පොලීසියෙන් අල්ල ගෙන ගිහිල්ලා ගහලා ගහලා වධ දීලා මරපු මේ තරුණයාගේ දේහය දකින මට මතක් වෙන්නේම ජේසුස් ක්‍රිස්තුස්ව. සමහර විට අපි දැකලා තියෙන කුරුසයේ ඇණ ගහපු ජේසු කොණ්ඩය දිග කෙසඟ කෙනෙකු නිසා වෙන්න ඇති. අද වෙනකොට මේ තරුණයාට සිද්ධ කළ අපරාධය කාටවත් මතක නැහැ.
මට මතක් වෙන්නේ අරගලය දවස්වල ලෑලිවලින් හදපු හිස් කුරුසයක් කර තියාගෙන රඟපු අප්පුහාමියි ඌ එනකල් නිරාහාරව හිටිය අර ගෝතයයි. උන් ඒවා කළේ සල්ලිවලට. ආතල් එකට. නමුත් උන් වෙනුවෙන් මිනිස්සු ගීතිකා ගය ගයා හැඬුවා. ඒත් ඇත්තටම ජේසු වගේ මරා දැමුණු මේ තරුණයා වෙනුවෙන් කවුරුවත් හඬන්නේ නැහැ. මේ ලෝකය අන්තිම අසාධාරණයි.
මේ දේහය දකින කොට අපට පේනවා මේ තරුණයා සැප වින්ද කෙනෙකු නොවෙයි. ඔහු බදුල්ලේ ඈත ගමක හැදිලා කොළඹ ඉස්පිරිතාලයක සාත්තු සේවා රස්සාවක් කරන්න ආව දුප්පතෙක්. මේ තමයි නියම වැඩ කරන ජනතාව. ඊයේ මැයි පළමුදා දේශපාලකයෝ මහා ඉහළින් සැමරුවේ මේ වගේ මිනිස්සු සටන් කරලා දිනා ගත් කම්කරු අයිතිවාසිකම්. නමුත් ඒ එක දේශපාලකයෙක් මේ මරා දැමුණු තරුණයා ගැන වචනයක් කිව්වේ නැහැ. අර පිටරට යන තරුණයන් වෙනුවෙන් කැමරාව ඉස්සරහා අඬපු කීර්ති ශ්‍රී අබේසිංහ මේ තරුණයාගේ මරණයට ආවේ නැහැ. උඹලා මහා බොරුකාරයෝ.
මොහුගේ චරිතය ගැන මා දන්නේ නැහැ. මොහුගේ දේශපාලනය මා දන්නේ නැහැ. මම දන්නේ ඔහුත් ජීවත් වෙන්න ආසා කළ මනුස්සයෙක් කියලා විතරයි. නමුත් මේ සමාජය විසින් ම මේ තරුණයාගේ ජීවත් වීමේ අයිතිය නැති කළා. එහෙම කරලා ඒ අයුක්තිය දවසෙන් දෙකෙන් අමතකත් කළා. ඊට පස්සේ ප්‍රියසාද්ව වෙඩි තියලා මෑරුවා. ඊට පස්සේ සමරගමුවේ වධ දීලා මැරුවා. හෙට තවත් තරුණයෙකු මරයි. මේක මහා බිහිසුණු කුරිරු අධම සමාජයක්. මේකේ තනිකරම තියෙන්නේ බොරුව.
ධර්මය අපට මග වේවා!
එරන්ද ගිනිගේ
2025 මැයි 3