මාලිගාකන්දේ මහා නාඩගම: සාක්ෂිකරුගෙන් ප්‍රශ්න අහන්න ගිහින් නීතිපති දෙපාර්තමේන්තුව නාගත්ත හැටි…
පසුගිය සතියේ මාලිගාකන්ද අධිකරණ භූමිය නිකන්ම නිකන් උසාවියක් වුණේ නැහැ; එය හරියට විකට ජවනිකා සහ නාට්‍යමය සිදුවීම් පිරුණු වේදිකාවක් වුණා. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙයවන්න ආපු අතිරේක සොලිසිටර් ජනරාල් (ASG) ලක්මිණි ගිරිහාගම මහත්මිය, ප්‍රධාන තොග පාලක නන්දන බණ්ඩාරව සාක්ෂි කූඩුවට නංවාගෙන ‘Evidence in Chief’ එක මෙහෙයවන්න ගිහින් මුළු උසාවියම විතරක් නෙවෙයි, තමන්වත් හොඳටම ‘කන්ෆියුස්’ කරගත්ත අපූරුව තමයි අද අපේ කතාබහට ලක්වෙන්නේ.
හැම විත්තියේ ප්‍රශ්න කිරීමකටම තේරුමක් ඇතිවත් නැතිවත් පැන පැන බාධා කරමින්, තමන්ම ගොඩනඟාගත් කතන්දර සාක්ෂිකරුගේ කටට දාන්න ගිහින් පැමිණිල්ල හොඳටම ‘හාගත්’ ආකාරයත්, විනිසුරුවරයාට වරින් වර කුඩා දරුවෙකුව යහමඟට ගන්නවා වගේ ඇයට අවවාද කරන්නට සිදුවූ ආකාරයත් මෙහිදී කැපී පෙනුණා.
නොදන්නා මඟුලට කහටර ගැසීම සහ ලක්මිණිගේ “ලීඩින් ක්වෙස්චන්ස්”
ලක්මිණි ගිරිහාගම මහත්මිය සාක්ෂි විමසීම පටන් ගත්තේම ලොකු අත්වැරදීමකින්. ඇය එකපාරටම තොග පාලකගෙන් ‘ප්‍රසම්පාදන ක්‍රියාවලිය’ (Procurement) ගැන ප්‍රශ්න කරන්න ගත්තා. මේ මනුස්සයා කොහේවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙවෙයි. වහාම නැඟී සිටි 8 වෙනි චූදිතගේ නීතිඥ නයන්ත විජයසුන්දර මහතා දැඩි විරෝධතාවක් (Objection) මතු කළා. “ඔයා කොහොමද මේ ප්‍රසම්පාදනය ගැන මෙයාගෙන් අහන්නේ? අහන්න තිබුණා නම් අහන්න තිබ්බේ ප්‍රසම්පාදන අංශයේ හිටපු අතිරේක ලේකම් නවාවි මහත්තයාගෙන්” යැයි නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඒ මදිවාට ඇය රජයේ රස පරීක්ෂකවරයා හැදූ ලේඛන පෙන්වමින්, සාක්ෂිකරුට කටට උත්තරේ දීලා (Leading questions) “මේ තියෙන්නේ MSD තොග නේද?” කියා අහන්න ගත්තා. 9 වෙනි චූදිතගේ නීතිඥවරයාත් මීට විරෝධය පළ කරමින්, “ඉස්සෙල්ලා විට්නස්ට ලේඛනය පෙන්වලා හඳුනාගෙන ඉන්න දෙන්න. මේක හදලා තියෙන්නේ රස පරීක්ෂක” යනුවෙන් මතක් කර දුන්නා. හරියට දන්නේ නැති ලේඛන දිහා බලන් සාක්ෂිකරු ඔහේ කියවන්න ගත්තාම, ඒක සාක්ෂියක් විදිහට ගන්න බැරි බව පැහැදිලි වුණත්, ලක්මිණි මහත්මිය දිගින් දිගටම ඒ ආකාරයෙන්ම ප්‍රශ්න ඇහුවා.
විනිසුරුගේ ඉවසීමේ සීමාව සහ ‘ඔළුවේ හදාගත්තු දත්ත’
විත්තියේ නීතිඥවරුන් වන නයන්ත විජයසුන්දර, රාහුල්, සහ අමිත යන මහත්වරුන්ගේ විරෝධතා හමුවේ, විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතාද එම විරෝධතා පිළිගත්තා. විනිසුරුවරයා කෙළින්ම සාක්ෂිකරුගෙන් “ඔයා කවදාකවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙනවාද?” කියා ඇසූ විට, “නැහැ ස්වාමීනි, මම තොග පාලක පමණයි” කියා ඔහු පිළිතුරු දුන්නා.
