරිස් ජනරාල්වරියගේ දුරකථන අංකය සොයා ගෙන ඇමතුමක් ලබා ගෙන තිබේ. අන්තර් ජාලයෙන් ලබාගත් අංකයට කතා කළ පසු ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරියගේ පුද්ගලික සහකාරවරයා ය. ඔහු ඉතා යහපත් ලෙස තමන්ට ඇහුම්කන් දුන් බව කියා සිටී.
අප තොරතුරුකරුගේ ඇමතුම සෘජුවම එතුමියට යොමු කිරීමට නොහැකි බව පවසා එම පුද්ගලික සහකාරවරයා ඊමේල් ලිපිනයක් ලබාදී සම්පූර්ණ විස්තරය එවන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව ඔහූ මේ මහාපරිමාණ බදු වංචාව ගැන සම්පූර්ණ විස්තරය එම විද්‍යූත් තැපෑලට යොමු කර ඇත. එහෙත් එම ඊමේල් පණිවුඩයට දින කිහිපයක් ගියද , කිසිදු පිළිතුරක් ලැබී නැත.
කෙසේ වෙතත් ඉහත පුද්ගලික සහකාරවරයා අප තොරතුරුකරුට ඔහුගේ දුරකථන අංකය ලබාදී ඕනෑම වේලාවක කතා කරන ලෙස දැනුම් දී තිබූ නිසා නැවතත් ඔහුට කතාකර තමන්ට පිළිතුරක් නොලැබුණු බව දන්වා