ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුට එංගලන්තය ඊයේ (24) රාත්‍රී සම්බාදක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවර වහාම ජාත්‍යන්තරයට දැනුම්දිය යුතු බවත් රටට සාමය ගෙනඒමට කැපවූ වීරෝදරා රණවිරුවන් වෙනුවෙන් ජාතියක් සහ රටක් ලෙස පෙනී සිටින්නේ යැයි ජාත්‍යන්තරය දැනුවත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අද (25) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සාගර කාරියවසම් එසේ කීය.
මෙම ගැටලුවේදී රජයේ සහයෝගය කුමන පාර්ශවයකට ද යන්න රජයේ ස්ථාවරය පැහැදිළිව එංගලන්තයට දැනුම්දිය යුතු බව ද ඔහු පැවසීය.
මෙම සම්බාදක පැනවීම පිළිබඳව රජය මැදිහත්ව හැකිඉක්මණින් කරුණු පැහැදිළි කළ යුතු බව කී කාරියවසම් මහතා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පසුගිය කාලයේ අපහාස සහ චෝදනා කිරීම් ඉහළ ගොස් තිබූ බව ද සඳහන් කළේය.