එතැනින් නොනැවතුණු ලක්මිණි මහත්මිය, විනිසුරුවරයා සමඟද තර්ක කරන්නට පටන් ගත්තා. ඇයගේ මේ හැසිරීම හමුවේ විනිසුරු ප්‍රියන්ත ලියනගේටද කේන්ති ගිය අතර, කුඩා දරුවෙකුට පාඩමක් කියා දෙනවාක් මෙන් අපූරු කතාවක් කියා සිටියා:
“You have combined both the data in your head, but that is not the case. ඔයාගේ ඔළුවෙන් මේ ඔයා හදාගත්ත දෙයක් මේ තියෙන්නේ, ඒ වුණාට එහෙම එකක් නැහැ, ඒ නිසා එහෙම අහන්න එපා!”
එහෙත් ඇය දිගටම වාද කරන්නට යාමේදී, “හරි දැන් නතර කරගන්න. ඕක නතර කරගන්න දැන් ඇති. ඔය විදිහට ප්‍රශ්න අහන්න එපා!” යැයි විනිසුරුවරයාට තරයේම අවවාද කරන්නට සිදු වුණා.
කැබිනට් පත්‍රිකාවේ මාර්කින් නාඩගම සහ “මට ඕන විදිහටයි කරන්නේ” න්‍යාය
දැනටමත් කැබිනට් පේපර් එක උසාවියේ මාර්ක් කරලා තිබියදී, ලක්මිණි මහත්මිය මේ ‘ඇටෑච්මන්ට්’ එක වෙනම මාර්ක් කරන්න ගියා. 8 වෙනි චූදිතයාගේ නීතිඥවරයා මෙහිදී පැහැදිලි කිරීමක් ඉල්ලමින්, කැබිනට් පත්‍රිකාවක් භාෂා තුනෙන්ම සහ ඇමුණුම් සහිත සම්පූර්ණ ගොනුවක් ලෙස යන බැවින්, ඇයි මේ කෑලි කෑලි මාර්ක් කරන්නේ යැයි ඇසුවා. ලක්මිණිගේ උත්තරය වුණේ කුමක්ද? “නැහැ නැහැ එහෙම නැහැ, මට ඕන විදිහටයි මම මාර්ක් කරන්නේ” යන්නයි. විනිසුරුවරයාද “ඩොකියුමන්ට් එකේ සම්පූර්ණත්වයක් තියෙන්න එපැයි” කියා පෙන්වා දුන්නත්, ලක්මිණි දිගටම හැප්පෙන්නට ගිය බැවින් “හරි හරි ඔයා මාර්ක් කරගන්නකෝ, ඊට පස්සේ අපි බලමු” යැයි විනිසුරුවරයා පැවසුවේ ඇගෙන් බේරෙන්නට මෙනි.
බෙහෙත් හිඟයක් මවාපෑමට සකස් කළා යැයි කියන කැබිනට් පත්‍රිකාව ගැන ප්‍රශ්න කිරීමේදීද අපූරු සිදුවීමක් වුණා. සාක්ෂිකරු පිළිගත්තා තමන් තමයි ඒ අවස්ථාවේදී සිස්ටම් එක බලලා මාසෙකට අඩු ප්‍රමාණයක් තිබ්බ ස්ටොක්ස් ගණන් හදලා ඇටෑච්මන්ට් එක හැදුවේ කියලා. “මේ දීලා තියෙන දත්ත 1000%ක්ම නිවැරදි දත්ත සිස්ටම් එකෙන් බලලා දීලා තියෙන්නේ” යැයි ඔහු තහවුරු කළා.
අතේ රෝල්, “මුඩුක්කු” න්‍යාය සහ පැන පැන බාධා කිරීම්
අධිකරණය නොමඟ යැවීම සඳහා පැමිණිල්ල දැන දැනම අසත්‍ය කරුණු ඉදිරිපත් කරන බවද මෙහිදී හෙළි වුණා. SPC එක හරහා සහ MSD එක හරහා ලෙස ඕඩර්ස් දෙකක් දමා ඇති බවට ලක්මිණි අධිකරණයට කීවත්, දෙවැනි චූදිතයාගේ නීතිඥ අසේල සේරසිංහ මහතා ඩොකියුමන්ට් පෙන්වමින් පැහැදිලි කළේ SPC එකෙන් ගැනුම් ඇණවුමක් (Purchase order) කිසිසේත්ම නිකුත් වී නැති බවයි.
“මේ පැමිණිල්ල මෙහෙයවන මිතුරිය මෙය දැන දැනම කරන එක තමයි වැඩේ. මේ දැන දැන මෙහෙම මිනිස්සුන්ගේ ජීවිත අමාරුවේ දාන්න එපා” යැයි නීතිඥවරයා උසාවියේදී ඍජුවම කියා සිටියා.
දෙවැනි චූදිතයාගේ නීතිඥවරයා හරස් ප්‍රශ්න අසද්දී, ලක්මිණි ගිරිහාගම මහත්මිය තමන්ම මාර්ක් කරපු ඩොකියුමන්ට් එකකින් ප්‍රශ්න අහනවාටත් පැන පැන විරෝධතා දැක්වූවා. මෙහිදී විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතාට දැඩි ලෙස කෝපයට පත්වී සාක්ෂිකරුට එළියට යන ලෙසත් අණ කළා. තමන්ගේම දැලට තමන්ම අහුවී ‘අතේ මාට්ටු’ වූ විට, හරියට මුඩුක්කුවක කෑගසනවාක් මෙන් (Basket case) පාලනයෙන් තොරව කෑගසන තත්ත්වයකට පත්වූ ඇයට විනිසුරුවරයා අවසානයේදී, “කෝ හරි දැන් මේක මේ කළු සුදු වලින් ලියලා තියෙනවානේ… මේ විට්නස්ට මේක කියන්න දෙන්න” යැයි දැඩිව කියා සිටියා.
තෝරාගත් අයට පමණක් නීතිය? (Selective Justice)
හතර සහ පහ චූදිතයන්ගේ නීතිඥ අසෝක සේරසිංහ මහතා හරස් ප්‍රශ්න අසද්දී ඉතා වැදගත් කරුණක් එළියට ආවා. මේ නඩුවේ කතාබහට ලක්වන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් (Rituximab – පිළිකා ඖෂධයක්) ගැනයි.
වඩාත් මිල අධික ඖෂධය වන්නේ රිටොක්සිමැබ් ය. එහෙත් පුදුමයකට මෙන්, හියුමන් ඉමියුනොග්ලොබියුලින් හැන්ඩ්ල් කරපු තොග පාලක සුජිත් කුමාර සහ සහකාර අධ්‍යක්ෂිකා සොලමන් මහත්මිය විත්ති කූඩුවේ සිටියදී, රිටොක්සිමැබ් ඖෂධය හැන්ඩ්ල් කරපු තොග පාලක කස්තුරිසිංහ හෝ ඊට ඉහළින් සිටි සහකාර අධ්‍යක්ෂිකා වන්නිආරච්චි උසාවියේ හිටියේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ ‘Selective Approach’ එක කුමක්දැයි විත්තිය මනාව ප්‍රශ්න කළා.
එසේම, ‘ප්‍රොන්ටෝ’ (Pronto) සිස්ටම් එක යාවත්කාලීන වන්නේ මාස ගණනකට පසුව බවත්, ගොනු නොබලා හුදෙක් සිස්ටම් එකෙන් පමණක් නිවැරදි තොරතුරු දිය නොහැකි බවත් සාක්ෂිකරු පිළිගත්තා.
අවසාන නිගමනය: වරද ක්‍රමවේදයේද? සැපයුම්කරුගේද?
වඩාත්ම තීරණාත්මක පිළිතුර ලැබුණේ නීතිඥ අසේල සේරසිංහ මහතා නැඟූ ප්රශ්නයකිනි. මෙම නව ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ඖෂධ වර්ග 182කට ආසන්න ප්‍රමාණයක් ගෙනැවිත් ඇති බවත්, ඉන් ප්‍රශ්නයක් වී ඇත්තේ මේ ඖෂධ දෙකට පමණක් බවත් තොග පාලක නන්දන බණ්ඩාර මහතා අධිකරණය ඉදිරියේ පිළිගත්තා.
ඒ අනුව ඉතා පැහැදිලි වූයේ, මේ අර්බුදය කිසිදු කුමන්ත්‍රණයක් හෝ ‘ක්‍රමවේදයේ’ වරදක් නොවන බවත්, ටෙන්ඩරය ගත් ‘සැපයුම්කරුගේ’ වංචනික ක්‍රියාවක් පමණක් බවත්ය.
අවසානයේදී මුළු උසාවියම අන්දමන්ද කරලා, “ස්වාමීනි, නැවත ප්රශ්නය අහන්න කියන්න” කියමින් සාක්ෂිකරුව දැඩි සේ ‘කන්ෆියුස්’ කළ මේ ප්‍රහසනයෙන්, පැමිණිල්ල හොඳටම ‘නාගත්’ බව නම් පැහැදිලියි. හැම ප්‍රශ්නයකටම පැන පැන බාධා කරමින්, තමන්ගේ ඔළුවේ හදාගත් දත්ත උසාවියට බලෙන් කවන්නට ගොස් ලක්මිණි ගිරිහාගම මහත්මියට අවසානයේ විනිසුරුවරයාගෙන් ‘බේබි සිටිං’ පන්ති ගන්නට සිදුවීම මේ නඩුවේ මෙතෙක් ආ රසවත්ම ගොසිප් එක බව නිසැකය.