බෝනගේන් ආගමික නිකායක (බෘක්සයිඩ් – Brookside Church) ප්‍රධාන පෙලේ අනුගාමිකයකු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා අගවිනිසුරු ධුරයට පත්කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ‘පැලවත්ත මුලස්ථානය’ විසින් ගෙන ඇති තීරණයට එරෙහිව බෞද්ධ හා කතෝලික ආගමික නායකයින්ගෙන් බරපතල විරෝධයක් එල්ලවෙමින් ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

අගවිනිසුරු මෘදු ප්‍රනාන්දු මහත්මිය ජුලි 27 දා (2025.07.27) දා විශ්‍රාම ගැනීමට නියමිත අතර එකී පුරප්පාඩුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මන් සුරසේන මහතා නම් කිරීමට ජනාධිපතිවරයා විසින් මේවනවිට තීරණය කර ඇතැයි ද ඉහත ආරංචි මාර්ගවලින් පැවසේ.

එම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, විනිසුරු පද්මන් සුරසේන මහතා අගවිනිසුරු ධුරයට නම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැඩි ලෙස බලපෑම් කරමින් සිටින්නේ ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික බිමල් රත්නායකයි.

එයට හේතු වී ඇත්තේ, සුරසේන අගවිනිසුරු ධුරයට පත්කළහොත් ආණ්ඩුව වාසිසහගත ඕනෑම තීන්දුවක් ලබාදෙන බවට ඇමති බිමල් රත්නායකගේ අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා ඔහුට දී ඇති සහතිකයි.

 කපිල සී.කේ. පෙරේරා සහ පද්මන් සුරසේන දෙදෙනා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) පළමු කණ්ඩායමේ සිසුන් වන අතර ඔවුන් දෙදෙනා ගජ මිතුරන් වේ.

මානසික ආතතිය නිසා නාවික හමුදාවෙන් ඉවත්වෙලා !

පද්මන් සුරසේන මහතා එකල ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කර ඇති අතර ඔහු ඒ අතරතුර නීති ප්‍රවේශය විභාගය සමත්ව නීතිඥයකු ලෙස දිව්රුම් දීමෙන් පසු නාවික හමුදාවෙන් ඉවත්ව ඇත. සුවිශේෂී කාරණය වන්නේ,  ඔහු එසේ නාවික හමුදාවෙන් ඉවත්ව ඇත්තේ තමන්ට මානසික ගැටළුවක් ඇතැයි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුවය.

එසේ මානසික ආතතියකින් පෙළුන පද්මන් සුරසේන මහතා අභියනධිකරණ විනිසුරුවකුව සිටියදී ඔහුව අනෙකුත් ජ්‍යෙෂ්ඨ විනිසුරන් අභිභවා  උසස්වීම් ලබාදී ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි. ඒ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ව්‍යාපාරික ගජ මිතුරකුව සිටි ‘ජපන් ඉන්දික’ නැමැත්තාගේ බලවත් පෙරැත්ත මතය.

අජිත්ගේ පී පෙරේරාගේ ගජ මිතුරා !

දේශපාලන ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරන පරිදි, පද්මන් සුරසේන මහතා අගවිනිසුරු කිරීමට සමගි ජන බලවේගය පාර්ශවයෙන්ද මෙහෙයුමක් දියත්ව ඇත. එහි පෙරමුණ ගෙන සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා ය.

පද්මන් සුරසේන මහතා පානදුර දිසා අධිකරණයේ විනිසුරු වරයකුව සිටි වකවානුවේ සිට නීතිඥ අජිත් පි පෙරේරා මහතා ඔහුගේ සමීපතම හිතවතකුව සිටිබව පැවසේ.

” නායකතුමා කිසිදේකට බයවෙන්න එපා.. සුරසේන මගේ බොක්ක. පානදුරේ ඉන්න කාලේ ඉඳල අපි හොඳ යාලුවෝ.. මතකනේ ..අර දවස් 52 මෛත්‍රී ල – මහින්දලා බලය අල්ලපු  වෙලාවෙත් අපිට උදව් කලේ ඔය සුරසේන . ජනාධිපතිතුමා ව්‍යවස්ථා සභාවට සුරසේනගේ නම එව්වොත් අපි OK එක දෙමු.. ඉතුරුටික මම බලාගන්නම් .. මතකනේ මිනිහා මෛත්‍රීපාලට දුන්න ගේම .. අනුරයාටත් ඒ විදියටම බඩු තමයි..  ” විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා එසේ පැවසු බව පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම තොරතුරුවට අනුව පද්මන් සුරසේන මහතා අගවිනිසුරු කරන ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටිය දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විපක්ෂ නියෝජිත අජිත් පි පෙරේරා මහතා ද පද්මන් සුරසේන මහතා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලපෑම් කරමින් සිටියි.

ඒ කෙසේවුවද විනිසුරු පද්මන් සුරසේන මහතා බෝනගෙන් ආගමික නිකායක ප්‍රබලයකුවිම නිසා ඔහුව අගවිනිසුරු ධුරයට පත්නොකරන ලෙස බෞද්ධ සහ කතෝලික ආගමික නායකයින් ගෙන් ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

බෝනගේන් ආගමික නිකායන් තහනම් කිරීමට කටයුතු කළ යුතු බව ආණ්ඩුවට හිතවත් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශ ප්‍රධානි මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts