ශ්‍රේෂ්ඨාධිකරණ පී. පද්මන් සුරසේන මහතා වෙත එල්ලවී ඇතිබරලතල චෝදනා සම්බන්ධයෙන් නොපමාව පරීක්ෂණයක් කරන්නැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා වෙත පසුගිය දින කිහිපයේ පෙත්සම් ලැබෙමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මියට මෙමස 27 දා (ජුලි 27 දා)  වයස අවුරුදු 65 සම්පුර්ණ වන බැවින් එතුමිය එදින විශ්‍රාම ගැනීමට නියමිත අතර එකී පුරප්පාඩුවට පත්කරන ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ බරපතල සංවාදයක් මතුව ඇත්තේ ඇතැම් විනිසුරුවන් සම්බන්ධයෙන් බරපතල චෝදනාවන්ද එල්ලවෙමින් තිබෙන පසුබිමකය. 

ඔවුන් අතරින් බරපතලම චෝදනා එල්ලවී ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා වෙතයි. 

මිට දින කිහිපයකට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කතානායක වෙත ලැබී ඇති පෙත්සමක මෙසේ සඳහන් වේ. 

” අපගේ උත්තරීතර අධිකරණ ආයතනයේ පූජනීයත්වය ඉතා වැදගත් තීරණයක අද්දරක සිටින මෙම මොහොතේ, එනම් අනාගත අගවිනිසුරු පත්කිරීම 

සම්බන්ධයෙන්, ඔබගේ ගෞරවනීය කාර්යාලයට මාගේ ඉහළම ගෞරවය හා භක්තිය පුදකරමින් මෙම ලිපිය ලියමි.

ශ්‍රේෂඨාධිකරණයේ වත්මන් විනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා පිළිබඳ ගැටලු සහගත චෝදනා කඩිනම් පරීක්ෂාවට ලක්විය යුතු බවට මහජනතාවගේ අවධානයට ලක්ව ඇති අතර, එය පුරවැසියන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් අතර සුළු නොවන කනස්සල්ලක් ඇති කර තිබේ.

මේ චෝදනා අතරින් වඩාත්ම කනස්සල්ලට කරුණ වන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ සමය සම්බන්ධයෙන් පවතින නොනවතින ප්‍රකාශයන් සහ කටකතා මෙන්ම, ඔහුගේ උප්පැන්න සහතිකය හා අනෙකුත් පෞද්ගලික වාර්තා වටා ඇති විෂමතා වාර්තා වීමයි.

විනිවිදභාවය, ආයතන විශ්වසනීයත්වය සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන්, මෙම කවුන්සිලය විසින් මෙම චෝදනාවල සත්‍යතාව විධිමත් ලෙස ග්‍රහනයට ගෙන තක්සේරු කිරීම වඩාත් විචක්ෂණශීලී මෙන්ම අත්‍යවශ්‍ය වනු ඇත.

එවැනි බරපතල චෝදනා නොසලකා හැරීමට ඉඩ හැරීම, විශේෂයෙන්ම අප රටේ අධිකරණ බලයේ ඉහළම ස්ථානයට පත්විය හැකි පුද්ගලයෙකු සම්බන්ධයෙන් වන විට, මහජන විශ්වාසය පළුදුවීමට ආරාධනා කිරීමක් වන අතර, ගෞරවනීය අගවිනිසුරු කාර්යාලය මත මග හැරිය නොහැකි සෙවනැල්ලක් වැටේනු ඇත.

ඒ අනුව, ගරු කවුන්සිලය තම ව්‍යවස්ථාපිත වරම විමසිලිමත් ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, අගවිනිසුරු ධූරය සඳහා ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකු විසඳා 

නොගත් මතභේදයකින් තොර බව තහවුරු කරන ලෙසත් මම තරයේ ඉල්ලා සිටිමි.

එය කිරීමේදී,

අ) ​ශ්‍රී  ලංකා නාවික හමුදාවෙන් විනිසුරු පද්මන් සුරසේන මහතාගේ අදාළ සහ/හෝ පෞද්ගලික නිල වාර්තා පරීක්ෂා කිරීම සඳහා කැඳවන්න.

ආ) ශ්‍රී   ලංකා නාවික හමුදාවේ සේවය කරන කාලය තුළ විනිසුරු පද්මන් සුරසේන මහතාගේ ‘විශ්‍රම ගැනීම/නිවාඩු ලබාගැනීමේ ක්‍රියාවලිය’ 

ඇතුළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා නාවික හමුදාපතිගෙන් සහ/හෝ ශ්‍රීලංකා නාවික හමුදාවේ බලයලත් ඕනෑම නිලධාරියෙකුගෙන් කරුණු පැහැදිලි කිරීම් ලබාගන්න.

ඇ) විනිසුරු පද්මන් සුරසේන මහතාගේ උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් වන ප්‍රකාශයන් තක්සේරු කිරීමේදී අදාළ සහ/හෝ පෞද්ගලික නිල වාර්තා පරීක්ෂා කිරීම සඳහා කැඳවන්න.

ගෞරවාන්විතව දන්වා සිටින්නේ, උසස්වීම් සිදු කිරීමට පෙර පැහැදිලි භාවය අත්‍යවශ්‍ය බවයි. මෙම කරුණු කෙළින්ම විසඳීමට සිදුවන ඕනෑම ප්‍රමාදයක් අධිකරණයේ කීර්ති නාමයට හානි පමුණුවනවා පමණක් නොව, උසස් තනතුරු සඳහා පත්වීම් සම්බන්ධයෙන් ගැටලු සහගත පූර්වාදර්ශයක් ද ඇති කරයි.

එවැනි ප්‍රකාශයන් සහ චෝදනා සනාථ වී සත්‍ය බව තහවුරු වුවහොත්, අදාළ පුද්ගලයාට අධිකරණ තනතුරක් දැරීමට හෝ තනතුරේ තවදුරටත් සිටිමට ඇති සුදුසුකම සහ යෝග්‍යතාවය තක්සේරු කිරීම අත්‍යවශ්‍ය වන අතර එය , නොසලකා හැරීම අඩුපාඩුවක් වනු ඇත.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts