රටටම දළදා වන්දන්න මලික් සමරවික්‍රම යොදා ජනපති අනුර ගැසූ තුරුම්පුව

රනිල්ට දළදා දැක්මට ඉඩ නොදුන් මහා නායක හිමිවරුන් අනුරට ඉඩ දුන්නේ ඇයි

මෙහෙයුම් කමිටුව ඇනගත් පසු අනුරගේ තීරණයත් මහා නායක හිමිවරුන් හකුලා ගනියි

ජනපති අනුරත් සම්ප්‍රාදාය බිඳීයි

ලක්ෂ එකහමාරක් දැමිය හැකි මහනුවරට ලක්ෂ තුනහමාරක් ගෙන්නලා

 

වසර 16ක් තිස්සේ රටේ දළදා දැක්මක් පවත්වන්නට නොහැකිව තිබුනේය .රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටියදි ඒ සදහා ගත් උත්සාහයත් ව්‍යර්ථ විය.එදා රට ආර්ථික වශයෙන් අගාධයකට ඇද වැටී ජන අරගලයෙන් පසුව රටේ ආර්ථිකය ගොඩ ගත්තද ,රනිල් වික්‍රමසිංහටත් ඒ සඳහා ඉඩ නොදුන් මල්වතු ,අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් වත්මන්
ජනාධිපතිවරයාට දළදා දැක්මක් පවත්වන්නට මග පෑදුනේ කොහොමද යන්න ගැන කාටත් ඇතිවුයේ කුහුලකි.
වසරෙන් වසර කල් ගිය පළාත් පාලන මැතිවරණය ළං වෙද්දි මාලි මාවේ ගොඩ වැඩි කරන්නට දළදා දැක්මකින් පවා උත්තේජනයක් ගැනීමට ජනාධිපති අනුර කුමාරට අවශ්‍යතාවයක් ඇති විය .ඒ සඳහා වු ජනාධිපතිවරයාගේ පණිවිඩය මුලින්ම මල්වතු මහානායක හිමියන් ළඟට රැගෙන යන්නට සැලසුම් කලේය.මුලින්ම මේ සම්බන්ධව අස්ගිරි,මල්වතු මහනායක හිමිවරුන්ගෙන් අවසර ගන්නට අවශ්‍යතාව තිබු නිසා රජයේ එම පණිවිඩය රැගෙන යාමට තෝරා ගන්නේ මලික් සමරවික්‍රමවය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දේශපාලන ඩීල් සඳහා වැඩිපුරම දායක වූ විටෙක දේශපාලන මුදල් ඩීල් සඳහාද චෝදනා එල්ල වූ චරිතයක් වූ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම වත්මන් ආණ්ඩුව සමඟ ඩීල් දමන බවට මෑත කාලෙත් මැතිවරණ වේදිකාවල නිතර කතාබහට ලක්වු කාරණාවක්
විය.
ජනාධිපති අනුර කුමාර දිසානාය හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර දේශපාලන ඩීල් සිදුවන බවට විවිධ පක්ෂවලින් දිගින් දිගට එල්ල වන චෝදනා මැද වුවද ජනතා පීඩනය අඩු කරන්නට ආණ්ඩුවේ සහයට දළදා දැක්මක් පවත්වන්නට ගන්නා වූ තීරණයට ජනාධිපතිවරයා තෝරා ගත්තේ හිටපු අමාත්‍ය මලික් සමරවීක්‍රමවය.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම රැගෙන හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම යන්නේ මල්වතු මහා නායක හිමියන් හමුවීමටය.
මලීක් සමරවික්‍රම ඉදිරිපත් කළ යෝජනාවට කොන්දේසි ඇතිව යම් කැමැත්තක් දැක්වූ මල්වතු මහ නායක හිමියන් ජනාධිපතිවරයාට දළදා හාමුදුරුවෝ වැඳ පුදාගෙන තමන් වහන්සේලා බැහැදැකීමට පැමිණෙන්නයි උපදෙස් දුන්හ.
ඒවන විට ශ්‍රීී දළදා වහන්සේගේ තේවාව අස්ගිරි මහා විහාරයට පැවරී තිබුනෙන් මේ සම්බන්ධව අස්ගිරි මහානායක හිමියන් මෙන්ම දියවඩන නිලමේ වරයාද මුණ ගැසී සාකච්ඡා කරන්නයි ජනාධිපතිවරයාට මල්වතු මහනායක හිමියන්ගෙන් පණිවිඩයක් යැවුණි.
දළදා ප්‍රදර්ශනයට මග පෑදුණු මුල් පසුබිම හැදෙන්නේ මේ අනුවය.
අනුර කුමාර ජනාධිපතිවරයා තම පක්‍ෂයේ සියලු දෙනා සිටියදී රනිල්ගේ ආණ්ඩුවේ බල කණුවක් වු මලික් සමරවික්‍රම යොදා ගැසූ තුරුම්පුව හරියටම වැඩ කළේය.
නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටියදී ශ්‍රී දළදා දැක්මක් සඳහා සූදානම් වුවද එයට අවසරය නොවීය.
එදා ජනාධිපති වශයෙන් රනිල් වික්‍රමසිංහයන් දළදා දැක්මක ට සූදානම් වන්නේ රට ආර්ථික වශයෙන් අගාධයකට ඇද වැටී රටේම මිනිසුන් අපහසුවෙන් ජීවත්වන කාලසීමාවකය.
එදා 2023 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දළදා දැක්මකට සූදානම් වන්නට ගියද රට දැඩි සේ අස්ථාවර තත්ත්වයක පැවතිණි.ඒවන විට රට ආර්ථික වශයෙන් ගොඩ ගනිමින් සිටින මොහොතක් විය. මහානායක හිමිවරුන්ගේ කියවිමට අනුව එදා දළදා දැක්මකට වැඩි කැමැත්තක් නොදැක්වූයේ ජනතාව දැඩි පීඩනයක සිටි නිසාය.2023 දි රනිල් වික්‍රමසිංහ රට ගොඩගනිමින් සිටි මොහොතේ ඔහුට බලාපොරොත්තුව ඉටුකර ගැනිමට නොහැකිවිය.

ජන අරගලයෙන් පසුව ආර්ථික වශයෙන් රට ගොඩ ගැනීමට ඔහු දරපු උත්සාහයේ මල්ඵල ගත් ප්‍රතිඵලය නෙළාගන්නට හැකිවන්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකටය.
රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති ධුරයේ වගකීම බාරගෙන
ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගන්වද්දී එහි ප්‍රතිඵලය ලබා ගන්නට හැකිවුයේ අනුර කුමාර දිසානායකයන්ටය.
හිටපු ජනාධිපති රනිල්ට පවත්වන්නට නොහැකිවු දළදා ප්‍රදර්ශනය රනිල්ගේම විශ්වාසවන්ත සගයෙකුවු මලික්ව ඉදිරියට දමා කපුකම කරන්නට අනුර කුමාර විසින් මලික් සමරවික්‍රම තෝරාගන්නේය.ඒ ඔවුන් අතර ඇති දැඩ් විශ්වාසය නිසා විය හැකිය.

අනුර -මලික් කලිනුත් මල්වතු මහනායක හාමුදුරුවෝ බැහැ දකින්න එකට ඇවිත්

මල්වතු මහා විහාරයේ තිබ්බටුවාවේ පන්සලේ CCTV දර්ශන අනුව මීට පෙරදිත් අනුර කුමාර ජනාධිපතිවරයා මල්වතු මහනාහිමියන් බැහැ දැකීමට පැමිණෙන්නේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රමවද කැටුවය.එම ගමන ද ඔවුන් දෙදෙනා විතරක් රහසිගතව පැමිණීම විශේෂත්වයක් විය.
එ ගැන සමාජයේ කසකුසුවක් එවකට තිබුනද අනුර හා මලික් අතර පවතින දැඩි බැඳීම හෙලිවන්නේ දළදා දැක්ම පවත්වාගන්නට අවකාශ සලසා දීමට තරම් මලික් වැඩකාරයෙකු වීම නිසාය.
සාමාන්‍යයෙන් දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නේ මහා නායක දෙනමත්, දියවඩන නිලමේත් සාකච්ඡා කර ගන්නා තීරණය ජනාධිපතිවරයාට දැනුම් දීමෙනි.
මෙතෙක් පැවති සම්ප්‍රදාය අනුව එය ජනාධිපතිවරයාට දැනුම් දෙන්නේ ද රහසිගතවය.
ඒක හරියට පනතක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණ නඩු තීන්දු රහසිගතව කතානායකවරයාට දන්වා එවන ආකාරයට මෙය ද සිදුවන්නේ ය.

 

ජනපතිත් සම්ප්‍රදාය කඩයි


මහනායක හිමි දෙනමත් , දියවඩන නිලමේ ටත් දළදා දැක්මක් පවත්වද්දී මූලික පහසුකම් සලසන්න රජය කටයුතු කරයි. ඊට හේතුව වන්නේ විදුලි බලාගාර, පාසල්, යුද හමුදාව ,පොලිසිය සම්බන්ධ කරගැනිමේ තීරණ ගැනීමට අහනායක හාමුදුරුවෝ දෙනමටත් දියවඩන නිලමේටත් නොහැකි නිසාය. දළදා දැක්මක් පවත්වන්නට යාමේදී මේ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා දිය යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයයි.

මෙරට ඉතිහාසයේ පළමුවරට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශකරන්නේ පළමු වතාවට වීමද විශේෂත්වයකි
එය ඔහුගේ නොදැනුවත් බව හා ඒ සම්බන්ධව අත්දැකීම් නොමැතිකම නිසා සිදුවූවක් විය හැකිය.
මල්වතු, අස්ගිරි මහනායක දෙනම හා දියවඩන නිලමේ විසින් ගන්නා තීරණය ගිහි භාරකාරයා වශයෙන් රටට දැනුම් දෙන්නේ දියවඩන නිලමේවරයාය. එය දළදා මාලිගාවේ සම්ප්‍රදායකි.එය මෙතෙක් පැමිණි චාරිත්‍රයකි.
ඒ සියල්ලටම පෙර ජනාධිපතිවරයා ඉස්සර වන්නේ දියවඩන නිලමේවරයාගේ රාජකාරියද තමන් අතට ගනිමිනි.
මහනුවර දිම ජනාධිපතිවරයා මේ බව නිවේදනය කරන්නේ ඔහුට පවතින සම්ප්‍රදාය ගැන කියන්නට හරි හමන් උපදේශකයෙකු එහි නොමැතිවීම නිසාද විය හැකිය.

ආන්දෝලනයට ලක් වූ වී. අයි.පී පෝලිම්


අප්‍රේල් 18 ආරම්භ වන දළදා දැක්මේ ඊළඟට දැඩි කතාබහට ලක්වන්නේ VVIP පෝලිම් හා බැතිමතුන්ට පහසුකම් සපයා ගත නොහැකිවු ආකාරය වේ. එයින් වැඩිපුරම කතාබහට ලක් වූයේ VVIP පෝලිම් ගැනය.
සාමාන්‍යයෙන් රජ දවස පටන්ම දළදා හාමුදුරුවන් වඳින්නට අවසර තිබුණේ රජතුමාගේ ප්‍රභූවරුන්ට පමණි.සාමාන්‍ය ජනතාවට වඳින්නට අවසර තිබුණේ මහමළුවේ සිටය.දළදා මාලිගාව ඇතුළට කවුරුත් නොගැනිම එදා රජකල මෙන්ම ඉංග්‍රීසීන්ගේ පාලන සමයේත් සිදු වූ දෙයකි.
වැඩ වසම් ක්‍රමයේ පැවති ක්‍රමවේදය එය විය.
දළදා ප්‍රදර්ශනය පැවැත්වීමේ දී දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශන කරඬුව පිරිත් මණ්ඩපයට රැගෙන ඒමෙන් පසුව ප්‍රදර්ශනය පවත්වයි.එහිදී මහජනතාව ගමන් ගන්නා පෝලිම් තුනම ගමන් ගන්නේ පිරිත් මණ්ඩපය ඉදිරිපසිනි.
මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ගේ හා විහාරයේ හාමුදුරුවරුන්ගේ දායක කාරකාදින් මෙන්ම දියවඩන නිලමේගේ විශේෂ අමුත්තන් ,අධිකරණ විනිසුරුවරුන් වැනි පිරිස් දළදා වහන්සේ දැක බලා ගැනීමට ගමන් කරන්නේ ප්‍රදර්ශනය කරන කරඬුවට ඇතුල් පැත්තෙනි .එම පෝළිම කිසිම අවස්ථාවක මහජනතාව ගේ පෝලිම් තුනට කිසිදු අවහිරතාවයක් වී නොතිබුණි.
දළදා දැක්ම පැවති දිනයන්හිදී විහාර දෙක හා දියවඩන නිලමේගේ පාර්ශවයෙන් පැමිණි තුන් දහසකට අඩු ප්‍රමාණයක් VVIP පෝලිමේ යැයි කියාගත් දෙසින් ගොස් දළදා වහන්සේ වැදපුදා ගත් බව එක්තරා පිරිසක් සාවද්‍යය ලෙස ප්‍රචාරය කළේය.
සැබෑ ලෙසම මෙම පිරිසට මහනායක හිමිවරුන්ගේ , කාරක සංඝ සභාවල නායක හාමුදුරුවරුන්ගේ පවුල්වල පිරිස් මෙන්ම සතර දේවාලවල බස්නායක නිලමේවරුන්ගේ පවුල්වල ඥාති හිතමිත්‍රාදීන්ද අයත් වුහ. මීට අමතරව දළදා මාලිගාව පරිශ්‍රය තුළ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය,මහනුවර ලේඛනාරක්ෂක කාර්යාලය,මහනුවර මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණය,මහනුවර රාජ්‍ය කෞතුකාගාරයේ යන රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් පවුල් වල පිරිස් මෙම පෝලිමේ වැඳපුදාගත්හ.ත්‍රිවිධ හමුදා හා පොලිසියේ ඉහළ නිධාරීන්ගේ අයද ගියේ මෙම පෝලිමටය. මෙම පෝලිමේ ගිය හැම කෙනෙකුටම අත් පළඳනාවක් ලබා දී තිබූ අතර එය විධිමත්ව සංවිධානය කිරීමට දියවඩ් නිලමේවරයා සමත් වූ බව ලියුම්කරුගේ නිරීක්ෂණය විය.
මෙහිදී
එම පෝලිමට ඇතුල් වීමට පිටතින් පහළොස් දහසක පමණ පිරිසක් පොර කෑ බවද නොරහසකි.
බහුතරයක් දෙනා VVIP පෝලිම් යැයි කියන්නට ගත්තේ මෙම පෝලිම ගැනය.

සංවිධානයේ ඇති වූ අඩුපාඩු

දළදා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු නිසියාකාරව රජයට කළමනාකරණය කර ගැනීමට නොහැකීවිමද දළදා දැක්මේ පැවති තවත් විශාල අඩුවක් විය.රතු බලකාය විසින් අවශ්‍ය පහසුකම් සපයනු ඇතැයි කාගේත් බලාපොරොත්තුව විය.
ජනාධිපතිවරයා දළදා දැක්ම ආරම්භ කරන්නට පෙර මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.දළදා ප්‍රදර්ශනය සඳහා දළදා මාලිගාවට යන සම්පුර්න වියදම රජය විසින් ගෙවන බවට ජනාධිපතිවරයා එහිදීම පවසන්නේ ය.
ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් දමන ලෙසට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.නමුත් දළදා මාලිගා පරිශ්‍රය තුළ මේ සඳහා වන සියලුම කාර්යයන් සඳහා වියදම දළදා මාලිගාව විසින් දරන බැවින් රජයේ මුදල් අවශ්‍ය නොවන බවත් ඒ මුදල්ද මහජනතාවට පහසුකම් ලබාදීමට යොදවන ලෙස දියවඩන නිලමේ වරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
දළදා මාලිගාව පරිශ්‍රය තුළට පැමිණෙන සෑම කෙනෙක්ම දළදා වහන්සේ වන්දනා මානකිරීමට ඉඩ ප්‍රස්තා සලසන බව දියවඩනවරයා විසින් තවදුරටත් ජනාධිපතිවරයාට සහතික විය.
මාලිගා පරිශ්‍රයෙන් එපිට පෝළිම් සැදීම, දන්සල් දීම, පානීය ජලය සැපයීම,ජංගම වැසිකිලි පහසුකම් සැපයීම හා ජනතාවගේ ආරක්ෂාව සැපයීම යන සියල්ලම රජය විසින් එහිදී කතාබහ කරගැනිනි.
ඒ අනුව බෞද්ධ කටයුතුයි දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අනුව දළදා මාලිගාවෙන් දළදා ප්‍රදර්ශනය සඳහා රුපියල් මිලියන 86 ආසන්න මුදලක් වියදම් කර තිබුණේය.
දළදා මාලිගා පරිශ්‍රයේ සියලු වගකීම් මහනායක හිමිවරුනුත් ඇතුළු දියවඩන නිලමේවරයා භාරගත්තේය.
මාලිගා පරිශ්‍රයෙන් එපිට කටයුතු සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කෙරිණි.
එම මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස නිල බලයෙන් පත් වූයේ මහනුවර මහ දිසාපතිවරයාය. ඊට පළාත් ආණ්ඩුකාරවරයා ,පළාත් ලේකම්වරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින්ද අනුයුක්ත විය. මෙම කමිටුව දිනපතා සාකච්ඡා පවත්වමින් ඉදිරි වැඩපිළිවෙල තීරණය කළේ ඔවුන් විසිනි. VVIP පෝලිම් ගැන මුලින්ම චෝදනාව ආවේ ද ඔවුන්ගෙනි. ඔවුන්ගේ උත්සාහය වූයේ මේ ගැන හොර රහසේ මහනායක හිමිවරුන්ටත් දියවඩන නිලමෙවරයාටත් හොර රහසේ ආණ්ඩුවෙ ඉහල පත්තු කිරීමය.
ආන්ඩුවේ හිතවතුන් හා පවුලේ අයවලුන් වෙනම පෝලිම් වලින් ඇතුලත් කර ගැනීමද ජනතාව මේ සමග කතාබහට ලක් කරන්නට විය.

