කාදිනල් මැල්කම් රංජිත් අතිශය පිළිකුල් සහගත ලෙස මාලිමා ආණ්ඩුවේ සියලුම කටයුතු වලට මැදිහත් වෙමින් සිටින අතර ඔහු මෑතකදී කියා ඇත්තේ බිමල් මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ වැඩ වෙන්න ඕන තමන්ට ඔනා  හැටියට බවය. ඒ  අනුව කාදිනල් සිය දෙවන මෙහෙයුම වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  නිලන්ත ජයවර්ධන මහතා රැකියාවෙන් ඉවත් කිරීමේ කූඨ උපක්‍රමයක් දියත් කොට තිබේ.  නිලන්තගේ බෞද්ධකම කාදිනල්ට ඇලජික් වී ඇති අතර, රවී-ශානි නිලන්ත බිල්ලට දී ගොඩ යෑමට හැකි බව තීරණය කර ඇත.

ඒ අනුව නිලන්ත ජයවර්ධන මහතා  රැකියාවෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍යය කටයුතු සකස් කලරන ලෙස කාදිනල් රාජ්‍යය ඉහළ නිළධාරීන්  කිහිප දෙනෙකුටම බලපෑම් කර ඇත. ඒ සඳහා රවී-ශානි- විජේපාල තුන්කට්ටුව මේ වන වට අවශ්‍යය  කටයුතු කරන නමුත් ඊට  ජනාධිපති අනුර දිසානායක මහතා එතරම් කැමත්තක් පලකොට නැත.

“සර්.. නිලන්ත ආපහු එනවට පොලිසියේ කිසිම කෙනෙක් කැමැති නෑ… ඒ නිසා අපට මේක කරන්න වෙනවා,” දේශපාලන බලය අවභාවිතා කොට සී.අයි.ඩි. එකේ ලොක්කා වූ ශානි අබේසේකර ජනාධිපති දිසානායක මහතාට දුරකතනයෙන් කතා කොට දැනුම් දීමට උත්සහ කළද ජනාධිපතිවරයා සිය දුරකථනය විසන්දි කොට ඇත. ඒ ඊයේ ජනාධිපතිවරයා මහනුවර සංචාරයේ යෙදෙන අවස්ථාවේය.

මේ අතර කාදින්ල්ගේ සහ ශානි-රවී දෙපලගේ දේශපාලන ගුණ්ඩු වලට අසු වුවහොත් ජනාධිපති අනුර දිසානායකට පමණක් නොව, ආණ්ඩුවටම පැවැත්මක් නැති වන බව, ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර මතය වී ඇති බව, විශ්වාස දායක ආරංචි මාර්ග තහවුරු කරයි.

“අපට කදිනල්ගෙන් ගැලවෙන්න එක්සිට් එකක් හොයා ගන්න වෙනවා , නැත්තම් මේක බැක්ෆයර් වෙනවා, ” ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු පෙරේදා එහි ලේකම් ටිල්වින් සිල්වාට පවසා ඇත. ඒ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts