පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසන්නායකට උදව් කළ හා මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීම වෙනුවෙන් මහත් කැපවීමක් කළ විශ්‍රාමික ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනකු වන රවී සෙනවිරත්න මහතාට හා ශානි අබේසේකර මහතාට කළගුණ සැලකීමක් ලෙස පිළිවෙලින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පදවිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පදවිය පිරිනැමීම අද ජාතික ජන බලවේගයේ පුනරුද ආණ්ඩුවට දේශපාලන පාරාවළල්ලක් වී ඇතැයි පැලවත්ත පක්ෂ මූලස්ථානයට සම්බන්ධ සංවේදී ආරංචි මාර්ගග පවසයි.

රවි සෙනවිරත්නට හා ශානි අබේසේකරට මේ වන විට විවිධ වැරදි හා අකටයුතුකම් සම්බන්ධයෙන් වන චෝදනා රැසක් පවතී . නීතිය අවභාවිතා කිරීම, වගකීම් පැහැර හැරීම, නීතියට වංගු ගසා පවත්නා ආණ්ඩුවල දේශපාලඥයන්ගේ වුවමනා එපාකම් ඉටු කිරීම, උසාවි වල නඩු පැවතීම, මැතිවරණවලදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ගේ ප්‍රචාරක රැස්වීම් වල පෙනී සිටීම හා එම සේවය නිමිති කොට ගෙන රටට හා රටේ ජාතික ආරක්ෂාවට බලපාන සුවිශේෂී තනතුරු දෙකක් භාර ගැනීම වැනි බරපතළ චෝදනා රැසක් මේ දෙදෙනාට එරෙහිව සමාජයේ ඇති බව රහසක් නොවේ. එසේ තිබියදී මාලිමාවේ ආණ්ඩුව මේ දෙදෙනාට ආරක්ෂක අමාත්‍යාංශයේ හා පොලිසියේ ඉහළම තනතුරු දෙකක් පිරිනැමීම තුළ වැරදි පූර්වාදර්ශයක් පෙන්වා ඇතැයි පැල්වත්ත කාර්යාලයෙන් ආණ්ඩුවට බරපතල චෝදනා එල්ල වී ඇතැයි පැවසේ…

වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනවිරත්න උසාවියේ නඩු හබ හා ආරක්ෂක ක්ෂේත්‍රයේ බලපතල චෝදනා රැසක් පවතින හිටපු ඉහල පොලිස් නිලධාරියෙකි. පාස්කු ප්‍රහාරය ගැන ඔහු හා ෂානි වෙන වෙන පාර්ශ්වවලට ඇඟිලි එල්ල කරමින් චෝදනා කළත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් බරපතලම චෝදනාව එල්ල වී ඇත්තේ රවි සෙනවිරත්නට බව රහසක් නොවේ. 

පාස්කු ප්‍රහාරය සිදුවූයේ එවන් බරපතළ ගණයේ ප්‍රහාරයක් ඉදිරි පාස්කු දිනයේදී සිදුවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ සියලු තොරතුරු හා කරුණු ඇතුළත් සවිස්තර වාර්තාවක් මේ රටේ ආරක්ෂක අංශ වෙත ලබා දී තිබියදී බව තාමත් බොහෝ දෙනා සාකච්ඡා කරන නැති කාරණාවකි. එම සවිස්තර බුද්ධි අංශ වාර්තාව කල් වේලාඇතිව එවකට රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාගේ මේසය උඩට ලැබී දින ගණනක් ගත වී ඇතත් ඔහුට එම ලියුම් කවරය විවෘත කර පණිවිඩය ලබාගෙන තිබුණේ නැත.  ඔහු වගකීමක් සහිත පොලිස් නිලධාරියෙකු නම් එවන් වැදගත් බුද්ධි අංක තොරතුරක් ලබා දී තිබියදී එම තොරතුරු මත ක්‍රියාත්මක වී පාස්කු දිනයේ සිදුවූ ඒ මහත් වේදවාචකය වළක්වා ගන්නට ඕනෑ තරං ඉඩ තිබුණු බව පාස්කු ප්‍රහාරය ගැන සොයන්නට පත් කළ ජනාධිපති කොමිෂන් සභා පවා පිළිගත් කාරණාවකි. සහරාන්ලාගේ ඉලක්ක, ඔවුන් සිටින තැන්, ඔවුන් නිතර රැස්වෙන තැන්, ඔවුන්ගේ ගමන් බිමන්, කාර්යාල නිවාස ආදී සියලු තැන් පිළිබඳ විස්තර එම සවිස්තර වාර්තාවේ සඳහන්ව තිබීම මොනතරම් වැදගත්ද…

එම වාර්තාව මත ක්‍රියාත්මක වූයේ නම් අද අපට කතා කරන්නට පාස්කු ප්‍රහාරයක් මේ රටේ සිදුවන්නේ නැති බව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශය විය. එය බරපතළම චෝදනාවයි.

රවීට එරෙහිව තිබෙන දෙවන චෝදනාව වනුයේ ඔහු 2023 වසරේ කොල්ලුපිටිය – වැල්ල වත්ත සමුද්‍රාසන්න මාවතේදී බීමත්ව රිය පදවා බරපතල රිය අනතුරක් සිදු කිරීමයි. මෙම අනතුර සම්බන්ධයෙන් වැල්ලවත්ව පොලිසිය ගල්කිස්ස අධිකරණයේ නඩුවක් පවරා එය විභාග වෙමින් පවතිද්දී එම නඩුව පැවරූ පොලිසියේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ බලධාරියා ලෙස අමාත්‍යංශයේ ලේකම් තනතුර භාර ගැනීමත් සදාචාරය ඉක්මවා ගිය විසමාචාර වරදකි. 

මෙම රථ වාහන අනතුර සම්බන්ධයෙන් තවත් ඉතා වැදගත් කාරණාවක් කිව යුතුව තිබේ. 

මෙම රථ වාහන අනතුරට සම්බන්ධ නඩුව පසුගිය සතියේ ගල්කිස්ස මහ අධිකරණයේ විභාගයට ගැනෙද්දී තවත් දෙයක් සිදුවිය. ඒ මොහොතේ එම නඩුව විභාග කරමින් සිටියේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනිය මහත්මියයි. මහජන ආරක්ෂාව භාර අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව එම නඩුවේ ප්‍රධාන චෝදනා තුනකි

1 රිය අනතුරක් වළක්වා නොගැනීම

2 අපරික්ෂාකාරීව රිය වැක්පැඳවීම.

3 බීමත්ව රිය පැදවීම.

දැන් මේ පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව මේ චෝදනා තුන සම්බන්ධයෙන් චෝදනාව එල්ල කළ යුතු වන්නේ තම ආයතන දෙකම බාර ප්‍රධානියා වන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ  ලේකම් රවි සිරිවර්තන මහතාටය. එය කෙතරම් අසීරු කාරණාවක් දැයි කතා කිරීම වෙනම කාරණාවකි. එහෙත් නීතිය කාටත් එක සේ පොදුය.

එබැවින් නීතිපති දෙපාර්තමේන්තුව හා වැලවත්ත පොලීසිය එක්ව මෙම නඩු වාරයට පෙර නඩු වාරයේදී  සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරමින් විත්තිය වෙනුවෙන් බරපතල ඉල්ලීමක් කර තිබිණි.

“මෙම නඩුකරයේ නීතිපති උපදෙස් මත දෙවැනි හා තුන්වෙනි චෝදනා පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා. පළවෙනි චෝදනාව මත පමණක් නඩුව ඉදිරියට පවත්වාගෙන යන්න… “

පොලිසිය ඉදිරිපත් කර තිබූ මෙම ඉල්ලීම අලුයම ලූ කෙළ පිඩක් සේ උචිත පිළිකුලෙන් ප්‍රතික්ෂේප කර ඇති නීතිඥවරිය පොලිසිය මුල් වරට ඉදිරිපත් කර තිබූ චෝදනා තුනම සම්බන්ධයෙන් ඉදිරියට නඩුව පවත්වාගෙන යාමට තීන්දු කරනු ලැබ ඇත… ඒ මීට පෙර වූ සිද්ධියකි.