අප්‍රේල් 18 වන දා ආරම්භ වීමට නියමිතවූ දළදා දැක්මට අප්‍ර්ල්15 වන දා සවස් වරුවේ සිටම වීදි වලට ජනතාව රැස්වන්නට වූයේ රජය විසින් දැඩි ප්‍රචාරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරවූ නිසාය.රටේම ජනතාවට දළදා වඳින්නට එන්නයි රජයෙන් කල ප්‍රචාරණය නිසා එය දේශපාලන මුහුණුවරක්ද ගත්තේය.
අප්‍රේල් 18 වෙනිදා දළදා දැක්ම ආරම්භ වන්නේ දහවල් දොළහට මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් සමඟ දියවඩන නිලමේවරයා උඩුමහලේ දළදා කරඬුව අසලට ගොස් විහාර දෙකේ කාරක සංඝ සභාවල හාමුදුරුවරුන් සමග දළදා කරඬුවට මෙතෙක් පැවති චාරිත්‍ර සිරිත් විරිත් අනුව කරඬුවේ ඇති රන්මාල පිළිවෙලකට මහා කරඬුවෙන් ඉවත් කරන්නේ ඉන්වෙන්ට්‍රිය පරීක්ෂා කර බලමින් ඉතා පිළිවලට පරිස්සමින්ය. එදා රජකම් කළ රජවරුන් පූජා කරන ලද රන් මාල ඇතුළු සියල්ල ඉන්වෙන්ට්‍රි ගතකර ඇති බැවින් පැවති ක්‍රමවේදයට අනුව දළදා කරඬුව විවෘත කිරීම සිදුවන්නේය.
පළවෙනි කරඬුව දියවඩන නිලමේගේ භාරයේ ඇති යතුරෙන් විවෘත කරන්නේය. දෙවෙනි කරඬුව අස්ගිරි මහනායක හිමියන්ගේ යතුරෙන්ද ,තුන්වෙනි කරඬුව මල්වතු මහනාහිමියන්ගේ යතුරෙන්ද විවෘත කරන්නේය.මුල් කරඬු තුන විවෘත කළ පසුව
ඉතිරි කරඬු හතරම තියෙන්නේ ඒවායේ ඇති අගුළු ඉවත් කිරීමටය.
අවසානයට දළදා වහන්සේ වැඩ සිටින්නේ හේමමාලා කරඬුවේය.
දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදා වහන්සේ මෙරටට වැඩම කරවූ කරඬුව හේමමාලා කරඬුව ලෙස ප්‍රකටය.
අප්‍රේල් 18 වෙනිදා දොළහට මෙම කාර්ය සඳහා ඇරැඹි චාරිත්‍ර වාරිත්‍ර පැය දෙකහමාරක් පමණ පැවතුණේය.
එදින ජනාධිපතිවරයාද දළදා මාලිගාවට දහවල් එකහමාරට පමණ පැමින දියවඩන නිලමෙවරයාගේ නිල කාමරයට වී සිටි අතර ඔහුද දළදා වහන්සේ වන්දනා කිරීමට දිය වඩන නිලමෙවරයාගෙන් පණිවිඩයක් එනතෙක් පැයක පමණ කාලයක් රැඳීසිටියේය.
නමුත් පිටත රැඳී සිටි පිරිස සිතුවේ මෙම කාලසීමාව ගෙවුනේ VVIP පෝලිම්වල සිටින අයට වන්දන්නට වෙන්කර ඇති බවය.
ඔවුන් කිසිවෙකු දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න උඩුමහලේ සිදුවන චාරිත්‍ර වාරිත්‍ර ගැන නොදැන සිටි නිසා එවැනි කතාවක්ද සමාජගත විය .
ඒ වන විට දියවඩන නිලමේවරයාගේ කාර්යාලයේ ජනාධිපතිවරයාත්, .කෘෂිකර්ම ඇමති කේ.ඩි ලාල්කාන්ත අමාත්‍යවරයාත්,බුද්ධ ශාසන ඇමති සුනිල් සෙනවි,බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයත් රැඳී සිටි අතර ඊට යාබද කාමරයේ ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු වන මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් වරයාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරල්වරයාත් ,මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාත් රැඳී සිටියහ. තානාපතිවරු තිස්හත්දෙනෙකුත් ,විදෙස් දූත මණ්ඩලවල පිරිසකුත් ජනාධිපතිවරයාගේ ආරාධනයකින් දළදා මාලිගාවට පැමිණ වෙනම ස්ථානයක රඳවා සිටියහ.

එක් ලක්ෂ පනස්දහසකට සිටිය හැකි මහනුවරට තුන් ලක්ෂ පනස්දාහක් ඇවිල්ලා

දෙවෙනි දිනයේදීත් විශාල ජනකායක් මහනුවරට පැමිණ සිටියහ.මහනුවර මූලික නගරයේ (Grid City)රැඳී සිටිය හැක්කේ එක් ලක්ෂ පනස්දහසක පමණ පිරිසකටය.නගරය තුළ ඒ වන විටත් තුන් ලක්‍ෂ පනස්දහසක පමණ ජනතාවක් රැඳීී සිටියහ.
අර්බුදය පටන් පටන්ගන්නේ එතනින් ය.රාජ්‍ය යන්ත්‍රණය මගින් ප්‍රචාරණ වැඩපිළිවෙළ රට පුරාම කර තිබුණද මෙවන් පිරිසක් පැමිණි අවස්ථාවක වැසිකිලි ,කැසිකිලි පහසුකම් හා අනෙකුත් පහසුකම් සැපයීමේ වගකීම සපුරා නොතිබුණි.
අප්‍රේල් 18 වෙනිදා සිටම පෝලිම්වල රාත්‍රියට නවතින 35000 කට දළදා මාලිගාවෙන් කෑම සපයා දීමට කටයුතු යොදා තිබුණි. රජවිදියේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ද නොඩුව සපයා තිබූ බව නිරීක්ෂණය විය. .ප්‍රධාන මෙහෙයුම් කමිටුව මගින් මෙහි පැමිණෙන පිරිස් සඳහා දන්සැල් සූදානම් කිරීමට ඔවුන්ට පැවරී තිබූ වගකීම නිසියාකාරව ඉටු කිරීමට අපොහොසත් වීම නිසා මුල් දිනයේ මහත් ගැටලුවක් පැන නැගුනේය.අවසානයේ දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා අමතා තත්ත්වය දැනුම් දී යුද හමුදාපතිවරයාටත් දැනුම් දීමෙන් පසුව යුද හමුදාවෙන් කෑම පාර්සල් 15000ක් පළමු දිනේම රාත්‍රී 11.30 පමණ වන විට අඩුපාඩුවු පිරිසට ලබාදීමට කටයුතු කළේය. ඒ සඳහා හමුදා නිලධාරීන් විශාල වෙහෙස මහන්සියක් ගත් බව පෙනෙන්නට විය.

ප්‍රධාන මෙහෙයුම් කමිටුව අනාගත් සැලසුම්

මාලිගා පරිශ්‍රයෙන් පිටත සියලු කටයුතු භාරගත් මෙහෙයුම් කමිටුව මේ සම්බන්ධව මනා අත්දැකීම් නොමැති වීමත්,මෙවැනි තත්ත්වයක් කළමනාකරණය කිරීමට හැකියාවන් නොතිබීමත් නිසා තත්ත්වය එන්න එන්න දරුණු විය.ඔවුන්ට මේ සඳහා නිසි සැලසුමක් හා අවබෝධයක් නොවූයෙන් මෙම තත්ත්වය උද්ගත විය.
සාකච්ඡාවට කීපයකදී මූලික වශයෙන් මේ ගැන අවධානය යොමු කළද එය ප්‍රායෝගිකව ඉටු කර ගැනීමට නොහැකිවීම මෙහි වූ බරපතළ කාරණා විය.
දළදා දැක්ම ආරම්භ වී දවස් කීපයකට පසුව ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ලේකම්වරයාට කරන ලද යෝජනාවක් අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් පෝලිම්වල සිටින මහජනතාව වෙත ආහාරපාන ලබාදීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී. එය තරමක් සාර්ථක බව බොහෝදෙනාගේ අදහස විය.

ජනපතිගේ තීරණය මල්වතු,අස්ගිරි මහානාහිමිවරුන් හකුලා ගත් හැටි

සංවිධාන කටයුතුවල දැඩි ව්‍යාකූල බවක් තිබුණද ජනාධිපතිවරයාට දළදා දැක්ම තවදුරටත් දීර්ඝ කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක්ද පැවතිණි.
ඒ වනතෙක් දළදා දැක්ම සූදානම් කර තිබුණේ අප්‍රේල් 18 වෙනිදා සිට අප්‍රේල් 27 වනදා දක්වා පමණි.
27 වෙනිදායින් පසුවත් තවත් දින 03ක් දක්වා දීර්ඝ කර ගැනීම රජයේ අවශ්‍යතාවය විය.
නමුත් මෙහි පැමිණෙන ජනතාවට පහසුකම් සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණයට නොහැකි වීම නිසාත් පවතින තත්ත්වය යටතේ සංවිධායකයන් සහ දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය අධික වෙහෙසට පත්ව සිටීමත් සලකා මහනායක දෙනම හා දියවඩන නිලමේ වරයා විසින් අප්‍රේල් 25 උදෑසන හමුවි සාකච්ඡා කර නැවත දළදා ප්‍රදර්ශනය දීර්ඝ නොකිරීමට තීරණය කළහ.
ඒ අනුව අප්‍රේල් 27 වැනි දා දළදා ප්‍රදර්ශනය අවසන් කරන බවට වූ දියවඩන නිලමේවරයාගේ ප්‍රකාශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.
නමුත් දළදා ප්‍රදර්ශනය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා අත්හැරීමට අකමැති විය. ඒ නිසාම ජනාධිපතිවරයා පුද්ගලිකවම මහනායක දෙනම අමතා මේ සම්බන්ධව ඉල්ලීම්ද ඉදිරිපත් කර තිබිණි.
නමුදු මහනායක දෙනම හා දියවඩන නිලමේවරයා 25 වැනිදා උදෑසන එක්වී ගත් ඒකාබද්ධ තීරණය වෙනස් නොකිරීමට මහා නායක හිමිවරුන් තීරණය කළහ.
එදිනම රාත්‍රියේ(25) ජනාධිපතිවරයා කඩ්නමින් මහනුවරට පැමිණ ජනතාව සමගින් අඩුපාඩු සාකච්ඡා කර එදින රාත්‍රියේම මහනුවර ජනාධිපති මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.
පසුදින ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් මුණ ගැසී තිබුණද, දළදා දැක්ම දීර්ඝ කිරීමට කළ ඉල්ලීම එහිදීත් ඉටු නොවීය.දළදා දැක්ම දීර්ඝ කරගන්නටවු ජනාධිපතිවරයාගේ උත්සාහය අසාර්ථක වීම පසු ඔහු නැවත පෙරළා කොළඹ බලා පිටත් වූයේ ය.

දළදා වන්දනාව සඳහා පැමිණි සෑම කෙනෙකුම දළදා වන්දනා කර යායුතු බවට වු තීරණයක්ද ජනාධිපතිවරයා ගෙන තිබිණි.
සෑම දළදා ප්‍රදර්ශනයකදීම අවසන් වරට පැමිණි පිරිසට දළදා වඳින්නට නොහැකීම සාමාන්‍යයක් වුවද ජනාධිපතිවරයා දැඩි තීරණයක සිටියේ සියලු දෙනා වන්දනා කළ යුතු බවය.

දළදා ප්‍රදර්ශනයට සතියකට පෙර ඩී.අයි.ජි ත් හදිසීයේ මාරුකරයි


දිනපතා දළදා වන්දනාවට එන ජනතාව ගණනය කරන්නට දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන්නට පෙර අලුතින් පත්ව ආ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ අප්‍රේල් 18 සවස 3.00 සිට හවස 5.30 දක්වාත්,අනිත් දවස්වල දවල් 12.00 සිට හවස 5.30 දක්වාත් පැවැත්වෙන බවටය .
දළදා ප්‍රදර්ශනය ආරම්භ කළ දවස් තුනකට පසුව මෙය උදෑසන 11 .00 සිට හවස 5.30 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරිණි. දළදා වන්දනා කිරීම දිනකට 56000 කට පමණක් හැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබුණේ පෙර වර්ෂ වල දිනකට වන්දනාමාන කළ ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යා ද නොතකමින් බව පෙනෙන්නට විය. දළදා දැක්ම පැවැත්වෙන්නට සතියකට පෙර පත් වූ මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිදුවෙන සංවිධාන කටයුතු නිවැරදිව ගලපා ගැනීමට නොහැකි වී තිබුණි.
මෙතෙක් පැවති රජයන් මෙවැනි භාරදූර කාර්යයක් පැවතිය දී මහනුවර ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් පත්කරන හදිසියේ මාරු කිරීම සිදු නොකරන්නේය.


නමුත් වත්මන් ආණ්ඩුව එක්වරම මහනුවර නියෝජ්‍ය පොලිස්පතිව සිටි මහින්ද දිසානායකව හදිස්සියේම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබුණේ වැඩ බලන පොලිස්පතිවරයාද මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද අසරණ කරමින්ය. ඒ වෙනුවට නියෝජ්‍ය පොලිස්පති සුදත් අස්මඬල පත්කළේය.


දළදා වන්දනාවට එන පිරිස ගණනය කිරීමට කණ්ඩායම් 3ක් ඒ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබුණි.
දළදා මාලිගාවට වෙනත් දවස්වල ඇතුල්වන පිරිස දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම් වල ඇති යන්ත්‍ර මගින් ගණනය කර තිබුණි. නමුදුදළදා ප්‍රදර්ශනය සඳහා එකවර විශාල ප්‍රමාණයක් ඇතුල්වන නිසා එය ගණනය කිරීම එම යන්ත්‍රවලට සංකීර්ණ විය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් කඩිනමින් මේ සඳහා විශේෂ කණ්ඩායමක් මෙහෙයුම් කමිටුව මගින් පත් කළ අතර ඒ සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ කණ්ඩායමක් පත් කළේය.
දෙවෙනි කණ්ඩායම යුද හමුදාව විසින් පත් කලේය.හමුදාව විසින් ගණනය කර දිනපතා වන්දනාමාන කළ පිරිස ප්‍රකාශයට පත් කරන්නට විය.අනිත් කණ්ඩායම භාරව සිටියේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යටතේය.
මෙම කණ්ඩායම් තුනෙන් ආසන්නතම වශයෙන් හරියාකාරව ගනන් කිරීම සිදු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය‍ පොලිස්පති ලලිත් පතිනායකගේ යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම විසිනි.


මෙම පොලිස් කණ්ඩායම විසින් ලබා දෙන දත්ත මුල් අවස්ථාවේදී ආණ්ඩුකාරවරයා හෝ දිස්ත්‍රික් ලේකම්වරයා ගණන් නොගත්තේය. ඔවුන් පොලිසිය දැඩි දෝෂ දර්ශනයට ලක් කලේ මේ ගණන් හිලව් නිවරුදි නොවන බව පෙන්වා දෙමින්ය.
රතු බෝක්කුව ලඟින් ආරම්භ වී ක්වින්ස් හෝටලය ආසන්නයට පැමිණ එතන ගුවන් පාලම උඩින් මහමළුවට ඇතුළු වන තැන පලමු පෝලිම ලෙසත්,වැවරවුම ජොයි බෝට්ටු සේවය ළඟින් වැව රවුම දිගේ පැමිණ ක්වින්ස් හෝටලය ඉදිරියෙන් මහ මළුවට ඇතුළු විම දෙවැනි පෝලිම ලෙස ගණන් ගත්තේය.තුන්වෙනි පෝලිම තිබුණේ ඩී එස් සේනානායක වීදියේ ඩී.එෆ්.සී.සී බැංකුවේ වතුර මල ඇති පෙදෙසෙන් මහමළුවට ඇතුළු වීමටයි.මේ පෝලිම් තුනම මහ මළුවට ඇතුල්වීමට පෙර අවසාන පරීක්ෂාව සිදුවන කුටි තුනෙන් මහමළුවට ඇතුළු වන ප්‍රමාණය ගණනය කිරීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය.එමෙන්මඅවසාන පරීක්ෂණ කුටි තුනේදී හරියාකාරව ඇතුළුවන ප්‍රමාණය ගණනය වි
සෑම දිනකම හවස 5ට මහමළුව සම්පූර්ණයෙන් වසා දමා ජනතාවට ඇතුළු වීමට අවකාශ නොදුන්නේය. එදින මහමළුවට ඇතුල්වීමට නොහැකි වූ පිරිසට රාත්‍රිය ගෙවන්නට සිදුවන්නේ දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටතදීය.
පෝලිම් තුනෙන් පරීක්ෂාවට ලක් කර මහමළුවට ඇතුළු වන සෑම බැතිමතෙකුටම දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට හැකිවන අයුරින් කටයුතු යොදා තිබිණි.


පොලිසිය තම ගණනය කිරීම් නිසියාකාරවම කරද්දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පත් කරන ලද පිරිස කරන ලද ගනනය කිරිම් හාත්පසින්ම වෙනස් විය.ආන්ඩුකාරවරයාට ඉංජිනේරු සභාව දුන් වාර්තා පිළිගනිමින් පොලිසියේ වාර්තා ප්‍රතික්ෂේප කරන්නට ද විය.එයින් සිදුවුයේ දළදා දැක්මට පැමිණෙන ජනකාය හරිහැටි ගණනය කර ඊට පහසුකම් සපයා ගැනීමට නොහැකි වීමය. මුල් දින තුනේදි යුද හමුදාවේත් ගනනය කිරිම නිසි අයුරෙන් නොවිය. නමුදු සිව්වැනි දවස වනවිට යුද හමුදාව කරන ලද ගණනය කිරීම් පොලිසියේ ගණනය කිරීම් වලට ආසන්නයටම පැමිණියේය
ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව සිටියේ ඊට හාත්පසින්ම අඩු සංඛ්‍යා තුළය.
යුද හමුදාව හා පොලිසිය අතර ගණනය කිරීම්වලදි ආ වෙනස දෙදහසක පමණ පරතරයක් තිබුණද ඉංජිනේරු සභාවේ ගණනය කිරීම් ඊට වඩා විසි දහසකින් පමණ අඩු විය.
වන්දනාමාන කිරීමට එන ජනතාවගේ සපත්තු,සෙරෙප්පු, බෑග්,ගමන් මලු ඇතුළු සියල්ලම බාරගත්තේ ද පොලිසිය නිසා පොලිසියෙන් සිදුවන සංගණනය හරියට සිදුවිය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පේරාදෙනි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීටාධිපතිවරයා වූ අතර පසුව එහි උපකුලපතිත්වය දැරූ වෘත්තියෙන් වරලත් ඉංජිනේරුවරයෙකි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර දියවඩන නිලමේට අඳි

දළදා මාලිගාවේ දළදා ප්‍රදර්ශනය ගැන නිවේදනය කිරීමේ මෙතෙක් පැවති සම්ප්‍රදාය බිඳ දමමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ගමන් මගේම ගමන් කල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාත් මේ අතරේ තවත් දළදා දැක්මක් ගැන ප්‍රචාරණය කරන්නට විය.
දළදා දැක්ම වෙනුවෙන් ජනාධිපතිවරයා පත්කළ කමිටුව මගින් සෑම වසරකටම වරක් දළදා දැක්මක් පැවැත්වීමට මහනායක දෙනමට හා දියවඩන නිලමේට නිර්දේශ කරන බවට ඔහු ප්‍රකාශ කළේය.
පලපුරුද්ද හා දළදා වහන්සේ පිළිබඳ චාරිත්‍ර වාරිත්‍ර නොදත් නිසා ඔවුන් එවැනි ප්‍රකාශ නිකුත් කරමින් ජනතාවට වැරදි මතයක් දෙන්නට විය.
මේ මතය සමාජයේ විසින් දැඩිව විවේචනය කළ අතර ආණ්ඩුකාරවරයා ළඟ වෙනත් දළදා වහන්සේ නමක් ඇත්දැයි සමාජ මාධ්‍ය තුළින් ප්‍රශ්න කරන්නට විය.
මේ තත්ත්වයෙහි බැරෑරුම්කම තේරුම් ගත් මල්වතු අස්ගිරි විහාර දෙක දළදා දැක්මක් පවත්වන්නේ වසර 05කට සැරයක් යැයි විවිධ මාධ්‍ය සාකච්ඡාවල ප්‍රකාශ කිරීමටද සිදුවිය.

යුද ගැටුම් මැද රාජපක්ෂලා කළ දළදා දැක්ම

2009 දි දළදා දැක්ම පැවැත්වූයේ එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙනි.ඒ මොහොතේ යුද ජයග්‍රහණ මැදින් ත්‍රස්තවාදය අවසන් කිරීමේ අවසන් අදියර කරා ත්‍රිවිධ හමුදාව ඉදිරියටම රැගෙන එමින් තිබූ අවස්ථාව බැවින් ,රටේම ජනතාවගේ මානසිකත්වය ඉහළ නැංවීමට දළදා ප්‍රදර්ශනයක් පැවත්වීමට ඇති අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය.
රටේම ජනතාවගේ මානසිකත්වය ඉහල නැංවීමට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමේ අවශ්‍යතාවය දියවඩන නිලමේවරයාට පෙන්වා දීමෙන් පසු ඔහු ඒ සඳහා ජනාධිපතිවරයාට මහනායක හිමිවරුන් හමුවී සාකච්ඡා කරන ලෙස දන්වන ලදී.
ඒ අනුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි පැමිණ මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කර අවසානයේ දළදා දැක්මකට අවසර ලැබිණි.
රටේම යුද්ධ ගිනි ඇවිලි යන මොහොතක මෙවන් දළදා දැක්මකට ආරක්ෂාව සපයා දෙන්නේ කෙසේද යන්න එතනදී පැන නැගුණු ගැටලුව විය.මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, කොටින්ගේ ගුවන්යානා වලින් එල්ලවන ප්‍රහාර ඇතුළු ප්‍රහාර දියත් වන මොහොතක මෙම අභියෝගය භාරගත් ආරක්ෂක ලේකම්වරයා සියලු වගකීම තමා අතට ගත්තේය.
නාගරික සංවර්ධන අධිකාරිය හා මහනුවර නගර සභාව ඒකාබද්ධ කරමින් මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කළේය.කුණු ප්‍රශ්නය ජංගම වැසිකිළි ,පානීය ජල පහසුකම් සපයන ආකාරයද එහිදී වෙන වෙනම පැවරුණේය.
ලංකාව පුරා ජංගම වැසිකිලි සේවා සපයන ආයතන හා කතා කර එම පහසුකම් ලබා ගැනීමටත් පුද්ගලික ආයතන මගින් දන්සැල් පැවැත්වීමටත් මනා සැලසුමක් ඇති වැඩපිළිවෙළක් එදා සකස් කරන්නට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කළේය.පොලිසිය හා ත්‍රිවිධ හමුදාව දළදා මාලිගාවේ ආරක්ෂක කටයුතු භාරවද යෙදවූයේ යුධ ගැටුම් පවතින සමයකය.
යුද ගැටුම් පැවතියද දළදා ප්‍රදර්ශනය සාමකාමීව සැලසුම් සහගතව පවත්වාගෙන ගිය නිසා තවත් දින 03කට දීර්ඝ කිරීමට ද තීරණය කෙරිනි.
මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගේ අනුමැතිය ද ඊට ලැබිණි.
නමුත් එය දීර්ඝ කිරීමට නොහැකිවුයේ අවසන් දිනයේ දී වයර් කෑලි සඟවාගෙන ආ පුද්ගලයෙකු ආරක්ෂක අංශවලට හසු වීමත් සමගය.
යුද්ධය අවසන් කිරීම උදෙසා පැවති දළදා ප්‍රදර්ශනය නිසි දිනට පවත්වන්නට හැකි වූ අතර අවසානයේ තීරණය කළ දින තුන හදිසියේම දීර්ඝ නොකිරීම නිසා එහිපැමිනි ලක්ෂ එක හමාරකට පමණ දළදා වන්දනාවට ඉඩ නොවීය.
එල්ටීටීය ඉබාගාතේ මරාගෙන මැරෙමින් රටම ව්‍යාකූල කරන්නට සූදානම් වූ අවසන් සටනේ ඇති බැරෑරුම්කම දැන දැනත් ආරක්ෂක අංශවල සහයෙන් මහජනතාවටට එදා දළදා වන්දවන්නට හැකි වූයේ එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා මුල් වි රාජ්‍ය නිලධාරීන්ගෙන් නිසි පරිදි සේවය ලබාගත් නිසාය.
ජනතාවට අවශ්‍ය පහසුකම් සියල්ල උපරිමයෙන්ම ලබාදීමද මෙහිදී දැකගත හැකි සුවිශේෂි කාරණාවක් විය.
එදා යුද ගැටුම් මධ්‍යයේ දළදා දැක්ම පැවැත්වීමත් මෙදා සාමය උදෙසා දළදා දැක්ම පැවැත්වීමත් අතර වූ වෙනස සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක් විය.වත්මන් රජය නිසි සැලසුමකට අනුව දළදා දැක්ම පැවැත්තුවා නම් මෙම දළදා දැක්ම ගැන කතාබහක් ඇති වන්නේද නැත.
2023 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් පවත්වන්නට බැරි වූ දළදා දැක්ම රනිල්ගේම ළඟම සගයා වූ මලික් සමරවික්‍රම මාර්ගයෙන් කරගන්නට හැකි වුවද එහි ලකුණු දමා ගැනීමට වත්මන් ජනාධිපතිවරයාට නොහැකිවීම කණගාටුවට කරුණක් විය.

*ජනපති රනිල්ට දළදා දැක්මට ඉඩ නොලැබීමට එලියට ආපු නැති හේතු

එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දළදා දැක්මකට සූදානම් වුවද එයට අවකාශ නොලැබුණ තවත් හේතුවක් වූයේ ඒ සඳහා ආරාධනා කිරීමට අගමැති දිනේෂ් ගුනවර්ධන යැවීමය.
රටේ දළදා දැක්මක් සඳහා මහනායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට සැමවිටම පැමිණිය යුත්තේ රාජ්‍ය නායකයාය. එය පැවති සම්ප්‍රදාය විය.ව්‍යවස්ථාවෙත් රාජ්‍යනායකයාට පැවරී ඇති කාර්යභාරයන් සඳහන්ව ඇති අයුරින් එය අගමැතිවරයාට කළ නොහැක්කක් විය .
නිදහස් උත්සවයට සමගාමීව මෙම දළදා දැක්ම පැවැත්වීමට එවකට ජනාධිපතිවරයාවු රනිල් වික්‍රමසිංහ ගත් උත්සාහය විය .එතෙක් පැවති සම්ප්‍රදාය බිඳිමින් ඔහුගේ රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමතිවරයා විසින් නිදහස් උත්සහයට දළදා දැක්මක් සූදානම් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණ ජනතාවට දැනුම් දුන්නේය.දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය එදා එම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයාද ඉටු කළේ සම්ප්‍රදායන් බිඳිමිනි.
එයද දළදා දැක්ම පැවැත්වීමට ඉඩ නොලැබීමට එක් හේතුවක් විය.
මේ සියලු කාරණා හරි හැටි දැනගත් ජනාධිපති අනුර කුමාර දිසානායක රනිල් ගේම සගයාවෝ මලික් සමරවික්‍රම ඉදිරියට දමාගෙන නිසි අයුරින් කටයුතු කළද ඔහුට වැරදුනේ රතු බලකාය හෝ ඉදිරියට නොපැමිණීම නිසාය.

 

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts