විනිසුරුගේ මානුෂීය තරාදිය වැඩකරන අමුතු ආකාරය මෙන්න!!!
අධිකරණය හමුවේ ප්‍රදර්ශනය වන ‘මානුෂීයත්වයේ’ ද්විත්ව සම්මතය සහ මළගෙදරදී හෙළි වූ ආන්දෝලනාත්මක හිතවත්කම පිළිබඳ විශේෂ හෙළිදරව්ව!
පසුගිය මාසයේ 18 වන සෙනසුරාදා දින, බාල ඖෂධ නඩුවේ රජයේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ගේ පියා අභාවප්‍රාප්ත විය. යම් තැනැත්තෙකුගේ පියෙකුගේ අභාවය යනු අතිශයින්ම සංවේදී මෙන්ම මානුෂීය කාරණයක් උනත් ඖෂධ නඩුවේ විභාගය සිදුවන ත්‍රිපුද්ගල අධිකරණය හමුවේ සිදුවූ සිදුවීම් මාලාව සාධාරණ අධිකරණ පද්ධතියක් පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථ මතු කරයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සමග මෙම නඩුව පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් සහිත තවත් නීතිඥවරුන් පස්දෙනෙකු දිනපතා පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිති. කෙසේ වෙතත්, අදාළ සිදුවීමෙන් පසු සඳුදා දින අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයෙකු, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ පියාගේ අභාවය හේතුවෙන් මානුෂීය පදනම මත මුළු සතියම නිවාඩු ලබාදෙන ලෙස ඉල්ලා සිටිනු දැකිය හැකි විය. මතක තබාගන්න දිනක් හෝ දෙකක් නොව මුළු සතියක්ම.
එම ඉල්ලීම හමුවේ තත්පර ගණනකින් ක්ෂණිකව ක්‍රියාත්මක වූ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ, මානුෂීය හේතූන් මත පදනම්ව පැමිණිලි පාර්ශ්වයේ සියලු දෙනාටම මුළු සතිය සඳහාම නිවාඩු ලබාදීමට තීන්දු කළා. අනේ හොඳයි. හැබැයි ලක්මිනිගේ පියාගේ අභාවය වෙනුවෙන් නිවාඩු ලබාදීම ගැටලුවක් නොවුනත් අපේ පාඨකයින්ගේ දැන ගැනීමට, මෙම “මානුෂීය තරාදිය” විත්ති පාර්ශ්වයට බලපෑ ආකාරය පරීක්ෂා කිරීමේදී අධිකරණයේ ද්විත්ව සම්මතය ප්‍රසිද්ධියේම අනාවරණය වෙනවා.
මේ නඩුවේ පළමු වන චූදිතයා වන බාල ඖෂධ නිෂ්පාදකයා වරක් දැඩි ලෙස රෝගාතුර වී රජයේ රෝහලක දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඔහු ඒ වෙනුවෙන් සුදුසු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළත් අධිකරණ කටයුතු මොහොතකටවත් අත්හිටවූයේ නැහැ. එවගේම, කෙහෙලිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා දැඩි ලෙස රෝගාතුර වෙලා කොන්දේ සැත්කමක් කිරීම හේතුවෙන් ජනවාරි මාසයේදී සති දෙකක වෛද්‍ය නිවාඩු ලබා සිටියදී පවා නඩුව කල් නොදමා නොනවත්වා පවත්වාගෙන ගියා. තමන්ගේ නඩුවට පෙනී සිටීමට විත්තිකරුවකුට ඇති මූලික අයිතිය පවා එහිදී අවධානයට යොමු කර තිබුණේ නැහැ..
මීටත් අමතරව, 6 වන චූදිතයා වන හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඩෙංගු රෝගයට ගොදුරු වී රෝහල්ගතව සිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවූ සැණින් අධිකරණය හමුවේ පෙනී සිටියේය. තමන්ගේ රුධිරයේ ප්ලේට්ලට් ප්‍රමාණය තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බැවින් වෛද්‍ය උපදෙස් මත විවේක ගැනීමට අවශ්‍ය බව පවසමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළත්, විනිසුරු ප්‍රියන්ත ලියනගේ ප්‍රශ්න කළේ “ප්ලේට්ලට් ප්‍රමාණය මෙච්චර නම්, නෝමල් මෙච්චර නම්, මම මොනව කරන්නද?” කියාය. අවසානයේ ඔහුට එක දිනක හෝ විවේකයක් හිමි නොවුනා.
තත්ත්වය තවත් බරපතල වූයේ 9 වන චූදිතයා වන ජයනාත් බුත්පිටිය ගේ නීතිඥ රාහුල් ජයතිලක දැඩි උණ සහ පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත වූ අවස්ථාවේදීයි. එම චූදිතයා වෙනුවෙන් පෙනී සිටි එකම නීතිඥවරයා උනේ ඔහුයි. මේ අතර නඩුවේ වැදගත් සාක්ෂිකරුවෙකු වන ප්‍රධාන ගණකාධිකාරීවරයාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබුණා. සුව වන තෙක් නඩුව දින දෙකකට කල් තියන්න කියල වෙනත් නීතිඥවරයෙකු මාර්ගයෙන් රෝහල් ලේඛන ඉදිරිපත් කරමින් රාහුල් ජයතිලක ඉල්ලා සිටියත්, විනිසුරුවරයා ප්‍රකාශ කළේ කිසිදු හේතුවක් මත නඩු කටයුතු නතර කළ නොහැකි බවයි.
විත්ති පාර්ශ්වයට “කිසිදු හේතුවක් මත නඩුව නතර කළ නොහැක” යැයි ප්‍රකාශ කළ අධිකරණය, පැමිණිල්ලේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ පියාගේ අභාවයේදී මුළු සතියකටම නඩුව අත්හිටුවීය. ඔන්න ඔහොමයි අධිකරණයට විනිසුරුවරු අපහාස කරන්නෙ.
කෙසේ වෙතත්, මෙම සමස්ත සිදුවීමේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වෙන්නේ ඉන් අනතුරුවයි.
අතිශය බරපතල හෙළිදරව්ව –
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ගේ නිවසේ පැවැති මළගෙදරට නඩුව විභාග කරන, විභාගවෙමින් පවතින නඩුවක විනිසුරුවරුන් තිදෙනාම සහභාගී වීම නෛතික මූලධර්මවලට බලපාන්නෙ කොහොමද කියල නම් අපෙන් අහන්න එපා.. ඒ විතරකුත් නෙවෙයි, මේ නඩුවේ පළමු වන චූදිතයා – බාල ඖෂධ නිෂ්පාදකයාත්- ලක්මිණිගේ පියාගේ මළගෙදරට පැමිණ සිටීම ගැන මොකද හිතන්නෙ?
ලස්සනම වැඩේ කියන්නෙ, නඩුව විභාග කරන විනිසුරුවරුන් තිදෙනායි, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියයි එක්ක නඩුවේ ප්‍රධාන චූදිතයා-හොර බෙහෙත ගෙනාපු එකා- එකම ස්ථානයක රැඳී සිටිමින් අතිශය සුහදව සංවාදයේ යෙදීම හරිම ඉන්ටරස්ටින් හෙළිදරව්වක් නෙවෙයිද?.
අධිකරණය තුළදී දැඩි ලෙස හැසිරෙන පාර්ශ්වයන්, පෞද්ගලික මට්ටමේදී චූදිතයන් සමග, විශේෂයෙන්ම ප්‍රධානත චූදිතයා එක්ක මේ විදිහට සමීප සබඳතා පැවැත්වීම පිළිබඳ බරපතල සැකසංකා මතුකරන්නක් නෙවෙයිද?
අපිට නැගෙන මේ ප්‍රශ්න ඔයාලටත් නැගෙනවද?
නඩුවක් විභාග වෙමින් පවතින අතරතුර, සාක්ෂි මෙහෙයවන පැමිණිල්ලත්, තීන්දු ලබාදෙන විනිසුරුවරුනුත්, නඩුවේ ප්‍රධාන චූදිතයාත් එකම පරිශ්‍රයක මෙලෙස කාලය ගත කරන්නේ කෙසේද?
අධිකරණය තුළදී චූදිතයන්ගේ මානුෂීය අයිතීන් පවා ප්‍රතික්ෂේප කරන විනිසුරුවරුන්ගේ “මානුෂීය තරාදිය” බලපැවැත්වෙන්නේ පැමිණිල්ලට සහ බලවතුන්ට පමණක්ද?
නීතිය හමුවේ සියල්ලන් සමාන යැයි කියන රටක, පැමිණිල්ලට සහ චූදිතයන්ට වෙන වෙනම නීති ක්‍රියාත්මක වීම ශ්‍රී ලාංකේය සාධාරණ අධිකරණ පද්ධතියේ විශ්වාසනීයත්වයට එල්ල වූ මාරාන්තික පහරක් නෙවෙයිද?
හමුවෙමු මේ වගේම තවත් හෙළිදරව්වක් එක්ක.