මෙවර එම නඩුකරය විභාගයට ගනිද්දී වගඋත්තරකාර රවී සෙනවිරතන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයා මුළු උසාවියම මවිතයට පත් කළ යෝජනාවක් ඉදිරිපත් කළේය…

ඔහු කීවේ මෙම නඩුකරය මේ රටේ ඉතා විශේෂිත පුද්ගලයෙක් සම්බන්ධයෙන් අසන නඩුකරයක් බැවින් කරුණාකර ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව විමසීම වෙනුවට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හෝ වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු මෙම නඩුකරය විමසීමට නම් කරන ලෙසයි…

කොටින්ම කිව්වොත් එහි තිබුණේ නීතිපතිට අවශ්‍ය පරිදි චෝදනා තුන සංශෝධනය කර ප්‍රබල චෝදනා දෙක ඉවත්කර “රිය අනතුරක් වළක්වා නොගැනීම” යන එතරම් බරපතල නොවූ චෝදනාව මත පමණක් නඩුව ඇසීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඉවත්කර ඒ සඳහා කැමති මහේස්ත්‍රාත්වරයකු පත් කරදෙන ලෙසයි…

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය හා විශ්වාසය මෙන්ම නීතිගරුක භාවය ඉස මුදුනින් ගරුකරන නීතිවේදීහු පෙන්වා දෙන්නේ අපේ රටේ අධිකරණ පද්ධතියට මේ තරම් අපහාසයක් කළ තවත් චෝදනාවක් තිබේද කියාය…

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ ආකාරයෙන් නීතිය නමා තමා යටතේ තිබෙන ආයතන පාලනය කරමින් නීතියට වෙට්ටු දැමීමට කරන උත්සාහය ගැන මේ වන විට පැනවත්ත කාර්යාලයට බරපතළ චෝදනා එල්ලවන්නට පටන්ගෙන තිබේ. රවී සෙරිවිරත්න ගැන මෙන්ම ශානි අබේසේකර ගැන එල්ල වූ චෝදනා ගැන වෙනම පිටුවක කතා කරන්නට වටී. 

පැලවත්ත කාර්යාලයේ දැඩි මතධාරී දේශපාලනඥයන් හා මාලිමාවේ ලිබරල්වාදීන් අතර මේ සම්බන්ධයෙන් බරපතල මත ගැටුමක්ද ඇතිවූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි…

මේ තත්ත්වයෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දිනක රවි සෙනෙවිරත්නට හා ෂානි අබේසේකරට එම වගකීම්  භාර දුන්නේ ඇයි දැයි රජය මෙන්ම පැල් වත්ත කාර්යාලය වෙනුවෙන් පෙනී සිටින ප්‍රකාශකයෙක් වන බිබල් රත්නායක උත්තරයක් දුන්නේය. ඔහු කීවේ රවීට හා ෂානිට මෙම තනතුරු දෙක ලබා දෙන්නට මාලිමාවේ ආණ්ඩුවට සිදු වූයේ කාදිනල් තුමාගේ බලපෑම මත බවයි. 

එමගින් බිමල් රටට හෙළි කළ තවත් වැදගත් කාරණාවක් වූයේ කතෝලික පල්ලිය හා කාදිනල් තුමා ආණ්ඩුවට අනිසි බලපෑම් හා ඇඟිලි ගැසීම් කරමින් සිටින බවයි. කුමන කරුණක් නිසා හෝ ආණ්ඩුවට එම බලපෑම්වලට යටත් වීමට සිදුව ඇතිි බවයි.

මේ අටේ හැට අට ලක්ෂයක් පමණ වූ සාධාරණ ඡන්දදායක පිරිසස ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත් කරමින් ජාතික ජන බලවේගයේ නායකයෙක් මේ රටේ නියමුවා ලෙස පත්කරමින් බලාපොරොත්තු වූ කාරණා අතර අංක එකට පවතින කාරණාවක් වූයේ මේ රටේ යුක්තිය හා සාධාරණත්වයමට සම සේ බෙදී යන පරිදි ස්ථාවර කළ යුතු බවයි. ඒත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා තමන් සුදනා බවට පත්වීමේ න්‍යාය පත්‍රය තුළ මේ කරමින් සිටින මෙහෙයුමේ අර්ථය කුමක්ද. යුක්තිය හා සාධාරණත්වය සැමට සමසේ ඉල්ලා සිටි හැට අට ලක්ෂයක පොදු ජන අභිප්‍රායන් හා අපේක්ෂාවන් තවදුරටත් සිහිනයක් වන බව නොවේද. 

මේ පිළිබඳව උපේක්ෂාවෙන් බලා සිටින මේ රටේ යුක්තිය සාධාරණය ගරුකරන ගරුකරනන ඉහළ නීතිවේදීන් පිරිසක් මේ සම්බන්ධයෙන් පැවසුයේ “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩු” කියා අතීතයේ සිට උවමක් පැවත එන්නේ මෙවන් කාරණා සම්බන්ධයෙන් වැඩිපුර දුර දිග කල්පනානොකර හිත හදාගන්නට බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts