2022 වසරේ හටගත් මහජන අරගලය මර්දනය කිරීමට එවකට සිටි ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූවා යි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය 2025 ජූලි 23 වන දා ලබා දුන් ඓතිහාසික තීණ්දුව නුදුරේදී මේ රජයට එරෙහිව සමාජය තුළින් පැන නැගිය හැකි මහජන විරෝධය හා අරගලය නීති ගත කිරීමක් හා ප්‍රවර්ධනය කිරීමක් වනු ඇතැයි මේ රටේ ප්‍රකට නීතිවේදීහු මත පල කර සිටිති.

එවකට සිටි ජනාධිපතිවරයා කර ඇත්තේ බරපතළ ව්‍යසනයක් හා රටේ ඇතිවිය හැකි කැරැල්ලක් මැඩ පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව තමන්ට හිමි වී ඇති අවම බලය පාවිච්චි කිරීම පමණක් බව එම නීතිවේදින්ගේ මතයයි. 

 මෙම නඩුව පවරා තිබුණේ ලංකාවේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් අම්බිගා ෂන්ගණනාදන් මහත්මිය හා ලිබරල් තරුණ ව්‍යාපාරය විසිනි.  මහජනතාවගේ මූලික අවශ්‍යතා නොතකා මහජනතාව පෙළමින් වගකීම් විරහිතව ගෙනගිය පාලනයකට එරෙහිව ශ්‍රී ලංකාවාසී පීඩිත ජනතාව තුළින් මතු වූ අරගලයක් මර්ධනය කිරීමට එවකට රටේ වැඩ බැලූ ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනතේ දෙවැනි වගන්තියේ යටතේ 2022 ජූලි 17 වනදා ඇඳිරි නීතිය පැනවීම ඉලක්ක කරගෙන ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ජනාධිපතිවරයාගේ එම ක්‍රියා කලාපය තුළින් රටේ ජනතාවට අරගල කිරීමට හා විරෝධතා දැක්වීමට තිබෙන මිනිස් මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බව ඔවුන්ගේ අදහසයි.

අගවිනිසුරු මෘදු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුව විභාගයට ගැනිනි.

සිද්ධියෙන් වසර තුනකට පසු 2025 ජූලි 23 වනදා බිඳුනු බහුතර තීන්දුවක් ලෙස නඩුවේ තීන්දුව් ප්‍රකාශයට පත් කෙරිණි. ජනාධිපතිවරයා එම මොහොතේ ඇදිලි නීතිය පැනවීම අත්තනෝමතිකයි හා බලශූන්‍යයි ලෙස අර්ථ ගන්වා ඒ මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දුව ලබා දුන්නේ අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය හා යසන්ත කෝදාගොඩ විනිසුරුවරුන්ය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතාගේ තීන්දුව වී ඇත්තේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවූයේ යැයි කියාය.

ඡන්දයෙන් පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අරගලය විසින් පන්නා දමා ඒ වන විට රට කරවූයේ ව්‍යවස්ථානුකූලව පත් වූ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. අරගලය බලවත්ව ඒ වනවිට වන විට මුළු රටම අරාජික වන තත්ත්වයකට පත්ව තිබිණි. ජනාධිපති ලේකම් කාර්යාලය, කොටුවේ ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය ආදී රාජ්‍ය පාලන මරමස්ථාන අරගලකරුවන් විසින් අත් අත්පත් කරගෙන සිටියහ. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවස ඇතුළුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු දේශපාලඥයින්ගේ නිවාස සියයකට වඩා අරගලකරුවන් විසින් ගිනිබත් කර විනාශ කර දමා තිබිණි. කිසිත් කලබලයකට මැදිහත් නොවූ මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ ආරක්ෂකයෙක් අරගලකරුවන් සමූහයක් විසින් තිරස්චීන ලෙස වදදී ඝාතනය කර දමා තිබිණි. ඒවන විට ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් සොයා සොයා අරගලකරුවන් නිදැල්ලේ  හැසිරෙමින් තිබිණි. පොලිසිය හා ආරක්ෂක අංශ නිසි අනදීමක් හා මග පෙන්වීමක් නොමැති වීමෙන් විපිලිසරව බලා සිටියහ.  එපමණක් ද නොව, වර්තමාන රජයේ සිටින ප්‍රබල ඇමතිවරයෙකු වූ එක්තරා පුද්ගලයෙකු ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය යොදා ගනිමින් අරගලකරුවන්ට ආරාධනා කරමින් සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානම   බංකරය ලෙස පාර්ලිමේන්තුව හඳුන්වාදෙමින් එය කඩාබිඳ දමන්නට රොද බැඳ පැමිණෙන ලෙසයි…

වැඩබළට ජනාධිපති ව්‍යවස්ථානුකූලව තමන්ට හිමිව ඇති ප්‍රතිපාදන ප්‍රකාරව මහජන ආරක්ෂක පැවැති අංශ දෙක වගන්තිය යටතේ ඇඳිරි නීතිය පනවනුනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නටය. ජනාධිපතිවරයා එසේ ඇඳෙන් නීතිය පනවා නීතිය රටේ ස්ථාපිත නොකළේ නම් මේ රටේ ඉරණම එදා නිසැක වශයෙන්ම වෙනස් වනු ඇතැයි පෙන්වා දෙන නීතිවේදීහු ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙලාවේ ලබා දීඇති තීන්දුව ගැන මවිතය පළ කරන්නට වූහ.

රනිල් වික්‍රමසිංහ එදා එසේ රට තුළ ස්ථාපිත කරන ලද ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ජාතික ජන බලවේගය මේ රටේ බලය ලබාගත්තේ ආකර්ෂණීය පොරොන්දු රාශියක්  ජනතාව වෙත ලබාදෙමිනි. අරගලයෙන් පන්නරය ලැබ සිටි පොදු ජනතාව වෙත අනාගත සුබ සිහින හා බලාපොරොත්තු රාශියක් ඇපයට තබමිනි.

එහෙත් වත්මන් රජය පොදු ජනතාවගේ එම පොරොන්දු හා බලාපොරොත්තු ඉටු නොකළහොත් සිදුවන්නේ ගෝඨාභයගේ රජයට අත් වූ ඉරණම ඊටත් වඩා වැඩි වේගයකින් තමන් වෙත අත්පත් කර ගැනීම බව පෙන්වා දෙන නීතිවේදීහු එසේ වුවහොත් මහජන අරගලය ඔවුන් වෙත එල්ල වනු ඇතැයි පෙන්වා දෙති.

සාමාන්‍යයෙන් රටක පොදු ජනතාව  අරගලයක දී හෝ ව්‍යසනයකදී රටේ පවතින මූලික නීතියට අවනත වන්නේත් එය ඉක්මවා කටයුතු කරන්නට නොසිතන්නේත් කලබල නොකරන්නේත් එම රටේ මූලික නීතියට ඇති බය නිසා බව රහසක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ලබා දී ඇති තීන්දුව තුළ වරදට පෙළඹීම සඳහා ජනතාව තුළ මෙතෙක් කලක් තිබූ බය ඉවත් කර ඇතැයි නීතිවේදීහු කියති. ඒ අනුව මේ ලබා දුන් පූර්වාදර්ශය තුළ අනාගතයේදී නිසැක  වශයෙන්ම  අනුර කුමාර දිසානායකගේ රජයට නිසා එක අරගලයක භයානක ප්‍රතිඵල මුහුණ දීමට සිදුවනු ඇතැයි  එම නීතිවේදී උගතුන් පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts