මාලිමා ආණ්ඩුවත් බාර් ලයිසන් නිකුත් කිරිම අරඹයි
මීට පෙර පැවති ආණ්ඩු විසින් ලබා දෙනු ලැබ තිබූ බාර් ලයිසන් විවේචනය කළ මාලිමාව ද බාර් ලයිසන් නිකුත් කිරිම අරඹා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මාලිමා රජය බාර් ලයිසන් තොගයක් නිකුත් කළා. මෙහි විශේෂත්වයක් තියෙනවා. මේ අතරින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේම අත්සනින් එක් විශේෂ බාර් ලයිසන් එකක් නිකුත් කරලා. ඒ බාර් ලයිසන් එක සාමාන්‍ය ලයිසන් එකක් නෙවෙයි, F.L 1 බාර් ලයිසන් එකක්. F.L 1 යනු බාර් ලයිසන් කිව්වට අරක්කු විකුණන ලයිසන් නෙවෙයි. අරක්කු පෙරීමට ලබා දෙන බලපත්‍රය. F.L 1 බලපත්‍රය මිල අධිකයි. සාමාන්‍ය ලයිසන් F.L 3 / F.L 4 ඛාණ්ඩයේ ඒවා.
මේ බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සැබෑම ධනවත්ම ව්‍යාපාරිකයාට. ඒ තමයි ඉෂාර නානායක්කා. සරලව ම අනුර ඉෂාරට අරක්කු පෙරන්න ලයිසන් එකක් දීලා. ඉෂාර දැන් ජනපති අනුරගේ සමීපතම හිතවතෙක්. ඒ වගේම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න විපක්ෂයෙන් ඔළු ගෙඩි බාන සෙල්ලමට ෆන්ඩ් කරන්නේ (ජෙප්පොන්ට බිලියන ගණන් FD තිබුණට ඒ සල්ලි හොලවන්නේ නෑ. එදිනෙදා පොලිටික්ස් කරන්නේ මේ වගේ උදව් / කප්පම්වලින්) ඉෂාර තමයි.
ආණ්ඩුව විසින් ධනවත් කරනු ලබන ව්‍යාපාරික ලයිස්තුව
මේ ආණ්ඩුව මොනා නැතත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් තවත් ධනවත් කරමින් ඉන්නවා.
- කොළඹ සෙල්ලමට ෆන්ඩ් කිරීම වෙනුවෙන් ඉෂාරට ලබා දීපු කප්පම තමයි F.L1 ලිකර් ලයිසන් එක.
- ශ්‍රී ලංකන් ධම්මිකට – නඩත්තුව මහජන බදු මුදලින්.
- ලුණු වලින් රයිගම් රවීට – රුපියල් 24 ට ලබා ගන්න ආනයනික ලුණු කිලෝව ජනතාවට රුපියල් 350 යි.
- හාල්වලින් ඩඩ්ලි – මේසෙට ගහලා වැඩි කරලා දුන්නේ.
- කන්ටේනර් වලින් හනීෆාට – කන්ටේනර් 329 ලයිස්තුව තවමත් නැහැ.
දැන් අරක්කුවලින් ඉෂාර නානායක්කාරට. ධනපතියන්ගෙන් අරන් පොඩි මිනිස්සු දියුණු කරාවි කියලා හිතලා මාලිමාවට කතිරේ ගහපු සෙට් එකට දැන් මොකද හිතන්නේ ?