
බෞද්ධ හා කතෝලික විරෝධී ‘බෝනගේන්’ ආගමික නිකායේ ප්‍රකට විනිසුරුවරයකු ලෙස සැලකෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. පද්මන් සුරසේන වෙත අගවිනිසුරු ධුරය ලබාදීමට තීරණය කර තිබේදැයි ජනාධිපතිවරයා ගෙන් විමසීමට මහ නාහිමිවරුන් බලාපොරොත්තුවන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ජනාධිපති අනුර කුමාර සංස්කෘතික උත්සවයක් සඳහා ජුලි 17දා මහනුවරට පැමිණීමට නියමිත අතර ඔහු එදින මල්වතු – අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමට ද නියමිතය.
බෞද්ධයකු ලෙස ජන්මය ලබා පසුකලෙක බෝනගේන්’ නිකාය වැළඳගනිමින් එම නිකායේ ප්‍රකාශකයකු බවට පත්ව සිටින, විනිසුරු පී. පද්මන් සුරසේන කවරහෝ බලපෑමක් මත අගවිනිසුරු ධුරයට පත්කිරීමට තීරණය කර තිබේනම් එකී තීරණය සම්බන්ධයෙන් තමන් වහන්සේලාගේ කනස්සල්ල හා අප්‍රසාදය පලකිරීමට මහ නාහිමිවරුන් තීරණය කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
ජනාධිපතිවරයා සමග මෙම කාරණය සාකච්ජා කරන ලෙස මල්වතු – අස්ගිරි නාහිමිවරුන් වෙතින් ඉල්ලීම් කර ඇත්තේ දිවයිනේ ප්‍රකට නාහිමිවරුන් කිහිප නමක් විසින් බවද පැවසේ.
අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මියට මෙමස 27 දා (ජුලි 27 දා) වයස අවුරුදු 65 සම්පුර්ණ වන බැවින් එතුමිය එදින විශ්‍රාම ගැනීමට නියමිත අතර එකී පුරප්පාඩුවට බෝනගේන්’ විනිසුරු පී. පද්මන් සුරසේන පත්කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් තීරණය කර ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තාවල පලවිය.
88-89 භිෂන සමයේදී ජවිපෙ සන්නද්ධ කණ්ඩායමක් විසින් පද්මන් සුරසේනගේ පියා ඝාතනය කර ඇති අතර තම පක්ෂයෙන් සිදුවූ වරද නිවැරදි කරගැනීම සඳහා පද්මන් සුරසේන විනිසුරු කිරීමට ජවිපෙ විසින් තීරණය කර ඇතැයි ද පැවසේ.
ශ්‍රේෂ්ඨාධිකරණය බෞද්ධ සාසනයට අතපෙවීම….
මේ අතර වැලිමඩ ධම්මදින්නා නමැති භික්ෂුණිය සහ රන්ගිරි දඹුල්ල සංඝ සභාවේ මහ නායක පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් පසුගිය ජුනි 16 දා ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා හමුවේ තමන් වහන්සේලාගේ අප්‍රසාදය පලකිරීමට මහා නාහිමිවරුන් තීරණය කර ඇතැයි පැවසේ.
වැලිමඩ ධම්මදින්න නමැති භික්ෂුණියට “භික්ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කර තිබිණ. ඒ, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම ජූනි 16 දින විභාගයට ගත් අවස්ථාවේදී ය.
එම විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකු අන්‍යාගමිකයින් වේ.
කෙසේ වෙතත්, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන විසින් නිකුත් කරන ලද තීන්දුවේ සඳහන් කර තිබෙන්නේ, මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදු නොවන බව ය. ඒ අනුව ඇයගේ පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතු බවත් මහින්ද සමයවර්ධන විනිසුරුවරයා සිය සුළුතර තීන්දුවේ සඳහන් කර තිබිණි.