
මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ 48 වන අගවිනිසුරු ලෙස කටයුතු කල මුර්දු ප්‍රනාන්දු මහත්මිය පසුගිය දා (ජුලි 27) විශ්‍රාම ගිය අතර එකී පුරප්පාඩුවට පත්වුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වූ හිටපු නාවික නිලධාරී ප්‍රීති පද්මන් සුරසේන මහතාය.
මුර්දු ප්‍රනාන්දු මහත්මිය ගෙන් පුරප්පාඩු වන අගවිනිසුරු ධුරය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරන් කිහිපදෙනෙකු අතර තියුණු තරගයක් පැවති අතර ජනාධිපතිවරයාගේ ආශීර්වාදය ලද ප්‍රීති පද්මන් සූරසේන මහතා ජූලි 27දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ශ්‍රී ලංකාවේ 49 වන අග්‍ර විනිශ්චයකාරවරයා ලෙස දිව්රුම් දුන්නේය.
නව අග විනිසුරුවරයා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය ජූලි 31 දා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැති අතර එහිදී තමාව අගවිනිසුරු ධුරයට පත්කළ ජනාධිපතිවරයාට නව විනිසුරුවරයා බලවත් සේ ස්තුතිය පළකළේය.
අනතුරුව අග විනිසුරු ලෙස තමන්වෙත පැවරී ඇති බලතල වලට අනුව, ඉදිරි සති කිහිපයේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයන්ට අදාල කැඳවීමේ නඩු සඳහා (mention court) විනිසුරුවරුන් තෝරා නම් කිරීම සිදුකර ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ විනිසුරු යසන්ත කෝදාගොඩට බලවත් අසාධාරණයක් කර ඇතැයි වාර්තාවේ. ඒ ඔහු අසුන් ගන්නා නඩු වලට ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ විනිසුරුවකු වන එස්. තුරෙයිරාජා නම් කර තුරෙයිරාජා අදාල නඩු විභාගවල ප්‍රධානියා ලෙස නම් කරමිනි.
ඒ අතර යසන්ත කෝදාගොඩ ට හිතවත් යයි පැවසෙන කුමුදුනි වික්‍රමසිංහ, ජනක ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරන්ට එරෙහිවද කැපිලි ආරම්භ වී ඇතැයි වාර්තාවේ.
යසන්ත කෝදාගොඩ ට හිතවත් යයි පැවසෙන එම ජ්‍යෙෂ්ඨ විනිසුරන්ට එරෙහිව කැපිලි සිදුකරන අතරේ තමන්ට හිතවත් එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර, අචල වෙන්ගප්පුලි වැනි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට අගවිනිසුරුවරයා විශේෂ අනුග්‍රහයන් ලබාදෙමින් සිටින බවද පැවසේ.
කෙසේවුවද ජ්‍යෙෂ්ඨ විනිසුරු කෝදාගොඩ ට එරෙහිව ආරම්භවී ඇති මෙම කෙහෙහිලිකම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හිතවත් පිරිසක් ජනාධිපතිවරයාව දැනුවත්කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.