ගෙවපු වවුචර් වලට ආපහු චෙක් ලියලා
පරිඝණක දත්ත පද්ධතියත් අක්‍රීය කරලා
මූල්‍ය කළමනාකරු වගකීම පැහැර හරී
සභාපති මුනිවත රකී
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවෙ සිදුව ඇති බරපතල මූල්‍ය වංචාවක් පිලිබඳ සිදුකරන ලද අනාවරණයකට අනුව ලක්ෂ 271 කට ආසන්න මුදලක් ආයතනීය පරිගණක දත්ත පද්ධතිය වෙත ඇතුල් වී සංඛ්‍යාත්මක දත්ත වෙනස් කරමින් ගෙවීම් කරන ලද වවුචර් සඳහා නැවත චෙක්පත් ලියමින් ගෙවීම් සිදු කිරීම නිතැතින්ම හෙලිදරව් විය යුතු වුවද සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය ) කළමනාකරු විසින් මේ පිලිබඳව සුපරික්ෂාකාරීව සොයා නොබලා වගකීම විරහිතව කටයුතු කිරීම හේතුවෙන් මෙම මූල්‍ය අලාභය සිදු වී ඇත.
මාස හතරක පමන කාලයක සිට මෙම වංචාව සිදු වී ඇති අතර බැංකු සැසඳුම් මගින් හෙලිදරව් විය යුතු මෙවැනි කාරණා හෙලිදරව් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් වක්‍රාකාරයෙන් මෙම වංචාවට උදව් කිරීම සිදුවී ඇති බව ආයතන සේවකයෝ පවසති.
මේ සම්බන්ධයෙන් විෂයභාර නිලධාරී සහ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සෘජුව වගකිව යුතු අතර එකම වවුචර් පතෙන් දෙවරක් ගෙවීම් කිරීම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූවක් බව වැඩිදුරටත් සඳහන් කරමින් ඔවුන් පැවසීය.
ආයතන සංග්‍රහයට අනුව මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් එයට සම්බන්ධ නිලධාරීන්ගේ සේවය වහාම අත්හිටුවා ඒ පිලිබඳ විමර්ශනයක් සිදු කරමින් කටයුතු කල යුතු වුවද වත්මන් සභාපතිනිය ඇතුළු කළමණාකාරිත්වය මේ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් මේ දක්වා ගෙන නොමැත.
මින් පෙර සිදුවූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 36ක් මරා දමන ලද සිද්ධියේ එවකට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරිය වශයෙන් සිටි වත්මන් සභාපතිනි ගීතාමණී සී.කරුණාරත්න එම සිදුවීම යට ගැසුවා සේම මෙම වංචාවද යට ගසන්නට කටයුතු කරමින් සිටියි.
මෙම ඉහත කී සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය ) කළමනාකරු මේ වන විට වැඩ බලන තනතුරෙහි පිහිටවා ඇති අතර ඔහුට නිත්‍ය තනතුරක් ඇති කිරීම සඳහා මේ වන විට සම්මුඛ පරීක්ෂණ ද කැඳවා ඇත.තවද වර්තමාන රජය විසින් පත් කර ඇති සංස්ථා කළමනාකර අධ්‍යක්ෂවරයාද මෙම සොරකමට උඩගෙඩි දෙනබව ද සංස්ථා සේවකයන් දැඩි අප්‍රසාදයෙන් යුතුව කියා සිටී.
මෙම වංචා කරන ලද මුදල් පෞද්ගලික ගිණුම් දෙකක් වෙත බැර කර ගෙන ඇති අතර චෙක්පත් 12කින් මෙම වංචාව සිදු කර ඇත.
මේ සම්බන්ධයෙන් ආයතන කළමනාකාරිත්වය ඉහත කී මූල්‍ය අංශ ප්‍රධානී මෙම වංචාවට අදාල වගකීම් වලින් මුදා හැර ඔහුව බේරීමට ඉතා විශාල පරිශ්‍රමයක් දරන බව වෘත්තිය සමිති නිලධාරීන්ගෙන් ලද තොරතුරු වලින් අනාවරණය විය.ඒ සඳහා ඔවුන් පවසන පරිදි ඉහල කළමනාකාරිත්වය සමග ඉහත කී නිලධාරියගේ පියාගේ හිතවත්කමක් හේතුවක් වී ඇති බව ද දැනගන්නට ලැබිනි.
මෙම වංචාව සම්බන්ධයෙන් ඉහත කී සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය ) කළමනාකරුට විරුද්ධව සිදු කල යුතු ක්‍රියාමාර්ගයන් වහාම නොගතහොත් ලබන සඳුදා වන විට දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එලඹෙන බවද වෘත්තිය සමිති විසින් ප්‍රකාශ කොට ඇත
මීට ප්‍රථමද මෙම ආයතනය විකුණුම් අංශය හා මූල්‍ය අංශය ඒකාබද්ධව කටයුතු නොකිරීම හේතුවෙන් කෝටි 8ක පමන වංචාවක් හෙලිදරව් වී ඇති අතර ඒවාට අදාල අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නඩු කටයුතු ද සිදු කරමින් පවතී.එහි දීද ජාතික විගණන කාර්යාලය හා අභ්‍යන්තර විගණක අංශය විසින් හෙලිදරව් කල පරිදි මූල්‍ය අංශ ප්‍රධානින් පැහැදිලිව මෙි සඳහා වගකිව යුතු බව සඳහන් කර තිබියදීත් ආයතනික පරිපාලන විසින් ඒ සම්බන්ධයෙන් ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පවා අදාල තොරතුරු ලබා දී ඇතත් ඒ සම්බන්ධයෙන් පවා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට වත්මන් පරිපාලනය කිසිදු උනන්දුවක් දක්වා නොමැති බව වෘත්තිය සමිති නිලධාරීන් විසින් තවදුරටත් අවධාරණය කර සිටී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කටයුතු පවත්වා ගෙන යනු ලබන අතර මෙම සිදුවීමට සම්බන්ධ සියලුම නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයන් ගන්නා තුරු සියල්ලෝ අවධානයෙන් පසුවෙති.
ජාතික ජනබලවේග නව රජය විසින් දූෂණ හා වංචා නැති පිරිසිදු රටක් සෑදීමට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් කොපමණ ක්‍රියාත්මක කලද මෙතරම් දූෂිත නිලධාරීන් ක්ලීන් කරන්නේ කවදාද යන්න අවධානයෙන් සිටිමු.