පොඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි…

පොඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි…ඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි… ඩඩ්ලිට දෙකට නැවිලා, හාල් මිල වැඩි කරලා, සතොසේ ටෙන්ඩර් ෆේල් කරලා, ගජමිතුරන්ට පිටරටින් බාල හාල් ගෙන්නන්න දීලා උඹලා කන බත් ඇටේටත් නහුතෙක බදු ගහන්න පටන් ගත්තා විතරයි…

පොඩ්ඩක් හිටපල්ලා…තාම මාස හයයි… පෙට්‍රල් ලීටරෙන් කාංචනයා ගහපු කොමිස් ඒ විදිහටම ගහන්න දීලා, ලක්ෂ 10 ට විටස් කාර් දෙනවා කියලා ත්‍රීවීල් එක ලක්ෂ 20 ට ගෙන්නලා තරුණයන්ගේ පුංචි කාර් හීනයට ඇරලා, බස් ගාස්තුත් වැඩි කරලා තාම පටන් ගත්තා විතරයි…

පොඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි… උගන්ඩාවට ගෙනිච්ච ඩොලර් ගේනවා කියලා උඹලව ගොනාට අන්දලා ඡන්දේ අරගෙන, ඕන බොරුවක් ඇත්තක් කියන්න බලය තියෙනවා කියලා උඹලට මැද ඇඟිල්ල පෙන්නන්න පටන් ගත්තා විතරයි…

පොඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි… ඇවිල්ලා සති හතරෙන් හොරු අල්ලලා ඇතුළට දානවා කියලා, අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට කණෙන් ඇදන් එනවා කියලා, පාස්කු මහමොළකරු අල්ලනවා කියලා අන්තිමට ඒ මුකුත් නොකර පාර්ලිමේන්තුවේ ලැයිස්තු කියවන්න පටන් ගත්තා විතරයි…

පොඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි… හොරා කන්නේ නැහැ කියලා, හැබැයි හොරාගේ කාලෙටත් වැඩිය බදු පිට බදු ගහලා, හොරාගේ කාලේ ජනතාවට දුන්නු සහනාධාරත් කපලා, හොරාගේ කාලේ දුන්නු රස්සාත් කපලා, පාරක් බෝක්කුවක් බස්හෝල්ට් එකක් නොහදා කෝටි ගාණක කඩදාසි ගහලා වත්තේ රිලව් ගණන් කරන්න පටන් ගත්තා විතරයි…

පොඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි… වරායේ රතු කන්ටේනර් 300 ක් හොරෙන් පන්නලා, ජනාධිපතිගේ ගජමිතුරන්ගේ කොම්පැනියට වැඩි මිලට ටෙන්ඩර් දීලා, බෙහෙත් පෙත්තෙනුත් කොමිස් ගහන්න තාම පටන් ගත්තා විතරයි…

පොඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි… මහඋසාවිය ඇතුළටම ඇවිල්ලා වෙඩි තියන්න ඉඩ දීලා, රට වටේ වෙඩි තියලා මරනකල් බලන් ඉඳලා, සෙව්වන්දිව අල්ලගන්න බැරුව ජාතික ආරක්ෂාව බල්ලට දාලා පටන් ගත්තා විතරයි…

පොඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි… සැප වාහන ගෝල්ෆේස් එකේ ප්‍රදර්ශනය කරලා, ඒවා ඇමතිලා මන්ත්‍රීලා බෙදාගෙන, ඉන්ධන දීමනාවත් වැඩි කරගෙන, නිල නිවාසත් අරගෙන, රක්ෂණයත් අරගෙන, පඩියත් වැඩි කරගෙන, විශ්‍රාම වැටුපත් අරගෙන, උදේටයි දවල්ටයිත් කැන්ටිමෙන් කාලා, රැටත් කෑම ඔතාගෙන යන්න පටන් ගත්තා විතරයි…

පොඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි… ඉස්සරහින් වාහන දහයයි, පස්සෙන් වාහන දහයයි, VIP ඇම්බියුලන්ස් එකයි දාගෙන පාරවල් වහගෙන රථ පෙළපාලි යන්නයි, හෙලිකොප්ටර් දෙකකින් අහසෙන් යන්නයි ජනාධිපතිතුමා පටන් ගත්තා විතරයි…

පොඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි… ගජමිතුරන්ට ආණ්ඩුවේ ලොකු පුටු දීලා, වේදිකාවේ කතා කරපු උන්ට රජයේ සංස්ථාවල ලක්ෂ ගණන් පඩි ගෙවලා රස්සා දීලා, රැකියාවක් ඉල්ලන උපාධිධාරීන්ට ලේ පනින්න පොලිසිය දම්මලා ගස්සවන්න පටන් ගත්තා විතරයි…

පොඩ්ඩක් හිටපල්ලා… තාම මාස හයයි… තාත්තයි පුතයි මදිවට ගෑනියි මිනිහත් පාර්ලිමේන්තුවට දාගෙන, අනියම් සම්බන්ධකම් හදාගෙන, ඩිප්ලෝමැටික් පාස්පෝට් එකෙන් එංගලන්තේ සුද්දී බලන්න සවාරි ගහන මන්ත්‍රීලා උඹලගේ සල්ලිවලින් සැප විඳින්න පටන් ගත්තා විතරයි…

පොඩ්ඩක් හිටපල්ලා… උඹලා දුක් විඳින අවසාන පැය ලබන්න තව පෝය 54 ක් ගෙවන්න තියෙනවා…

ධර්මය ඔබට මග වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts