වර්තමාන අග්‍ර විනිශ්චයකාර තුමිය වර්ෂ 2025 ජූලි මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිත ය.

තමා සෑම දෙයකටම සූර සෙනෙවියකු යැයි පෙන්වා ගන්නා විනිසුරුවරයෙක් ජැපෑන් ඉංදිකගේ කරමතින් ගොස් හිටපු ජනපති මෛත්‍රීපාලගේ පැට් පාරේ පිහිටි ගෙදර පුටු හෝදලා අභියාචනාධිකරණයේ සභාපති ධූරයට පත්වූ බව අළුත්කඩේ නීතිඥවරුන් අතර ප්‍රසිද්ධ රහසකි.

තවද මෛත්‍රීපාල පත්කල බරපතළ වංචා දූෂණ විමර්ශණ කොමිෂමේ සභාපති වශයෙන් කටයුතු කළ මෙම විනිසුරුවරයා විසින් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශයක් ඉදිරිපත් කිරීම නිසා ඊට තෑග්ගක් වශයෙන් මෛත්‍රීපාල විසින් අභියාචනාධිකරණයේ සිටි ජේෂ්ඨ විනිසුරුවරුන් 7 දෙනෙකු අභිබවා අනිසි ලෙස සභාපති පුටුවට පත් කිරීමට තරම් විහිළුකාර මෛත්‍රීපාල කෘතඥතාව දැක්වූ බවද සැවොම දන්නා කරුණකි.

මෙලෙස මෛත්‍රීපාලගේ නිවසේ පුටු හෝදා උසස්වීම් ලැබූ මෙම විනිසුරුවරයා අධිකරණයේදී කණිෂ්ඨ නීතිඥවරුන්ට පාර්ටි දැමීමටත් බොහෝ වැදගත් නඩු නිෂ්ප්‍රභා කිරීමටත් උපන් හපන්කම් දක්වන බවද අළුත්කඩේ නීතිඥ ප්‍රජාව සාක්ෂි දරයි.

මෙම විනිසුරුවරයා අභියාචනාධිකරණයේ සභාපති තනතුර දරන විට දින 50 ආණ්ඩුව පළවා හරිමින් ලබාදුන් නඩු තීන්දුවෙන් වාසි ලැබූ අගමැති පුටුවේ එල්ලී සිටි රනිල් වික්‍රමසිංහ ඊට කළගුණ සැළකුවේ එම විනිසුරුවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු ලෙස උසස්වීමක් ලබා දෙමින් වේ.

මේ සඳහා දින 50 ආණ්ඩුව මෛත්‍රීපාල ඉදිරියේ දිවුරුම් දුන් පසුව රනිල් වික්‍රමසිංහ එම පත්වීම අභියෝගයට ලක්කල විට බියට පත්වූ මෛත්‍රීපාල සිරිසේනම තම කුළුපගු විනිශ්චයකාර මිතුරා ගෙන්වා උපදෙස් ලබාදුන් බවද නොරහසකි.

රනිල් වික්‍රමසිංහ අභියාචනාධිකරණයෙන් ඉල්ලූ සහනයක් වන දින 50 ආණ්ඩුවේ කැබිනෙට්ටුව නතර කිරීමේ නියෝගය මෙම විනිසුරුවරයා ලබා දුන් බැවින් ඊට ප්‍රති උපකාරයක් වශයෙන් මෛත්‍රීපාල මෙම විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර එහි සිටි රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ ගෝලබාලයින් විසින් එම පත් කිරීම අනුමත කර ඇත .

මෛත්‍රීපාලගෙන් උපරිම වරප්‍රසාද ලබාගත් මෙම විනිසුරුවරයා අවසානයේදී මෛත්‍රීපාල පැට් පාරේ නිවසින් එළියට දැමීමට ද නියෝගයක් ලබා දුන්නේ කන්න දුන් අත හපාකන සුර තළකු ලෙසින් ය.

මේ ආකාරයෙන් එක් පක්ෂයක දේශපාලනඥයකුගෙන් උපරිම සහාය ලබාගෙන එම පක්ෂය කඩා වැටෙන විට ඔවුනට පයින් ගසා බලයට පත්වන නව දේශපාලන පක්ෂය සමග හොදකම් පැවැත්වීමටද මෙම විනිසුරුවරයා අති දක්ෂයකු බව පාර්ලිමේන්තුව පැත්තෙන් වාර්තා වන අතරම අළුතෙන් පත්වූ ජනපති අනුරගේ ආණ්ඩුවද මෙම විනිසුරුවරයාගේ හැසිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් මෙම වාර්ථාකරු අවධාරණය කර සිටී.

මෙම විනිසුරුවරයාගේ පියා JVP කළබල කාලයේදී ඝාතනය කළ බවට කසුකුසුවක් පවතින අතර එබැවින් වරදකරුවන් යැයි චෝදනා ලැබූවන් නිතැතින්ම එල්ලුම් ගහට යැවීමට ද අවස්ථාවක් ලද විගස ආධාරකරුවන්ගෙන් පළි ගැනීමටද සූදානමින් පසුවන බවද විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සූර සෙනෙවියා අතීතයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යුද්ධ හමුදා කෝප්‍රල් වරයකු ලෙස බැඳී පුහුණුව හදාරමින් සිටියදී එම සේවයෙන් ඉවත්වීමට කටයුතු කර ඇත්තේ එතුමාට මානසික රෝගයකින් පෙළෙන බවට වූ නිදහසට කරුණු ඉදිරිපත් කරමින් වීමද පුදුම සහගතය.

තවද මෙම විනිසුරුවරයා සිය ගෝලයකු ලවා අගවිනිසුරු පුටුවට තමා පත්කළහොත් ආණ්ඩුව ඉල්ලන ඕනෑම සහනයක් ලබාදෙන බවට භෂ් ආණ්ඩුවේ ප්‍රභලයන්ට දන්වා ඇති බවටද විශ්වාසදායක ආරංචි මාර්ගයක් සඳහන් කරයි.

ඉහත කී පරිදි යුද්ධ හමුදාවෙන් පළා ගිය මානසික වික්ෂිප්ත භාවයකින් හෙබි මෙම තැනැත්තා අගවිනිසුරු ධූරයට පත්වුවහොත් සමස්ථ අධිකරණ පද්ධතියට සහ රටට වෙන අගතිය පිළිබඳව නැවත නැවතත් සිතා බැලිය යුතු බවත් වැඩිදුරටත් සටහන් කර තබමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts